Part 67

720 112 75
                                    



ජිවිතේ ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට කියන කතාව ඇත්ත.... නරක දවස් ගෙවිලා ගිහින් ලස්සනම ආදරණිය දවස් ලැබුවා.... අනෙ මෙ දවස් ඉක්මනට ගෙවෙන්නෙ නැත්නම් කියලා හිතෙන තරමට ආදරණිය උනා.... ලෝබ හිතුනා රැයක් ගෙවිලා තවත් දවසක් උදාවෙද්දි....එත් අදට වඩා හෙට අනෙක් දවස් ලස්සන උනා....
ඒ හැම දවසකම හිත් වල සතුට වගෙම පුංචි පුංචි රන්ඩු එක්ක ආදරේ උතුරන්න තිබ්බා....

" අනෙ අම්මේඒඒඒඒඒ!!

අහකට පලයන්කො.....වදෙ 

අනෙ අම්මෙ චුටි මල්ලි ගහනවනෙ "

ක්ලාරා යටිගිරියෙන් කැගැහුවේ....ටේහියුන් ඇවිත් කොන්ඩෙ ඇද්ද නිසා .

" ටේහියුන්!!!!

ඇත්තමයි....ඇත්තමයි මන් අවොත් උබලා දෙන්නටම ගහනවා.... ලොකු එවුන් වෙලාත් පොඩි ලමයි වගෙන් රන්ඩු කරනවනෙ..... "

" හරි හරි අනෙ මේකීගෙ කෙස් කැලි දෙකක් තුනක් ඇද්දා කියලා මැරෙන්න හදන්නෙ මෙකී "

ටේහියුන් කැගහලා කියද්දී....ක්ලාරා , ටේහියුන් ගෙ පිටට ගැහුවා...

" ටේහියුන් ....ලොකු අයියා එනවා කිව්වෙ කීයටද ..

මට මතක විදියට උදේද කොහෙද .... මේ දරුවා තවම නැනෙ

කෝල් එකක් බලන්න ටේහියුන්  "

" එන වෙලාවක එන්නැතැ මගුල!!
මගෙ ෆෝන් එක ඕෆ්....

මන් කෝල්  ගන්නැ මට බැහැ "

" චාජ් නැ !! කොයිවෙලා බැලුවත් උබෙ ඔය මගුලෙ චාජ් නැහැ.... "

සරෝජාඅම්මා කුස්සියේ ඉදන් කැගහලා බනිද්දී.....ටේහියුන් ගෙදරට ඇවිත් ඉන්නෙ යාලුවෝ හිනා වෙන්න ගත්තා.....

" හරි හරි අප්පා....අම්මෙ බොන්න මොනාහරි හදන්නකො.... මේ වැද්දො ටික ඇවිල්ලා.... "

ටේහියුන් එහෙම කියාගෙන ඇවිත් කුවාශ් ලගින් ඉදගත්තා.....

" කුවාශ් , ජිමින් , සුවාජ් , ගිම්නාත් .... උබලාට  ගොඩක්  ස්තුති මචංලා..... මට ඕනම වෙලාවේ උබලා උදව් කරා.... උබලා එදා හිටියේ නැත්නම් මන් තව අසරණ වෙනවා බන්!

මගෙ හිතට මාරම දුකයි....උබලාට ඕනම තැනදී මම උබලගෙ පැත්තෙ හිටියෙ නැති දවසක් තිව්වා නම් සමාවෙයන් මචං.... මනුස්සයෙක්ට මෙහෙම යාලුවෙක් ඉන්නම ඕනා..
උබලා වගෙ යාලුවෝ ටිකක්!!! .

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now