🖤♟️(47)රැවටීම💙🦋

13 1 0
                                    

එදා සිදුවීමෙන් ඇතුගලගෙ හොදම ගෝලයො ටික නැති වුණයින් පස්සේ ඇතුගලත් කාලයකට නිහඩ උනා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

එදා සිදුවීමෙන් ඇතුගලගෙ හොදම ගෝලයො ටික නැති වුණයින් පස්සේ ඇතුගලත් කාලයකට නිහඩ උනා.. වලව්ව දිහාවෙන් දෙව්ලිගෙත් ඇතුගලගෙත් ගැටීම්, බැනගැනීම් හඩ හැමදාම වගේ ඇහුනත් දෙව්ලිගෙ මුරණ්ඩු කතා බහ වැඩ නිසාවෙන් ඇතුගලට තව දුරටත් එයාව පාලනය කරගන්න බැරි මට්ටමකට වැටිලා තිබුනා..එදා සිද්ධ වීමෙන් පස්සේ චාර්ලිගෙ කන්ඩායමෙන් දිර්ඝ නිහැඩියාවක් තිබුනා..අපි ජීවත් වුන ලෝකෙක නිහැඩියාවක් ඒ තරම් හොද දෙයක් නෙමේ කොයි වෙලේ හරි කොතනම හරි දෙයක් බලාපොරොත්තු  නොවූ පරිදි ඇවිලෙන්න ගනීවි ඊට කලින් මන් ඉක්මණ් වෙන්න ඕනෙ ආයෙමත් කාටවත් හානියක් වෙනකන් බලන් ඉන්න හොද නෑ ප්‍රගීත්ගෙ උදව්වත් එක්ක අපිට පුලුවන් උනා සෙනරත් ,චාර්ලිව, ඒ වගේම ආකේෂ් සෙනරත්ව එකම තැනකට ගෙන්නලා කතාකරන්න කතා කරන්න ඒ කතාබහ අපේ ජීවිතේ වැදගත්ම කතාබහ වේවි. මේ විදියට එකිනකාට ප්‍රතිවාදියො විදියට ගහ මරාගන්නවට වඩා එකම පාර්ශවයකට එකතු වෙන අදහස මට එයාගලගෙ ඔලුවලත්  පැල කරන්න ඕන වුණා.. චාර්ලි මුලින්ම මේ වැඩේට අකමැති වෙලා තිබුනත් පස්සෙ සෙනරත්ගෙත් ප්‍රගීත්ගෙ කීමට එතනට ඇවිත් ඉන්න පොරොන්දු උනා.. මේ එහෙනම් අපෙ කතාව ආයෙමත් අලුතින් ලියවෙන දවසයි..

"මන් දන්නවා මන් කියන කිසිම දෙයක් තේරුම් ගන්න එච්චර ලේසි නෑ කියලා..ඒත් ඒක තමයි ඇත්ත..අපි ඔක්කොම රැවටුනා"

"ඔයා කියන්නෙ තාමත් එයා අපිව රවට්ටනවා කියලද?"

"මට වඩා හොදට ඔයාලා එයාව අදුරනවා සෙනරත් ඒක තියාගනත් මේ විදියට හැසිරෙන්නෙ ඇයි...මුලින්ම එයා දෙව්ලිවයි මටයි පෙන්නුවා අපි දෙන්නා සහෝදරයො කියලා ඊලගට මන් ලව්වාම දෙව්ලිගෙන් දේපල ලියාගන්න හැදුවා මට දෙව්ලිව ලං කලා..එයාට ඕන උනා දෙව්ලි ලවා මාව පාලනය කරවන්න..ඒත් ඒක හරි ගියෙ නෑ මන් හොයාගත්ත දේවලුයි අපිට ඇතුගල මවලා දීපු දේවලුයි සමාන උනේ නැ..මන් දිගටම වාධිෂා මැඩම්ගෙ ඇක්සිඩන්ට් එක ගැන හෙව්වා එතකොටයි දෙව්ලි  හංගපු ආර්ටිකල් ටික මන් දැක්කේ ඒ දේවල් චාර්ලි දීපුවා කියලා මුලින්ම අපිත් දැනන් හිටියෙ නෑ අපි මුලින්ම ඒකෙ ගැන ලියපු කට්ටිය ගැන හෙව්වා ඊට පස්සේ ෆොටෝග්‍රැපර්ව හොයාගත්තා එයා මාර්ගයෙනුයි දැනගත්තෙ වාධිෂා මැඩම්ගේ අනතුර සිද්ධ උන වාහනේ පදවන් ආපු කෙනාමයි මගෙ අම්මගෙ ඇක්සිඩන්ට් එකත් කලේ කියලා..." මන් අපි සියල්ල වට වෙලා හිටිය මේසයේ මුලසුනින් නැගිටලා විසතර එකිනකට ආයෙමත් සියල්ලටම පැහැදිලි කරලා දෙන්න ගත්තා

🖤♟️8 Letters 💙🦋Dove le storie prendono vita. Scoprilo ora