Part 52

844 121 128
                                    

" ටේහියුන්...මේ කොහෙද ... ඇයි අපි මේ මුස්ලිම් කඩයක...ට  ආවේ.....

මෙච්චර කඩ තිබිලා ඇයි අපි මුස්ලිම් කඩේට ආවේ.....අපි මලගෙදරට යන්නෙ නැද්ද.. "

" පොඩ්ඩක් කටවහන් ඉන්නවා ජන්ග්කුක් !"

ටේහියුන් ,ජන්ග්කුක් ව මලගෙදරට ගිහින් දාන්න   හැදුවත් ටේහියුන් බයික් එක ටවුන් එක පැත්තට දලා.....මුස්ලිම් කඩයක් ලගින් නතර කරා...රෑ දොළහටත් ලං තිබ්බාත් මේ කඩේ සෙනග පිරිලා තිබුනා... 

ජන්ග්කුක් ට මේක වෙනස්ම අත්දැකීමක් උනා.... කවදාවත් මේ වෙනකල් මහා රෑ මෙ විදියට එලියට එන්නෙ නැති ,ඇවිත් නැති ජන්ග්කුක් ට.....ටේහියුන් එක්ක ගෙවෙන මේ මොහොත හරි පුදුමයක් විදියට දැනුනා....

ජන්ග්කුක් එක දිගට ප්‍රශ්න කිහිපයක් ටේහියුන් ගෙන් ඇහුව නිසා.....ටේහියුන් සැරෙන් වගෙ පොඩ්ඩක් කටවහන් ඉන්න ජන්ග්කුක්...කියද්දී...ජන්ග්කුක් ගස්සලා අහක බලගද්දී....ටේහියුන්ට හිනා යන්න ආවත් ආයෙම ජන්ග්කුක් දිහා රවලා බැලුවා...

ටේහියුන් බයික් එකෙන් බැහැලා කඩේ ඇතුලට ගියෙ ජන්ග්කුක් ව තනිකරලා වෙනකොට....ජන්ග්කුක් බයික් එකෙන් බැහැලා ටේහියුන් යන දිහා බලන් හිටියා.... ජන්ග්කුක් ,ටේහියුන් ගෙ පළල් උරහිසට ආස කරා....ඇගට ලොකු සුදු පාට ෂර්ට් එක වැලමිට ගාවට නවලා.... හෙල්මට්  එක අතකින් අල්ලගෙන අනෙක් අතින් ඒ වැවිලා තියෙන කොන්ඩය හද හද කඩේ මනුස්සයෙක් එක්ක කතා කරන හැටි ජන්ග්කුක් ආසාවෙන් බලාගෙන හිටියා  .

ඒ කඩේ මනුස්සයා එක්ක මොනාදෝ හිනාවෙවි කතා කරන දිහා ජන්ග්කුක් ඊර්ෂ්‍යාවෙන් බලන් හිටියා .  ටේහියුන් ට තිබුනෙ කාටත් නැති හරිම ආකර්ශනීය සිනාවක් වෙනකොට....ටේහියුන් ගෙ හිනාව දකින වාරයක් ගානෙ...ජන්ග්කුක් ට තමන්වම අමතක උනා....ටේහියුන් ගෙ දිහාම බලාගෙන ඉන්න හිතුනා....ඒ ඝන ඇහිබම ඇස්....පිහාටු නිසා ටේහියුන්ව තවත් ආකර්ශනීය තරුණයෙක් කලා.... එත් ජන්ග්කුක් ගොඩක්ම ආස කලේ ටේහියුන් දඩබ්බර ගතිගුණ වලට...

කුඩා කාලේ ඉදලාම ජන්ග්කුක්....මගේ කියලා ලං කරගත්ත හැමදේම නැති වෙලා යද්දී...ඒ  වේදනාවන් හැමදේම ඉවසන් දරාගෙන උන්නත් ....ජන්ග්කුක් ට බැරි උනා ටේහියුන් ව නැති කරගන්න.... ජන්ග්කුක් ට ඕන උනෙම ටේහියුන් ලග දැවටමින් ඉන්න....ටේහියුන් , ජිමින් එක්ක පවා ඉන්න එකට ජන්ග්කුක් සැහෙන්න ඊර්ෂ්‍යා කලා....සමහර තැන් වලදී සරෝජාඅම්මා ගැන ටේහියුන් හැමතිස්සෙම කියවද්දී....ජන්ග්කුක් ඊර්ෂ්‍යා හිතුන තැන් තිබ්බත්.....ටේහියුන් කියන්නෙ තමන්ගෙ ලොකු මාමාගෙ පුතා වෙද්දී....සරෝජාඅම්මා කියන්නෙ තමන් ගෙ ලොකු නැන්දා කියලා දැනගද්දී ....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now