රාත්‍රී අන්ධකාරය මැද්දෙ වෙනදට වඩා අද තරු දිලිහෙන්න ගත්තා..වලාකුලු මැද්දෙ පූර්ණව පායා තිබූ හද වුවත් දිදුලමින් හිටියේ අද වෙනස්ම අයුරකින් වෙද්දි ඒ කිරණ අද වෙනදට වඩස් ප්‍රතාපවත් වෙනස්ම එළියකින් මුලු පරිසරයම නහවා තිබුනා..සද රැස් දෙව්ලි හිටිය කුඩා රෝහල් කුටිය මතට වැටිලා තිබ්බෙ හරියට අසත් පොලොවත් යා කරලා ආලෝක ගමන් මාර්ගයක් හදලා වගේ...ඒ සුදු පාට බිත්ති හතර කොල තිර රෙදි වෙලින් ආවරණය වෙලා තිබ්බා කොල පාට කියන්නෙ මොන තරම් ලස්සන පාටක් උනත් ඒවා මෙහෙම දකිද්දි මට පුදුම අපහසුතාවයක් දැනෙන්නෙ..."ඒ කියන්නෙ ඔයා එන්නෙ නැද්ද..."
"ඇයි දෙව්ලි අක්කේ ... ඒ මොකද නිරාන් අයියා විතරක් අපිත් එක්ක යන්න එන්නෙ..."
කාමරය තුලින් කතාබහක් ඇහෙනවා ඒ නවෝගේ එයා කලබලෙන් මොනවදෝ නැවතත් සිහියට පැමිණි දෙව්ලිගෙන් අහනවා මට ඔවුන්ගේ කතා බහට බාධා කරලා කාමරයට යන්න උවමනාවක් තිබුනේ නෑ මන් එතන කාමරයේ දොර අසල තිබුන පුටුවකට බරවෙලා ඔවුන්ගෙ කතාවට සවන් දෙද්දි මගේ පිටිපස්සෙන් ආපු වේගයෙන්ම සාජිල් නිතේශ් කාමරයහි ඇතුලට ගියා
"ඔයා නැත්තම් මන් කොහොමවත්ම එහෙ යන්නෑ.ඔයා පොරොන්දු වුනා අපිත් එක්ක එනවා කියලා.. ඔයා දන්නවනෙ ස්වරා ඔයා නැතිව කොහොමත් ඉන්නෙ නෑ කියලා...."
"මුරණ්ඩු ළමයෙක් වෙන්න එපා නවෝ.." මේ පාර දෙව්ලිගෙ කටහඩත් එ කාමරයෙන් ඇහෙන්න ගත්තා.ඒ හඩ වේදනාවෙන් ඒක හොදටම තේරෙනවා.
"එයා මට වඩා නිතේශ්ට කැමති වෙයි....."
"නිතේශ් අයියේ....."
"හ්ම්......ඔයාට පුලුවන් නේද ස්වරාව බලාගන්න. හරියට මාව ඔයා බලාගත්තා වගේම.."