![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. බලය,වෛරය ,පළිගැනීමක් අපේ ජීවත උඩු යටිකුරුපු අන්දම මේ හින්දම මීට අවුරුදු හතරකට කලින් මට ඉතුරු වෙලා තිබ්බ අහම්බෙන් හම්බුන හැමදෙයක්ම පරිත්‍යාග කරන්න උන හැටි..හැමදෙයක්ම නැති වෙලා ගිහින් පාලුව ආයෙමත් ජීවිතය පාලනය කරගන්න පටන් ගත්තා..අන්තිමට බිදිලා ගියපු වීදුරුවක් විදියට මම ඉතුරු වුණා ... දෙව්ලි තමයි අන්තිම වතාවට හමුවුණ එකම බලාපොරොත්තුව හිස් වුන මනසකුයි මැරුණු හදවතකුත් එක්ක ජීවත් වෙච්ච මට මනුශයෙක් වෙන්න.. ඒත් අවසානයේදී අපිට මාර්ග දෙකක් තෝරගන්න අපිට සිද්ධ උනා ඒ එයත් මාත් වෙනුවෙන්.. එයා තමයි සතුට වෙනුවෙන් ඇති වුණ අන්තිම බලාපොරොත්තුව උනෙත් අවසන් ප්‍රාර්ථනාව වුනෙත් එතනින් එහාට බලාපොරොත්තුවක්වත් ප්රාර්ථනවක්වත් දැන් මට ඉතිරි වෙලා නෑ ..
අවුරුදු හතරක් දෙව්ලි නැතිව මන් මේ වලව්වෙව් ජීවත් උනා.. කවදා හරිම මොන හරිම දෙයක් වෙනස් වෙයි කියලා මන් තාමත් මග බලා ඉන්නවා. සමහර අයගෙ මතේ අනුව අපි අපේ හදවතට තදින්ම බැදගත්ත කෙනෙක්ව අමතක කරන්න අපිට මාස පහලවකුත් දවස් විසි හතකුත් යනවලු ඒත් දෙව්ලි නැතිව ගෙවන හතරවෙනි අවුරුද්ද වෙලත් තාමත් එයාව මට අමතක වෙලා නෑ....ඒ සමහර විට දෙව්ලි කියන්නෙ මන් බැදුන එකම කෙනා නිසා වෙන්න ඇතිද..ඒ මතක තාමත් මාව හොල්මන් කරවනවා එයා දුවපු හැම තැනම තාමත් එයා ජීවත් වෙනවා වගේ මට දැනෙනවා අවසාන දවසෙ එයා මේ ආර්ට් කාමරේම විනාශ කරලා දාලා ගියාට තාමත් ඒකෙන් ඉස්සර දැනුන තීන්ත සුවදම දැනෙනවා.. සෝල්දරයේ තිබ්බ සිසිල් සුලං එයා නැතුව තව දුරටත් සීතල උනේ නෑ.. රෑ අහසෙ තරු දිහා බලා ඉන්නවත් මට පුලුවන් කමක් නෑ... හැම තැනකම වගේ එයාගෙ මතක තාමත් හොල්මන් කරනවා.. ජීවිතේට සුන්දර සිහිනයක් වෙලා ලං වුන එයා දැන් මගේ අන්ධකාරයෙ මතක අතරට එක් වෙලා මතක් වෙන හැම වතාවකටම හදවතට අප්‍රමාණ දුකක් ගෙනවිත් දෙන්න පුලුවන් දුක්බර සිහිනයක් උනා..හැම රෑ සිහිනයකම එයා මන් ගාවට එනවා ඇවිදින් ඉස්සර වගේම දයාබර වචන කියනවා ඒත් එයාව දැකගන්න දැනෙන අසීමිත ආශාවෙන් මන් ඇහැරෙනවා උනත් තව දුරටත් මන් ගාව එයා නෑ.. නිදි නැති රෑ වල් කීයක් නම් මන් ඔය විදියට ගත කරන්න ඇතිද ඒත් කාලය ගත උනා මිසක තාමත් ඒ දේවල් ඉවර නෑ මේ දේවල් මගේ හිත විතරක් නෙමෙ ගතත් එක්ක ලෙඩ කලා.. ඒ උනාට මේ දේවල් වලට මන් සුදුසුයි..වේදනවට මන් සුදුසුයි මුලින්ම ඔය විදියට සියුම්ව දැනුන රිදීම් කාලයත් එක්ක දැරිය නොහැකි වේදනාවලටම හැරෙනව්වේ තව තවත් වේදනාව කියන දේ විතරක් මට සුදුසුයි කියන දේ අනේක ආකාරයට මතක් කරන ගමනුයි. කාලය කියන දේ වේගයෙන් ගාලාගෙන ගියත් මට දැනුනෙම එක දවසක් තනිකමෙන් පුරුන මුලු අවුරුද්දක්ම වගේ ...
තාමත් මන් දෙව්ලි වෙනුවෙන් මග බලනවා කවදා හරිම එයාගෙන් මැසේජ් එකක් ලැබේවි කියලා ඒත් ඒ බලාපොරොත්තුව ආශාව කවදාවත් මන් කොච්චර බලාගෙන හිටියට ඉශ්ඨ උනේ නෑ.. සමහරවිට එයා මාව අමතක කරලා ඇති සිද්ධ වෙච්ච හැමදෙයක්ම එයා අමතක කරලා ඇති. ඒත් තාමත් එයා මට වෛර කරනවා වෙන්න ඇති හැතැක්ම ගානක් දුර හිටියත් මට තාමත් ඒ වෛරය දැනෙනවා නිහඩ හැම රෑකම කදුලු වලින් පෙහිලා ගියපු ඒ ඇස් මතක් වෙනවා අමතක කරන්න හදන හැම මතකයක්ම හීනෙකින් හරි පෙනිලා මාව ආපහු නොමරා මරනවා..
![](https://img.wattpad.com/cover/352627798-288-k81474.jpg)