Part 76

793 120 139
                                    



" අක්කෙ.... දරුවා ව ගන්නකෝ... හයියෝ වැලි කනවා ඕයි!! "

" ශිකෙ.... මොනාද අප්පෙ ඔය කටේ.... කෙල්ලෙ වතුර එකක් වරේන්... "

" ඊයා අම්මෙ... මේකි බත් කනවා වගෙ වැලි කාලා... මට වමනෙට දැක්කම... "

" උබලා ට  තේරෙන්නැ ...දරුවෝ බලාගන්න... පොඩි දරුවෙක්ගෙන් ඇස් අහකට ගන්ඩ හොද නැ කියන්න ඕක නිසා තමා ... උපරිම  විනාඩියක් ඇති වැරදෙන්න... ඒකයි හැමතිස්සෙම දරුවන් ගැන අවදානයෙන් ඉන්ඩ කියන්නෙ..

හා හා අහකට යමන් දරුවාට සැර නොකර... ඔන්න අඩනවා.... ටේහියුන් මෙ දරුවාව වඩාගනින්... "


මන් බලාන හිටියේ සරෝජාඅම්මා අපි හැමොටම උපදෙස් දෙන හැටි.... පුංචි ශාවින්‍යා දැන් අතට අහුවෙන හැමදේම කටේ දාගන්න පුරුදු වෙලා... අම්මා කියන කතාව ඇත්ත.. පොඩි දරුවන් ගැන හැමතිස්සෙම අවදානයෙන් ඉන්න ඕන... කාට උනත් වැරදෙන්න යන්නෙ විනාඩියක් තරම් පොඩි කාලයක් නෙ....

ටේහියුන් , අක්කට බනිනවා දරුවාට සැර කරා කියලා ... සරෝජාඅම්මා  , දරුවාගෙ කට සෝදනවා... ජිමින් සහ අනෙක් යාලුවෝ හිනාවෙවි ... අඩන දරුවාව නලවන්න උත්සාහ කරනවා...
අද හැමොම මගේ ගෙදර ... මට නොදැනිම මගෙ මුවින් හුස්මක් පිට උනා....  මේක නෙද පවුලක් කියන්නෙ. රන්ඩු වෙනවා , යාලු වෙනවා , හිනාවෙනවා.... පොඩි කාලේ ඉදන් මන් ආසාවෙන් උන්නෙ මේ වගෙ පවුලකට... අම්මෙක් තාත්තෙක් හිටියාට මොකද මට ඒ දෙන්නාගෙම ආදරේ දුන්නෙ මගෙ ටේහියුන් ... මන් හරි ආඩම්බරෙන් මගෙ ටේහියුන් දිහා බැලුවා.. ඔයයි මායි විතරක් නෙවෙ... මේ හැමොම සතුටින් ඉන්න ඕන....


අද ඉදන් සරෝජාඅම්මා , අක්කායි දරුවායි , මගෙ ටේහියුන් ඉන්නෙත් මගෙ ගෙදර ... නැනෙ දැන් මගෙ කියන්න බැහැ... මේක දැන් අපේ ගෙදර ... ටේහියුන් හිටිය කලින් ගෙදර අලුතින් හදන නිසා හැමොම මෙහෙ නතර උනා...

වැඩකරන මිනිස්සු කිහිප දෙනෙක් දම්මලා මේ ගෙදර බඩු ටික අස් කරන වැඩෙ කරන්නයි හිටියේ එත්  සරෝජාඅම්මා කැමති උනෙ නැහැ....

" මොනවද කල්පනා කරන්නෙ "

මගෙ ලගට ආව ටේහියුන් .. කාටත් නොපෙනෙන්න මගෙ ඉණ මිරිකමින් .. මොනවද කල්පනා කරන්නෙ.. කියලා අහද්දී... මන් මුකුත් නොකියා ටේහියුන් කම්මුලට හාදුවක් තිබ්බා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now