♟️🖤(23)නුහුරු නුපුරුදු බැදීම්💙🦋

30 3 0
                                    

තවත් මාසයක්ම ගෙවිලා ගියේ කාලය කියන දේ අපි කාටවත් පාලනය කරගන්න පුලුවන් දෙයක් නෙමේ කියලා පෙන්නන ගමන්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

තවත් මාසයක්ම ගෙවිලා ගියේ කාලය කියන දේ අපි කාටවත් පාලනය කරගන්න පුලුවන් දෙයක් නෙමේ කියලා පෙන්නන ගමන්... ඒත් අපේ ජීවිත තාවකාලික විදියට හරි සන්සුන් විදියට ගලාගෙන ගියා සාහිල් නිතේෂ් දෙව්ලි කියන තුන්දෙනා වෙන් කරන්න බැරි විදියටම එකට බැදුනා.. ඒ දෙන්නගෙන් දෙව්ලිට ලැබුනේ කුමාරිකාවකටවත් නොලැබෙන තරමේ ඉස්තරම්ම සැලකිලි.. සාහිල් වෙලාවකට උයන කෑම වල රස පරීක්ෂකයා ඉස්සර මන් උනාට දැන් ඒක කරන්නේ දෙව්ලි.. සාහිල් ඉස්සර ඉදන්ම උයන පිහින වැඩ වලට දක්ෂයි.. ඉස්සර අපි මෙහෙ එන්න කලින් හිටපු තැනේ වෙලාවකට අපිට දඩුවම් විදියට කෑම බීම තහනම් කරනවා වේල් ගානකට ඔය වෙලාවට අපි කරන්නෙ කුස්ස්සියෙන් හොරෙන් උස්සපු එකේක දේවල් වලින් එතන ඉන්න මේන් ගාර්ඩ්ලාට නොදැනෙන්න කෑම හදාගෙන කන එක.. පස්සේ ඕක සාහිල්ට විනෝදයක් උනා දැන් එයා අතට අහුවුන මොන දේකින් හරි කෑමක් රසට අපිට හදලා දෙනවා..සාහිල් ඉන්නකන් අපිට බඩගින්න ගැන ඒ කාලේ ප්‍රශ්ණයක් තිබ්බෙම නෑ.. දැන් එයාට දෙව්ලි ඉන්න නිසා කෑම හදන්න හයිෆයි කිචන් එකක්ම ලැබිලා ඉතින් සාහිල් ඉඩ ලැබුන හැම වෙලාකම දෙව්ලියි නිතේශ් එක්ක ඒකෙ එකේක වර්ගෙ කෑම අත් හදා බැලුවා.. ඔය අතරෙ අනිත් කෙනා නිතේශ්.. එයාට අලුතින් ස්ටයිලිශ් කෙනෙක් හම්බෙලා නිතේශ් තමයි මගේ ඔලුවෙ ඉදන් පාදන්තය වෙනකන් අදින පලදින හැම එකක් ගැනම ගානට හොයලා බැලුවේ මට ඇත්තටම ඕවා ගැන හොයන්න වෙලාවක් ලැබුනේ නෑ..ඒකට උදව් කරන්න දැන් එයාට ගැලපෙන කෙනෙක් හම්බෙලා හම්බුන සහකයා එක්ක දැන් ඒ දෙන්නා මගේ මුළු අල්මාරියෙ තිබ්බ ඇදුම් ඔක්කොම වෙනස් කලා.. ඒ තුන් දෙනා කොහොඹ වැලට කරවිල වැල එතිලා වගේ සතුටින් සාමයෙන් ඉද්දි දෙව්ලිගෙයි මගෙයි අතරෙ තිබ්බ බැදීමට දෙන්න මට නමක් තාමත් හොයාගන්න බැරි උනා..ඔය විදයට තමයි අපේ ජීවිතේට හම්බවුන සරලම නිදහස්ම මනුස්සයා අපේ ජීවිත එයාගෙන් එයාගෙ සිතුම්පැතුම් වලින් සංකීර්ණ කලේ..දෙව්ලි අපි තුන්දෙනාට පෙන්නුව කෙනෙක්ට හමුවෙන සරලම ගතිපැවතුම් තියන කෙනා තවත් කෙනෙක්ගෙ ජීවිතයක් එයාගෙ හැගීම් වලින් පුරවලා සංකීර්ණ කරලා දානවා කියලා ගත වුණ කාලය පුරාවටම එයා ඒ දේ අපිට ඔප්පු කරලා පෙන්නුවා.. මන් දෙව්ලිව අන්තිමේදි මගේ සිංදුවට අදාල වයලින් පාට් එක පුරුදු කරලා අවසන් කලා.. තව සතියකින් එයාට පුලුවන් එයාගේ ෆයිනල් පර්ෆෝම් එක ස්ටූඩියෝ එකේ රෙකෝඩ් කරන්න දෙන්න.
        අපි තාමත් විධාස් පස්සෙන් යනවා මාසයක් ගිහිල්ලත් අපි අන්සාර් ගාවට යවපු ඔත්තුකාරයෙක්ට කිසිම විදියක තොරතුරක් හොයාගන්න බැරි උනා.. ඇක්සිඩන්ට් එක සම්බන්ධව කිසිම අලුත් තොරතුරක් හම්බුනේ නෑ.. ඇතුගල පවා මේ දවස්වල නිහඩයි..ඒත් එයාගෙයි චාලිගෙයි ගණුදෙනු නම් තාම ඉවරයක් නෑ නයායි මුගටියයි වගේ කොහෙ හරි අවුලගනිමින් හිටියා....ඇතුගල එදා කියපු විදියට චාර්ලි ගැන විස්තර හෙව්වත් ඒකත් අසාර්ථක උනා.. චාර්ලි වැඩ කලේ බොහොම පරිස්සමින් එයාට අවාසියක් කියලා හිතෙන අඩියක්වත් එයා තියන්නෙ නෑ . ලද තොරතුරු වලට අනුව ඉතින් අපි එයාගෙ තැන් දෙක තුනකුත් විනාස කලා.. ඉතින් මේ දවස්වල අන්සාර්ගෙ විතරක් නෙමේ චාර්ලිගෙ ඇසුත් අපි දිහාවට යොමු වෙලයි තිබ්බේ.. .

🖤♟️8 Letters 💙🦋Dove le storie prendono vita. Scoprilo ora