ඔයා කවදම හරි කාගෙම හරි ඉපදීමක් වෙනුවෙන් ඒ කෙනෙක්ට ස්තූතිවන්ත වෙලා තියෙනවද... ඒත් අද මම ඒ වගේ දෙයක් වෙනුවෙන් කෙනෙකුට ස්තූතිවන්ත වෙනවා..මගේ ඇස් ඉස්සරහා ඉන්න කෙනාගෙ ඉපදීම වෙනුවෙන් මන් ස්තුති වන්ත වෙනවා......
දෙව්ලි ඇතුගල කරපුවට වන්දියක් ගෙවන්න පුංචි අයව වට කරන්න එයාගෙ අම්මගෙ ලෝකේ ආයෙමත් හදලා...හැබැයි ඒකෙ අද ජිවත් වුණේ අතීතයට වඩා වෙනස් අය ඒක වෙනස්ම මිනිස්සුන්ගෙ වෙනස්ම ලෝකයක්..
"ස්වරා ඇයි මොකක්ද එයාට උනේ..ඇයි එයා කතා කරන්නෙ නැත්තේ....එයාටත් අනිත් අයට වගේ කවුරු හරි මොනවා හරි කරලවත්ද.."ප්‍රගීත් එයා වටේට අනික් ලමයි එක්ක උයන මැද්දෙ වවා තිබුන මල් පදුරු අස්සෙන් දුවන පුංචි ස්වරා දිහා බලාගෙන ඇහුවා..
"ඔව් ඒක එයාව මෙච්චර කාලයක් තියාගත්ත මිනිස්සුන්ගේ වැඩක් එයාලා ස්වරගේ ස්වර නාල වලට හානි කරලා ඒ නිසයි අද එයාට ඔය විදියට කතා කරන්න බැරි වෙලා තියෙන්නෙ.. එයා එයාගෙ හැගීම් පිටතට පෙන්නන පාවිච්චි කරන්නෙ චිත්‍ර නැත්තම් මොකක් හරි දෙයකින් ලියලා.. අපි එයාට ලියන්න කියන්න ඉගැන්නුවා ඩොක්ටස්ලා කියන විදියට නිවැරදිව ප්‍රතිකාර කලොත් කාලයකින් අපිට එයාව ආයෙමත් හොද කරගන්න පුලුවන් වෙයි අඩුම ගානින් වචනයක් දෙකක්වත් කතා කරන්න..ස්වරා මියුසික් වලට ආදරෙයි එයා හරිම දක්ශයි එයාට චිත්‍ර අදින්න වගේම හැම වැඩක්ම පුලුවන්...."
"ඔයා කොහොමද එයා කියන දේවල් හොදට තේරුම් ගන්නේ..."
"එයා කතා කරන්නෙ හදවතට එයාගේ හැගීම් තේරුම් ගත්තොත් ඔයාටත් පුලුවන් වේවි එයාගේ භාෂාව ඉගනගෙන එයත් එක්ක ඉක්මණට කතා කරන්න....හැගීම් වලට පුලුවන් වචන වලට වඩා ඉක්මණට දේවල් කියන්න..." ඈ එසේ පවසා යලිත් ප්‍රගීත් ඇයත් අතරින් දිව ගිය ලමා රංචුවට ප්‍රවේශම් වෙන්නට යැයි හඩ නගා පැවසුවා.