🖤♟️(19)ළදරු විකාර💙🦋

33 3 0
                                    

රාත්‍රී නවය හමාර පමන වන විට සියලු දෙනා ඩිනර් එකක් ගත්තට පස්සේ එතන හිටපු මිනිස්සු ඩාන්ස් ෆ්ලෝර් එකට ගිහින් සංගීතෙට පැද්දි පැද්දි ඉද්දි ප්‍රගීතුත් අපි ලග ඉදගෙන ඉදලා කෑම ගැන සාහිල් නිතේෂ්ට දේශනාවක් දිදී හිටපු දෙව්ලිව ඇදන් එකපාරටම එතන ඉදි කරලා තිබුන ඩාන්ස් ෆ්ලෝර් එක පැත්තට දිව්වා.. තව කොල්ලො දෙන්නෙක්ද එතනට ඇවිත් දෙව්ලිව වට කරන් මොන මොනවදෝ මුනු මුනු ගෑවා එයා බෑ කියන්නට මෙන් හිස සලලා අවසානයේ ප්‍රගීත් දිහාවට හිස සලලා ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාවට වේගයෙන් ඇතගිලි යවලා මොනවදෝ මන්දා හොයාගන්නට පටන් ගත්තා...සොයාගත් දේ ඇය අවසානයේ වටේට හිටපු පිරිසට පෙන්නුවම එතන හිටිය කොල්ලො ටිකත් කැමති බව හගවමින් ඔලුව වැනුවාම ප්‍රගීත් පාර්ටියෙ සංගීත කණ්ඩායම දිහාවට හිමින් ගිහින් මොන මොනවදෝ කියලා එතනින් මයික් එකක් ඉල්ල ගත්තා...

"හලෝ...හලෝ... මේක අපේ බර්ත්ඩේ ගර්ල් ශාලු වෙනුවෙන් එයාගේ පුංචි බෑන්ඩ් එකේ කට්ටියගෙන් පුංචි සප්‍රයිස් එකක්...." යැයි පවසද්දි පාර්ටියෙ හිටපු හැම දෙනාම ප්‍රගීත් දිහාවට ඇස් යොමු කලා..ශාලනීත් ගිහින් ඉස්සරහින්ම තිබ්බ පුටුවක වාඩි උනේ පුදුමෙන් වගේ... ශාලුව විතරක් නෙමේ මාවත් නිතේෂ්වත් සාහිල්වත් පුදුම කරමින් ප්‍රගීත් දෙව්ලිවත් එයා හිටපු තැනට අරගෙන ගිහින් එයා අතටත් මයික් එකක් දුන්නා...

"හැපි බර්ත්ඩේ ශාලු.. අපි හැමදාමත් ඔයාට සතුට ප්‍රාර්ථනා කරනවා" කියලා දෙව්ලි හිමින් හිමින් මයික් එකට ලැජ්ජාශීලිව මිමිනුව අතරේ ඈ පිටුපසින් තවත් උස හැඩිදැඩි පිරිමි ලමයෙක් ඇවිදින් "අපි හැමදාමත් ඔයාට ආදරෙයි" කියූ විට ශාලනී ඔහු වෙත හාදුවක් පා කර හැරියා.. අවසානයේ තවත් පිරිමි ලමයෙක් එතනට පැමිනි පසු ප්‍රගීත් පිටිපස්සෙන් හිටිය බෑන්ඩ් එකට ඇසින් ඉගියක් යැව්වා..මොන නාඩගමක්ද මේ කොලු පැටව් ටිකක් එක්ක එකතු වෙලා මෙයා දැන් මෙතන නටන්න යන්නෙ ...

" බොස් චූටි මිස් සින්දුවක් කියන්නද කොහෙද යන්නේ " යැයි සාහිල් පවසා අමුත්තන්ගේ අත්පොලසන් නාදයට එක් වෙලා මහ හයියෙන් අත්පොඩි තලන්න ගත්තා

🖤♟️8 Letters 💙🦋Onde histórias criam vida. Descubra agora