🖤♟️(33)මට උදව් වෙන්න💙🦋

25 2 0
                                    

තවත් අඩහෝරාවක් පමණ සීසීටිවි දර්ශන නරඹලා පාර්කින් ඒරියා එකේ තිබ්බ සැක සහිත ජීප් එකක් පිටිපස්සෙන් අපි යන්න ගත්තා.. සාහිල්ගෙ ෆෝන් එකේ සිග්නල් නැති උන දිහාවට ජීප් එකත් ගමන් කරපු නිසා හිතුව විදියටම දෙව්ලිලව අරන් ගියපු වාහනය පිටිපස්සෙන් එයත් යන්න ඇති..

"ශාලු මිස්ගේ වාහනේ අපි හොයාගත්තා ඒක වලව්වට යන අතුරු පාරක නවත්තලා තියෙන්නේ..සමහර විට ඒක එයාලට කාලය ගන්න ඕන නිසා අපිව නොමග යවන්න කරපු දෙයක් වෙන්න ඕනේ" නිතේශ් එසේ පවසමින් අපි සැක කරපු ජීප් රථය ගමන් කරපු මාර්ගය ගැන හොයන්න ගත්තේ දිගින් දිගටම නොවසිලිවන්ත අයුරින් තම ලැප්ටොපයේ කීබෝර්ඩයට තට්ටු කරමිනි

දැන් දෙව්ලිට මොනවා වෙලා ඇත්තද..දෙව්ලිලව අරන් ගියපු කෙනා කව්රු වෙන්න පුලුවන්ද ඒ ඇතුගලගෙ හතුරෙක්ද නැත්තම් මන් ගැන ඉව වැටුන කෙනෙක්ද

"බොස් දෙව්ලි මිස්වයි ශාලු මිස්වයි කිඩ්නැප් කරලා තියෙන්නේ.... නිතේශ් නොනවත්වා රින්ග් වෙන තම දුරකථනයහි ස්ක්‍රීන් එක දෙස බලමින් හඩ මදක් බාල කොට උගුරහි යමක් සිරවූ වා සේ තම මුව සකසමින් "ඒ අන්සාර්ගෙ කටිටියක්.."යැයි කියා පැවසුවේ ගිනිගෙන දැවමින් තිබ්බ හදවතට තවත් පෙට්‍රල් කෑන් එකක්ම වක්කරමිනි.. එහෙනම් ඒ මගේ හතුරෙක් දෙව්ලිට ඒ දේ සිද්ධ වුණේ මන් නිසා තමයි එහෙනම්

"එයාලා ටිකකට කලින් ශාලුගේ තාත්තට පණිවිඩයක් යවලා තියනවා එයාව ඕන නම් එයාලා ඉල්ලන මුදල ඕනෙ කියලා..."

"එතකොට දෙව්ලි..නිතේශ් දෙව්ලිට මොකද.."

"ඇතුගලටත් එයාලා පණිවිඩයක් යවලා තියනවා බොස් ..ඒකෙ නම් කියලා තියෙන්නෙ ඇතුගලට දෙව්ලි මිස්ව ඕනෙ නම් එයාලාව හම්බෙන්න එන්න කියලා...මන් හිතන්නේ විධාස්ගෙ මරණය පිටිපස්සෙ ඉන්නෙ ඇතුගල කියලයි එයාලා හිතාගෙන ඉන්නෙ!"

"දැන් ඇතුගල මොනවද කරන්න හිතන් ඉන්නේ.. " මගේ දෑත නොසන්සුන් අන්දමින් හිසකෙස් සමග ගැටෙන්න ගත්තා

"එයා....බොස්ට කියලා එවලා බොස් පටන් ගත්ත දේ ඔයාටම ඉවරයක් කරලා දාන්න කියලා ඒ වගේම දෙව්ලි මිස්ව ආපහු අරන් එන්නත් කියලා..ඒත්  එයාලා අපිට තැන ගැන කියලා නෑ"තම ෆෝනය මගේ ඉස්සරහා රදවපු නිතේශ් එහෙම කියාගෙන ගිහින් තමාගෙ සපත්තු වලින් ඒ පොලවහි රවුම් අදින්න ගත්තා..

🖤♟️8 Letters 💙🦋Where stories live. Discover now