ප්රසන්න සතුව තිබුණා යැයි කියූ ජායාරූප ටික අවසානයේ අපේ අතට ලැබුනා. ඇත්තටම ඔහු කියපු විදියටම ඒවා වාධිෂා මැඩම්ගෙ ඇක්සිඩන්ට් එක දවසෙ ඒවා.. එදා අනතුරට අදාල ට්රක් රථය පවා එතන තිබ්බා නම්බර් ප්ලේට් එකත් පෙනෙන විදියට..ඒත් ඒක ඇක්සිඩන්ට් එක උන තැන ඉදන් සෑහැන ඈතකින් ලබා ගත්ත නිසා ඒ තරම් පැහැදිලිව පෙනුන්නේ නෑ.. ඒත් එක්කම සුදු පාට විශාල ට්රක් රථයෙ ඩ්රයිවර්ද තව මිනිසුන් කිහිප දෙනකුගේද ෆොටෝස්ද අනතුර සිද්ධ වෙනකොට වාධිෂා මැඩම් හිටපු කාර් එකහි ෆොටෝසුත් එතන තිබ්බා..අනතුර දරුණුවට සිද්ධ වෙලා තිබුන නිසා කාර් එකම තිබුනෙ නොපිටට පෙරලිලා.. රුධිරය සීසීකඩ ගිහින් ..තවත් ෆොටෝවක අනතුර සිද්ධ වෙලා ගිනි ගන්න කාරයෙන් පිටතට අරන් පිරිමි කෙනෙක්ගෙ බොඩි ඒකක් වෑනයකට පටවනවා පෙනුනා..ඒ ඇතුගල වෙන්න ඕනේ..
"ඒත් ඇයි එයාලා එතනින් ඇතුගලව විතරක් එලියට ගත්තේ......." නිතේශ් සොයාගත් ඡායාරූප පෙලින් පෙලට මේසය මත තබමින් ඇසුවේ මුලක් මැදක් අගක් මේවයෙ කල්පනා කරමින් සිටි මට ඔහුගේ ප්රශ්නයටද ඉක්මන් පිලිතුරක් දෙන්න යැයි දෑස් වලින් පවසමිනි.
"සමහර විට එයා එදා නොමැරුන නිසා වෙන්නැති...නැත්තම් ඒ වෙලාවෙ බේරගන්න පුළුවන් උනේ එයාව විතරක් නිසා වෙන්න ඇති..අපි දන්නෑනේ ඊටපස්සේ වාධිෂා මැඩම්වත් එතනින් එලියට ගත්තද කියලා ප්රසන්න ඒක දැකලා නෑනේ" මම නිතෙශ්ට එහෙම කිව්වාම සාහිල්ද ඊට එකග වෙමින් හිස සැලුවා..
"ඇතුගලව එදා බේරගත්තෙ කවුරු වෙන්න ඇති කියලද ඔයාලා හිතන්නේ.."
"ඒ ඇතුගලගේ ගාර්ඩ්ස්ලාද" සාහිල් තමා අත තිබූ ඡායාරූපය දෙසට දෑස් නැඹුරු කර ගනිමින් ඇසුවා.