Part 16

1.1K 161 65
                                    

" ආ පුතා....අර දරුවා පොතක් දුන්නා... සර්ට නැකිට්ටම දෙන්න කියලා ....දීලා ගියා.. දම් පාට කොලකින් ඔතලා නිකම් තැග්ගක් වගෙ... 

තව ඩිංගෙන් අමතක වෙනවා...කැම්පස් එකෙ මොකද්දෝ එකක්
කිව්වා "

අම්මා එහෙම කිව්වාම ජන්ග්කුක් පඩිපෙළ දිගෙ දිව්වා නෙවෙ පියැබුවා...එතරම් වේගයෙන් පහලට දිව්වා ටේහියුන් තියලා ගියෙ මොන පොතක්ද කියලා බලන්න.

ලා දම් පාට හුරු කවරයකින්  ඒ පොත ආවරණය කරලා තිබුණා....ජන්ග්කුක් ට හරි සතුටුයි...ටේහියුන් ගෙන් ලැබුණ පලවෙනි තෑග්ග....

ජන්ග්කුක් ඒ පොත අරගෙන  එක පාරක් පපුවට තුරුලු කරගත්තා....සමහවිට මේ ජන්ග්කුක් ට කෙනෙක්ගෙ ලැබුණ පලවෙනි තැග්ග වෙන්නැති....ජන්ග්කුක් පොත් වලට ආදරේ කෙනෙක්..තනිවුන හැමවෙලාම ජන්ග්කුක් කලේ පොත් අස්සෙ තනිවෙලා වෙනම ෆැන්ටසියක ජිවත් වුන එක.

ටේහියුන් ආයෙම දැන හෝ නොදැන... ජන්ග්කුක් ආසම කරන දෙයක් තෑගි කරලා... ජන්ග්කුක් ගෙ ජිවිතේ පලවෙනිවතාවට ජන්ග්කුක් ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්  ප්‍රමාද  වෙලා හරි ජන්ග්කුක් ට ලැබුණා.

ජන්ග්කුක් හරි හිමිට ඒ දම් පාට කවරය අයින් කරලා මොකද්ද පොත කියලා බැලුවාත්....ජන්ග්කුක්ගෙ ඇස් පුදුමෙන්  ලොකු උනා විතරක් නෙවෙ...අමුතු හිරියක් එක්ක ලැජ්ජාවක් දැනුනෙ...මුල් පිටුවෙම තිබ්බෙ පිරිමි ලමයි දෙන්නෙක්ගෙ රූපයක් නිසා.

" call me by your name...  දෙයියනේ මෙ මොනවගෙ පොතක්ද...     "

ජන්ග්කුක් හිත මුමුණනවා...

" පුතා....කෑම බෙදන්නද "

අම්මගෙ කටහඩ ගැස්සුන ජන්ග්කුක් පොත හංගත්තෙ ඇදන් ඉන්න ෂර්ට් එක අස්සෙ....

" ආ හ්හා හා මන් නාගෙන එන්නම් "

" එහෙනම් නාලා ආවම බෙදන්නම්...නැත්තම් සීතල
වෙනවනෙ "

ජන්ග්කුක් , අම්මට වෙනසක් නොතේරෙන විදිහට කාමරේට දිව්වා....ජන්ග්කුක්ගෙ මුහුනෙ සිනාව පිරිලා...  පොත කියවනකල් ඉවසිල්ලක් තිබ්බෙ  නැ ජන්ග්කුක් ට..

කාමරෙ ඇදෙන් ඉදගත්ත ජන්ග්කුක් පොත අරගෙන පිටු කිහිපයක් පෙරලුවා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now