"නිරාන්....ඔයාට තවත් මොනවද මගෙන් ඕනේ..." දෙව්ලී අවසානයේ දොර විවර කරමින් පලායෑමේ උත්සහය අතහැර දමා නිරාන් ඉදිරියට අපහසුවෙන් ඇදෙමින් ඇසීය.නමුත් ඔහුගෙන් පිලිතුරක් නොවීය."මන් ඔයාට මගෙන් උවමනා දේ දුන්නා.ඔයාට ඒ දේ ලබා ගන්නනම් ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයයි නිරාන්....මාව මරන්න.ඔයා තාමත් ඒකට පරක්කු නෑ. ඔයාට අවශ්යදේ අරගන්න නම් ඒ දේ කරන්න" දෙව්ලී එසේ කිවේ ඇගේ දෙනෙත් මගින් වෑහෙන කදුලු බිදු පිස දමා දීර්ඝ සුසුමක් පිටකරමිනි
ඊට තවමත් ඔහුගෙන් පිලිතුරක් ලැබුනේ නැත .ඇය කෙතරම් ඇගේ මරණය වෙනුවෙන් ආයාචනා කලත්,මරණයට පහසු මගවල් ඉදිරිපත් කලත් ඒ කිසිවකට ඔහුගේ පිලිතුරක් නොවීය...මධ්යම රාත්රිය පසුවී උදෑසන දෙකහි කණිසමත් උදාවිය.දෙව්ලී ඇගේ සියලු අපේක්ශාවන් අමතක කොට තම ආසම රසකැවිල්ලට හඩා වැටී නොදැනුවත්ම ඒ හැඩීම මැද්දේම නින්දගොස් සිටින කුඩා දරුවකු අයුරින් කාමරයහි කෙලවර සීතල පොලොව මත නිදාවැටී උන්නාය. නිවසේ තිබූ විශාල වීදුරු මතින් පෙරී ආ සද කිරණ ඇගේ සුන්දර මුහුණ මත දගකම් කලේ ඈගේ නින්දට කිසිදුබාධාවක් නොවන අන්දමෙන් ය.. ඒ සුන්දර සන්සුන් බව මද වේලාවක් අගය කල නිරාන් ඈව අවසානයේ උණුසුම් සයනයක උණුසුම් පෙරවනයක් මධ්යහි සතපන ලද්දේ ඇගේ වටකුරු මුහුණ සිපගනිමින් සිටි කෙහෙ රැල්ලක් ඇගේ සවනත පිටුපසට තල්ලු කොට නැවත වරක් ඇගේ සුන්දරත්වය අගය කරමිනි.
"නිරාන්...."නිදු දුවගේ පහස ලබමින් ඈ සැතපී සිටියත් ඇ සෙව්වේ මෙලොව ඇය වැඩියෙන්ම වෛයිර කල යුතු තැනැත්තාවයි...
" මෙතනින් යන්න...මෙතනින් ඈත් වෙලා යන්න" දෙව්ලි නින්දෙන්ම මුමුනන්න උනා. එනමුදු ඇගේ දෑතේ සියුම් ඇගිලි නිරාන්ගේ දෑතහි මත එතුනේ වදනින් ඔහුට පලායන්නට අදහස් කලත් සැබැවින්ම එය සිදු නොකරන ලෙස අදහසක් දෙමින්ය..