Part 15

1.1K 154 43
                                    

ටේහියුන් බැනලා ගියාට පස්සෙ ජන්ග්කුක් ඇඩුවා එත් හිතෙ තිබ්බ සතුටට....ටේහියුන් අවසානෙට කිව්ව වචන ටිකට ජන්ග්කුක්ගෙ හැම වේදනාවක් ම නැති වෙලා ගියා කියලා දැනුනා....

හු####න!!.... මොකද්ද පරයෝ උබට වෙලා තියෙන්නෙ "

හිතෙ සතුට වැඩිකමටම ද මන්දා ජන්ග්කුක් අත දිගැරලම යුන්ගී ගෙ පිටට ගහද්දී....යුන්ගී රිදුන පිටත් අතින් අල්ලගෙන කැගැහුවා....

ජන්ග්කුක් ගෙ නිහඩ චරිතය අස්සෙ හැංගිලා හිටිය දගකාර චරිතය ටේහියුන් නිසා එලියට එන්න පටන් අරන් තිබුණා....මිනිස්සු ආදරය නිසා වෙනස් වෙනවා හොද විදිහට වගෙම නරක විදිහටත්...ඉතින්  ටේහියුන් , ජන්ග්කුක් හිටිය මානසිකතවය දැන හෝ නොදැන කලේ ජන්ග්කුක් සැනසීමක් ලබා දුන්න එක.


" මෙච්චර වෙලා අඩන්න ඔන්න මෙන්න හිටිය එකා....ඔලුව රිදෙනවා කියලා කෙදිරීගෑව එකා ... මොකද මෙ තරම් සතුටින් ඉන්නෙ "

හිනාවෙවි තමන්ගෙ කොණ්ඩය හදන ජන්ග්කුක් දිහා බලාගෙන යුන්ගී එහෙම ඇහුවත් යුන්ගී ඇස් නතර උනෙ ජන්ග්කුක් රතු පාටට හැරිලා තිබුණ කම්මුලෙ...

" අඩෝ...කවුද උබට තඩිබෑවෙ.... "

" විකාරද....අහකට පලයන් ! "

ජන්ග්කුක් ලැස්ති උනෙ ගෙදර යන්න
යුන්ගී සැකයක් නොහිතෙන විදිහට මගහැරලා .



***

" හරි ලස්සන කෙල්ල....බලන්නකො පුතා මෙ... හනෙ කොණ්ඩෙත් දිගට තියෙනවා...අහිංසක  දැරිවියක්..."

" අනෙ අම්මෙ ඕක  නතර කරන්න....ඔයා සූසී ගැනත් ඔහොම තමා කිව්වෙ"

"මෙවා උබලගෙ කරුම...අරකී කරුමෙට ආව එකීයක්...!! '

ජන්ග්කුක් ගෙදර ආව විතරයි සැනසිම හොරු අරන් ගිහින් තිබුණා....ආයෙම ...ආයෙම අම්මා ගැහැනු ලමයෙක් ගැන කියවන්න පටන් ගද්දී...ජන්ග්කුක්ගෙ ලෙඩෙ තවත් වැඩි වෙන්න පටන් ගත්තා .

රෑ දහයත් පහුවෙලා තිබුණත් ...මෙ ගෙදර මිනිස්සුට නින්ද අහලකින්වත් තිබුණෙ නෑ ...උන් කලේම ජන්ග්කුක් ඔලුවට වෙන ගැනු ලමයෙක් ගැන හිතන්න කියලා විසබිජ දැම්ම එක....සමහවිට.... කෙනෙක් බලෙන් ආදරේ කරන්න බැ   වගෙම බලෙන් ආදරෙ දෙන්න බැරි බව උන්දලා දන්නෙ නැතිව ඇති.

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now