part 88

884 126 59
                                    

මාස හයකට පසූ..

ටේහියුන්, පුංචි දරුවා  ,ජන්ග්කුක් සහ සරෝජාඅම්මා අලුත් ගෙදරට ඇවිත් දැන් මාස හයක කාලයක් ගෙවුනා... මේ වෙනකොට ජිමින්ටත් දරුවා ලැබෙන්න දින ලන් ලන්ව තිබුනා..


" ටේහියුන් ... ලමයා නැගිටි අනෙ... "

ටේහියුන් ගෙ වැඩේම නිදගෙන ඉන්න දරුවාව ඇහැරවන එක... පුංචි දරුවව නිදි කරවන්න හරි අමාරුයි... ජන්ග්කුක් බොහොම අමාරුවෙන් තමා දරුවාව නිදි කරවන්නෙත්... එත් ටේහියුන් එක විනාඩියෙන් දරුවාව ඇහැරවද්දී... ජන්ග්කුක් ට කාලි ආවේස වෙනවා...


" ටේහියුන් ඔය ලමයාට ඉන්ඩ දෙන්න අප්පා....ඇහැරුනාම තමුසේ ද මේ වැඩ ටික කරන්නෙ ආ "

ජන්ග්කුක් කැගැහන වාරයක් ගානෙ නිදාගෙන ඉන්න දරුවා ගැස්සුනත්...ටේහියුන් දරුවාට හාදු තියමින් තට්ටම් වලට හිමින් තට්ටු කරා...

" මන් ඇවිත් උබෙ කට කඩන්න කලින් කටවහපන්! මගෙ පැටියා දොයි "

" අනෙ තොගෙ.... හරි හරි රෙද්ද!! "

කෙන්තියෙන්  කැගහන්න කටට වචන ආවත්  ජන්ග්කුක් ආයෙම ගිලගත්තෙ ටේහියුන් ගෙ නපුරු බැල්ම නිසාමයි....

ටේහියුන් ට බනින්න බැරිකමට ගස්සගෙන කාමරෙන් එලියට ගිය ජන්ග්කුක් උයන්න පටන් ගත්තා.... සරෝජාඅම්මා දැන්  හොටෙල් එකෙ වැඩ බලනවා... ජන්ග්කුක් ඒ වැඩ වලටත් දැන් උදව් කරන්නෙ ගොඩක් ආසාවෙන්....

ජන්ග්කුක් හැමදේම හරියට බැලන්ස් කරගත්තා උනත්...ජන්ග්කුක් ට බැරි උනා ටේහියුන් එක්ක ඉන්න වෙලාවක් හදාගන්න....

උදේ පාන්දර නැගිටින ජන්ග්කුක් ගෙ වැඩ ඉවර වෙන්නෙ මහා රෑට.... ටේහියුන් සහ ජන්ග්කුක් අතර පොඩි දුරස් බාවයක් ඇති නොවුනාමත් නෙවෙ....එත් ටේහියුන් හැමවෙලාවෙම ජන්ග්කුක් ව තේරුම් ගත්තා...ඒ නිසාමයි මේ බැදිම මේතරම් ශක්තිමත් උනෙ!...ජන්ග්කුක් ට ටේහියුන් ව මගහැරෙන හැමවෙලාවෙම..ටේහියුන් මගනොහැර ඉන්න වගබලාගත්තා....

මොකද දරුවා ගෙ වැඩ , හොටෙල් එක වැඩ , ගෙදර වැඩ එක්ක ජන්ග්කුක් ට තමන් ගැනවත් හිතන්න වෙලාවක් තිබ්බෙ නැ.... ටේහියුන් කොච්චර කිව්වත් වැඩ කෙනෙක් ගමූ කියලා... එත් ජන්ග්කුක්ට ඕන උනෙ ගෙදර හැම වැඩක් එයාගෙ අතින් වෙනවා දකින්න කොච්චර අමාරු උනත්!

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now