එයා ඇටි කෙසෙල් කැන මන් උගුඩුවා කියන තත්වෙන් මිදිලා එයා රෙකෝඩ් එකක් ප්ලේ කරන්න ගත්තා.."මේ ඉන්නේ ඔයාද..."
ඒක මීට අවුරුදු දෙක තුනකට කලින් ඒ කියන්නෙ මට අවුරුදු දහනවයක් වෙච්ච කාලෙදි කරපු රේඩියෝ වැඩසටහනක කොටසක්..ඒක මන් කේෂික ලියපු සිංදුව හිට් උන කාලෙදි ආපු ඉන්වයිට් එකකට කරපු ප්‍රෝග්‍රෑම් එකක්..දෙව්ලි කොහොමද ඒක ගැන දන්නේ..
"ඔයා....කොහොමද ඒක ගැන දන්නේ ආහ් "
"මන් ඒ ඉස්සර ඒ රේඩියෝ ශෝ එක හැමදාම අහනවා.. ඔයා නිතරම ප්‍රෝග්‍රෑම් වල කියන ඔයාගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරන්න කියලා දෙන ඇඩ්වයිස් ඔක්කොම මන් අහන් හිටියා..ඒක මට චිත්‍ර අදින එක කවදාවත් නතර නොකරන්න ලොකු උදව්වක් වුණා.. අපි එකිනකාව ඒ කාලෙ නොදැන හිටියත් ඔයා ඒ කාලෙ ඉදන් කරලා තියෙන්නෙ මට උදව් කරපු එක...ඒක නෙමේ එතකොට ඔයාද කේෂිකගේ තරු වියන් සිංදුව ලිව්වේ"
"හ්ම්....මන් තමයි "මන් හිතුවෙ නෑ ඒක කාටවත් මතක තියේවි කියලා..ඒක සෑහෙන කාලෙකට කලින් එකක්..ඔය දෙව්ලි පෙන්නන ශෝ එක මුලදි හැන්ඩ්ල් කරන්න භාර වෙලා තිබ්බේ අපේ ස්ටූඩියෝ එකේ දන්න අදුනන කෙනෙක්ට.. කේශිකට ලියපු සිංදුයි තව දෙක තුනකුයි ඒ කාලේ ෆේමස් උනාම එක එක ශෝ වලට ඉන්වයිට් ආවට මන් සහභාගි උනේ අපේ ප්‍රෝග්‍රෑම් වල හෙඩ්ගෙ මේන් ශෝ එකට විතරයි ඒකත් රේඩියෝ ශෝ වලට විතරයි.අනික මන් කවදාවත් හිතුවෙ නෑ මගෙ නොවටිනා කතා බහක් කෙනෙක්ට වැදගත් වෙලා කියලා..
"හේයි......මට විශ්වාසද කරගන්නත් බෑ මේක.. මන් ඔයාගේ ෆෑන් කෙනෙක්..මන් ඔයාගෙ හැම සිංදුවක්ම දන්නවා හරිද ඉස්සර ඉදලා දැන් දක්වාම " එයා පෙලට ඒවා කියාගෙන ගියේ ගිරවෙක් වගේ සමහර සිංදු මන් ස්ටූඩියෝ එකේ අයත් එක්ක එකතුවෙලා ලියපුවත් එයාට මතක තිබ්බා...
KAMU SEDANG MEMBACA
🖤♟️8 Letters 💙🦋
Romansa🎼🎻මේ අවර්ණ වූ ආත්මයක වෛවර්ණ වූ මතකයන්ගේ පෙළගැස්මයි..🦋💙📖️🖤♟️