Part 60

1.1K 132 136
                                    

"අම්මා කතා කරාද ටේහියුන්... "

" ම්ම්ම්ම් "

ටේහියුන් ගෙදර ට ආව ගමන්ම ජන්ග්කුක් ඇහුවේ සරෝජාඅම්මා කතා කරාද කියලා ....ටේහියුන් ආයෙම ෆෝන් එක අතට අරන් " ම්ම්ම් " කියලා  මුමුනද්දී ... ජන්ග්කුක් ඒ දිහා රවාගෙන බලන් හිටියා.

ටේහියුන් අරන් ඇවිත් තිබ්බෙ කොත්තු පාර්සලයක්... ජන්ග්කුක් වැඩිය කඩ කෑම කන්න ආස නැති උනත් ටේහියුන් නිසා මේ කැම ජාති කන්න ආස වෙලා....

ජන්ග්කුක් දෙන්නටම කෑම බෙදාද්දී.... ටේහියුන් ඇවිත් කෑම මේසෙන් ඉදගත්තා ... ජන්ග්කුක් , ටේහියුන් ලගින්ම වතුර වීදුරුවකුත් තිබ්බා... ටේහියුන් කැවෙත් කා එක්ක හරි මැසේජ් කරමින් වෙනකොට ජන්ග්කුක් ට මේක දැන් ඇති කියලා හිතුනා.... ටේහියුන් මෙහෙම ෆෝන් එකෙම එල්ලිලා ඉන්න කෙනෙක් නෙවෙ නිසා .

ජන්ග්කුක් කෑම නොකා රවාගෙන තමන් දිහා බලන් ඉන්නවා කියලා ටේහියුන් ට තේරෙද්දී....ටේහියුන් ෆෝන් එක පැත්තකින් තිබ්බා වගෙම ජන්ග්කුක් ට අවදානය දෙන්න පටන් ගත්තා...

" කොහෙද ගියෙ ඉස්සෙල්ලා
හදිස්සියේ න් වගෙ... "

" පොඩි ගමනක් "

" පොඩි ගමනක් කියන්නෙ.... මට කියන්න බැරිද "

" බෑ!! "

" බැ කියන්නෙ මොකද්ද ටේහියුන්!!

ඇයි මට කියන්න බැරි ආ...

කවුද යාලුවා ... කොහෙ යාලුවෙක්වද හදිස්සියේ ම හම්බෙන්න ගියෙ.... අනික රෑ....

අනික ඔයාට මට කියන්න බැරි දෙයක් තියෙන්න විදියක් නැනෙ ටේහියුන්! "

" ඕයි! ජන්ග්කුක් ... කන එකවත් නිදහසෙ කන්න දීපන්! "

ජන්ග්කුක් ට දැන් ලොකු උවමනාවක් තිබ්බා ටේහියුන් මේ රෑ හදිස්සියේ ම මුණගැහෙන්න ගිය යාලුවා කවුද කියන එක දැනගන්න, මොන හේතුවකට මුණගැහෙන්න ගියෙ කියලා දැනගන්න..... ඒ නිසා ම ජන්ග්කුක් ..ටේහියුන් ගෙන් අහද්දී කොහෙද හදිස්සියේන් වගෙ ගියෙ කියලා ...ටේහියුන් ට කියන්න ඕන උනා සේරම දේවල්... එත් එහෙම උනොත් ජන්ග්කුක් බයවෙනවා,කලබල වෙනවා ඒ ගැනම හිතන්න ගන්නවා... ඒ නිසාම ටේහියුන් කැමති උනෙ නැහැ ජන්ග්කුක් එහෙම තත්ත්වය ට වැටෙනවට... ඒ නිසාම බොරුවට ජන්ග්කුක් ව ගනන් නොගෙන පොඩි ගමනක් ගියා කියද්දී.... ටේහියුන් දන්නවා ඔය වචනෙට ජන්ග්කුක් ට කෙන්ති යනවා කියලා... ටේහියුන් බැනුම් අහන්න බලාගෙනම එහෙම කිව්වත් ජන්ග්කුක් ගෙ මුහුන බලන්න තරම්  හිත දුන්නෙ නැ.... කාට බොරු කරත් ජන්ග්කුක් ට බොරු කරන්න ටේහියුන් ට හිත දුන්නෙ නැහැ...පොඩිම දෙයක්වත් හංගන්න හිතුනෙ නැ....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now