Part 38

117 19 4
                                    

Tae pov

තව සතියක් එහෙම්ම ගෙවිලා ගියා. දැන් මගෙ අතත් සාපෙක්ශව හොදයි..මෙ දවස්වල සන්කිර්ගෙ මැන්ශන් එකෙ ඉන්න නිසා මායි ජන්ගුකුයි හිටියේ එකම රුම් එහෙක. මොකද නැත්තන් රුම් දෙහක හිටියොත් ඒගැන සන්කිර් ප්‍රශ්න කරන්න පුළුවන් නිසයි. ඉතින් මෙ ටිකේම රැට අපි දෙන්නම එක ඇදක නිදියනවා.

මට පස්ස හරවන් ඇදෙ කෙලෝරටම ගිහින් නිදා ගන්න ජන්ගුක් පාන්දර වෙනකොට නින්දෙන්ම රෝල් වෙලා ආපහු මගෙ පපුවට ඔලුව තියා ගන්නවා.මන් හරි ආසයි එයා ඒම ඉන්නවට.. මෙ ටිකෙම ඒනිසා මන් පාන්දර ආයෙම ඇහැරිලා මගෙ පපුව උඩින් ඔලුව තියන් ඉන්න ජන්ගුක්ගෙ ඔලුව අතගානවා.එ හැගීම මට වචනෙන් විස්තර කරන්න බැ ජන්ගුක් .මන් දන්නෙ ඔයා මන් ලග දැවටෙනකොට දැනෙන හැගීමට මන් ලෝබයි.ඒක මට හැමදාටම ඕනෙ..!

අද දවසත් විශෙශයි..අපි හිටියෙ සියොල් සිටි එකෙ මැද.සිග්නල් වැටෙනකල් කලර් ලයිට් එක ලග වාහනෙ නවත්තගෙන ඉන්නකොට මන් පැසෙන්ජර් සීට් එකෙ වාඩි වෙලා ඉන්න ජන්ගුක් දිහා බැලුවා.එයා සිග්නල් වැටෙනකල් කලර් ලයිට් එක දිහා කන්න වගෙ බලන් ඉන්නවා.මට දැක්කහම හිනහ යන්නත් ආවා..අද රැ මෙ අපි දෙන්නම එවෝර්ඩ් ශො එහෙකට යනවා..ඒකත් එකට එකම වාහනෙ ! ඔහ් ගෝඩ් ඔයත් මාරයි !! බිස්නස් වලට එහෙම්ම කැමැත්තක් තිබ්බ නැති මන් කොමහරි වැඩ ටික කරම් අවෘදු ගානක් මෙ වගෙ එක එක එවොර්ඩ් ශො වලට නොමිනෙට් වෙන්න වැඩ කලා.මොකද මන් දැනන් හිටියා ජන්ගුකුත් මහන්සි වෙනවා.එයත් එනිසා අනිවා නොමිනෙට් වෙනවා..එතකොට මට එයාව දකින්න අවස්ථාවක් හම්බෙනවා. මන් මුලින් ගිහින් ජන්ගුක් එනකල් ඉන්නවා.පස්සෙ එයාව පේන තැනකින් වාඩි වෙනවා..යුන්ගි කියනවා මන් ගැන කියන්න ඌට වචන එන්හැල්ලු.මන් ඇයි ඇහුවම කියනවා මන් මෙම හැසිරෙනකොට ඌට බයයිලු.පගයා කිව්වොත් ලෝක ප්‍රශ්නයක් මගෙ ඔලුවට දාන එකක් තමා..

ආදරෙ එතරන් බලවත්ද ?මන් දන්න අහවල් එකක් නැ..මට ඔනෙ මන් ආදරෙ කරන මනුස්සයා මගේම වෙනවට.

ලොකෙශන් එකට ආවට පස්සෙ අපි දෙන්නම කාර් එකෙන් බැස්සා..දහස් ගනනින් විහිදෙන කැමරා එලි මැද මන් ජන්ගුක් එක්ක රෙඩ් කාපර්ට් එක උඩින් ආවා. අද අපි දෙන්නම හිටියෙ එකට.මොකද මැරීඩ් කපල් එකක්ය කියන ලේබල් එක අපිට වැදිලා ඉවරයි .එතනදිත් ගොඩක් අය අපිට විශ් කලා..අපි වාඩි උනෙත් එකම ටේබල් එහෙක..

Rude But Lovely Where stories live. Discover now