සවස් යාමයේ සුවය විදලා එහෙන් මෙහෙන් මදුරුවොත් කාගෙනම ආර්ට් කාමරේට අපි ආයෙමත් ආවාම දෙව්ලි සුපුරුදු විදියට එයාගෙ චිත්‍රය අදින්න ගත්ත අතරෙ මම එයාට මදක් විතර එහායින් තිබ්බ ගෙම්බා පුටුවේ වැතිරිලා එයා දිහා බලන් හිටියා.. සිතුවම් පුවරුවෙ තිබ්බ කැන්වසය තවත් මද වෙලාවක් කුරුටු ගාපු එයා හිමින් හිමින් ඒ මත පාට ගලවන්න පටන් ගත්තා.. වැරදිලා හරි අදාල තීරුවෙන් එහාට පාට ඉහිරුනොත් හයියෙන් පින්සලත් කටේ දාන් හපන ගමන් එයාගෙ අත්ලෙන්ම ඒක පිස දැම්මෙ එයාටම බැන බැන.. දෙව්ලි චිත්‍ර අදින වෙලාවට ඇත්තටම බලන් ඉන්න ආස හිතෙනවා.. චිත්‍රය දිහාවට ඇගේ ඇස් ලොකු වෙන හැටි, වේගයෙන් ඇසි පිය සලන හැටි ඇගේ මුව මතට වැටෙන කෙහෙ රැල්ල ඇගේ හැම ක්‍රියාවකින්ම ගැස්සිලා යලිත් කම්මුල සිපගන්න විදිය එයත් හරියට චිත්‍රයක් වගේ... දෙව්ලි කියන්නෙ ඇතුගල දුව නොවුනනම් කවදාවත් මට එයාට වෛර කරන්න හිතෙන එකක්වත් නෑ.
"ඔයාගෙ ෆෝන් එක රින් වෙනවා නිරාන් අයියේ ඔයාට කන් ඇහෙන්නෙ නැද්ද" දෙව්ලි දෙපාරක් විතර එකම දේම කියනකොට දෙවියන් මැවූ ඒ අපුරු සිතුවමට වශී වෙලා හිටපු මම මේ ලෝකෙට ගොඩ බෑවා. සිතුවමට කොච්චර වශීවෙලා හිටියද කිව්වොත් සාහිල් දෙපාරක්ම කෝල් කරලත් මට ඒක ඇහුනෙ නෑ...
"හෙලෝ......!" අන්තිමේදි මන් කෝල් එක ආන්සර් කලා
"බොස් කොහෙද හිටියෙ.. මන් මේ ආන්සර් නොකලොත් බොස්ව ඉන්න තැනකට හොයන් එන්න හිටියෙ"
"මන් හිටියෙ දෙව්ලිගෙ ආර්ට් රූම් එකේ මට ඇහුනෙ නෑ ඔයාගෙ කෝල් එක"
"ආර්ට් රූම්..ඔය කියන්නේ දෙව්ලි මිස්ගෙ කාමරේ ගැනද බොස්..ආයෙමත් මිස්ට නොකියා ඔතනට ගියාද..එයා දැන ගත්තොත් නම් විසුමක් වෙන එකක් නෑ" සාහිල්ගේ විමතියේ හඩ අනික් පසින් ඇසෙන්නට වුනා.