♟️🖤 (11) අලුත් භාරකාරයා💙🦋

34 4 0
                                    

දවස් කිහිපයක් ඔහොම සාමකාමී අයුරින් ගෙවිලා ගියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

දවස් කිහිපයක් ඔහොම සාමකාමී අයුරින් ගෙවිලා ගියා.. දෙව්ලි ඇතුගල වලව්වෙ නෑ කියලා දැනගත්ත හැටියේ එනවා ආර්ට් කාමරයට යනවා දොර වහගන්නවා.
එච්චරයි.. එච්චරමයි කිව්වේ ඉතින් එච්චරම තමයි එනවා.. යනවා.. ඔය ආපු කිසිම දවසක අතරවාරයක අපි අතරේ කිසිම කතා බහක් ඇති උනේ නෑ..සමහර වෙලාවකට මට හිතුනා එයා මාව මග හරිනවදෝවත් කියලා. එයා සාහිල් නිතේෂ්ට හිනා උනත් ටික දවසකින් මාත් එක්ක හිනාවුනේ වත් නෑ..එයා මාව දකින දකින සැරේට එතනින් පැනලා යනවා.. ඒ මන් එයාට පෙරලා ප්‍රතිචාරයක් විදියට හිනාවක් දුන්නේ නැති නිසාවත්ද..ඒත් මට ඒ හිනාව බලන්න ඕනේ මන් වෙනුවෙන් ඒ ඇස් හිනාවෙනවා බලන්න ඕන වුණා..මන් ඒ හිනාවට වෛර කරන තරමටම ඒකට ආසා කරන්නත් දැන් පටන් අරන්..

"ඕ ශිට් තව දවස් කොච්චරක් තියනවද??"

"ම්..තව දවස් තුනක් වගේ..ඔයාට ඇත්තටම එතනට යන්න ඕනෙ නැද්ද දේව්"

"මට යන්න ඕනේ ශාලු....ඒත් තාත්තා මට ඒකට ඉඩ දෙන එකක් නෑ අනික ඔයා දන්නවනේ තාත්තා පොඩ්ඩක්වත් මේ දේට කැමති නෑ කියලා..මට නීතාගෙන්වත් හෙල්ප් එක ඉල්ලන්න බෑ..එයාව නම් කොහොමත්ව අමාරුවෙ දාන්න බෑ"

"හ්ම්..හ්ම්..එහෙනම් මොනා හරි කරන්න ට්‍රයි කරන්නකෝ..මේක ලාස්ට් චාන්ස් එක හොදේ"..

සාලයේ තිබූ සෝෆාවේ ගුලිවී දෙව්ලි සිටියේ මිතුරියක් සමග දිගු සාකච්ඡාවකයි.අන්තිමට ඉතින් මට හොරෙක් වගේ ඉදන් ගෑනු ලමයින්ගෙ ෆෝන් කෝල්ස් වලටත් ඇහුන්කන් දෙන්න උනා..පේන විදියට දෙව්ලිට ආයෙමත් ගෙදරින් එලියට පැනලා කොහෙ හරි යාගන්න උවමනාවෙලා වගේ.. එයා කතාව ඉවරකරලා ෆෝන් කෝල් එක කට් කරාම මන් පඩිපෙල බැහැලා ගියේ ලී තරප්පු පේලියෙන් දෝංකාර දෙන තරමට අඩිසද්ද කරන ගමනුයි.සද්දය ඇසුන ගමන් එයා සෝෆාවේ හරිබරි ගැහිලා හරි විදියට ඉදගත්තා.. මීට කලින් නම් හිටියේ කකුල් දෙකත් සෝෆාව ඉස්සරහා තිබ්බ ටේබල් එකටත් උඩින් තියාගෙන.කොල්ලෙක් ජීවත් වෙන තැනකට ඇවිත් ගානක් නැතිව ඉන්න විදිය ඔය දැන් මේක මගේ තැනද එයාගෙ තැනද කියලා මටම කන්ෆියුස් වෙන තරමට වෙලාවකට එයා මෙහෙ එහෙ මෙහෙ දිව්වා.

🖤♟️8 Letters 💙🦋Donde viven las historias. Descúbrelo ahora