Part 20

1.1K 143 50
                                    

" සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළොලා ...

ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහා නගාලා...

ළිං වතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා...

මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා...

අඩ සදයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ..

රණ මොණර පිළයි කෙස් කළඹේ දිලෙන්නෙ..

හැඩ වලලු අතේ දමාලා හඩ සිලින් සිලින් නගාලා

යන ලතාවටයි දායදරේ හිතන්නේ... "

"ජිමින් !!  දෙයියන්ගෙ නාමෙන් ඔය කටපුක වහන් පොඩ්ඩක් ඉදපන්....
රෙද්ද... "

ජිමින්ට ජෝතිපාල මහත්තයා වැහිලා තිබුණා....ටේහියුන් සහ ජිමින් හිටියෙ ජන්ග්කුක්ගෙ අත්තම්මා ලෑ දිහාට යන පාරේ....වාහනෙ යනවා එනවා අඩු පැත්තක් නිසා පාරෙ මිනිස්සු පවා සැහෙන්න අඩුයි.... කම්මැලිකමට වගෙ දැනුනු පාළු ගතියට ජිමින් සිංදු කියමින් ඇවිද්දා.....ටේහියුන්ට ඉවසන්න ගන්නම බැරි හිසරදයක් අල්ලලා තිබුණෙ ජිමින්ගෙ ගායන හැකියාවෙ හොදකම නිසාමයි...වෙනදා බියර් එකක් බිලා පොඩ්ඩක් සැරට වැදුන දාට ජිමින්ට කොමත් ජෝතිපාල මහත්තයා වැහෙන බව ටේහියුන් දැනන් උන්නාට...හොද සිහියෙන් ඉන්නකොට වැහෙයි කියලා ටේහියුන් හිතුවෙම නැ...

ටේහියුන් අවසානෙදී  ඉවසන්නම බැරි තැන දෙයියන්ගෙ නාමෙන් කටවහන් ඉන්ඩ කියද්දී....ජිමින් කලේ ටේහියුන් ට ගස්සලා තව සිංදුවක් කිව්ව එක වෙනකොට.....එත්  මගක් දුරක් ඇවිදන් යනකොට ජිමින්ගෙ කකුල් එතැන නතර උනා....හරියට ජිමින්ට කකුල් දෙක හිරවෙලා වගෙ ඇවිදගන්න බැ කියලා දැනුනා ....

" අද....ද බන් අත්තම්මා ගෙ මිනිය උස්සන්නෙ නැනෙ...නෙද "

ටේහියුන් ට සහ ජිමින් යනකොට මූනට මුණගැහුනෙ....කනත්තෙ වලළන්න ගෙනියන මිනියක්....පවුලෙ අය විතරක්....අනිත් අයට වගෙ විඩියෝ කරන්න...කොල්ලො පිරිවරාගෙන අඩන්නවත් මිනිපෙට්ටිය උසන් යනකොට පස්සෙන් එන්නවත් කවුරුත් නැ...උපරිම පහළොවක් හිටියා එතැන...

" අනෙ ටේහියුන් "

" මන් හිතන්නෙ...ඒ මැරුන කොල්ලගෙ කෙල්ල වෙන්නැති බන් "

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now