Part 77

783 124 159
                                    


එයා දිහා ටික වේලාවක් බලන් ඉදලා මුකුත් නොකියා යන්න හැරුනෙ....    කාලයකට කලින් මට අවදානයක් නොදුන්න , මාව ගනන් නොගත්ත , මට වටිනා කමක් නොදුන්න මනුස්සයෙක් ලග මගෙ වචන නාස්ති කරන්න මට හිත දුන්නැ ඒ නිසාමයි මට මෙතනින් ඉක්මනට යන්න ඕන උනෙ...

මොන කරුමෙට ද මන්දා මට යුන්ගී එක්ක තරහා ගන්න බැහැ ....එයා නිසා මගෙ හිත කොච්චර රිදුනාත් මට එයා එක්ක වෛර බදින්න බැහැ....එත් මට එයාව එපා උනා!! ඒ හැගිම් ආයෙ ගන්න බැ....

යුන්ගී සහ හොබි දෙන්නාම  ආදරේන් එකට ඉන්නකොට... ඒ දෙවල් දකිනකොට මගෙ හිතට කිසිම තරහක් තිබ්බෙ නැහැ දුකක් ඇරෙන්න...  එත් මමත් මනුස්සයෙක් සැරෙන් සැරෙ එයලා නිසා මට රිදෙද්දී ඉබේම හොබි ගැන ලොකු තරහාක් මගෙ හිතට ආවත් එදායින් පස්සෙ මන් එයාලා දැක්කත් නොදැක්කා ගානට ගියා....ඒ සේරම මන් හිතෙ හිරකරගෙන හිටියා .

" ජිමින්... ජිමින්... පොඩ්ඩක් ඉන්න "

" ඇයි "

" ඇයි මුකුත් කියන්නෙ නැතුව ඉන්නෙ... ඇයි මුකුත් නොකියා යන්නෙ "

" අපිට මොනවද කතා කරන්න තියෙන්නේ ... අපිට මොනවද තවත් කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ යුන්ගී "

ඇත්තටම අපිට මොනවද කතා කරන්න තියෙන්නේ ....මන් අවුරුදු ගානක් මෙයාට හිතින් ආදරේ කරපු එක ගැනද.. නැත්නම් ඒ කාලේ පුරාවට මන් විදෙව්ව එකද ...එහෙමත් නැත්නම් හොබි ඇදෙ මැරෙන්න වැටිලා ඉද්දී යුන්ගී මෙතන නටන විකාරය ගැනද.... මේ දෙවල් ගැන හිතුව  මන් යුන්ගී දිහා බැලුවෙ හිස් බැල්මකින් ..

එයා මොනාහරි කියන්න හදනවා ඒ බව මට තේරෙනවා...එත් මට ඕන උනෙ නැ ආයෙ හිත රිද්ද ගන්න... ආයෙම හැරිලා යන්න හැදුවත් යුන්ගී කිව්ව වචන එක්ක ඉස්සරහ ට තිව්ව ඒ කකුල ආයෙම මම පිටුපසට ගත්තා...

" මන් ඔයාට ආදරේයි ජිමින් ! "

මන් තත්පර කිහිපයක් මොකද්ද උනෙ කියලා හිතාගන්න බැරිව උන්නා....ඊලග විනාඩියෙ මගෙ මුහුනෙ හිනාවක් ඇදුනා....තනිකරම වේදනාව පිරුනු හිනාවක් .... මන් හිනා උනා.  ඇත්තෙන්ම මට හිනා ගියා සමච්චලයට .... එයා මට ආදරේයි ලූ...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now