මට දෙව්ලිත් එක්ක කතාබහට පස්සේ ස්ටුඩියෝ එකට යන්න හිතක් තිබ්බෙ නෑ ඒ නිසාම සාහිල් නිතේෂ් එක්ක සෑහෙන කාලයකට කලින් ඇතුගලට හිරෙන් හදාගත්ත අපෙම තැනට යන්න හිත හදාගෙන මන් යූ ටර්න් ගහලා ආවා..
දෙව්ලිත් ලෝකයත් හිතාගෙන ඉන්න විදියකට මන් ඇත්තටම ඇතුගලගේ යාලුවකුගෙ පුතෙක් නෙමේ.. මට මගේ දෙමාපියන්ව මතක තිබ්බෙ නෑ.. මට තිබ්බ එකම මතකය මට අවුරුදු තුනක් වගේ වෙච්ච කාලෙකදි මගෙ ඉස්සරහා ගෑනු කෙනෙක් ඇක්සිඩන්ට් එකකින් මිය ගිහින් ඉන්නවා විතරයි මන් විශ්වාස කරන විදියට ඒ තමයි මගෙ අම්මා.. ඇතුගල මට කියපු විදියට මට පෙන්නපු බර්ත් සටිෆිකට් එකත් බොරු එකක්.. මගෙ බර්ත් සටිෆිකට් එකට අනුව දෙපලක් හිටියා තමයි ඒ අය කාලයකට කලින් මිය ගිහිනුත් තිබ්බා. ඇත්තටම ඒක මාර ප්‍රෙහෙලිකාවක් .. ඇයි ඇතුගල එයාගෙ යාලුවෙක්ගෙ දරුවෙක් මේ මන් වගේ මිනීමරුවෙක් වෙන්න හැදුවෙ ..ඇතුගල කවදාවත් මට පැනලා යන්න තියා ජීවිතේ අවසන් කරගන්නවත් ඉඩ දුන්නේ නෑ.. එයා මාව ට්‍රේන් කලා කාටවත් කවදාවත් මාව පාලන කරන්න බැරි තරමට ඒකෙන් එයාට තර්ජනයක් කියලවත් එයා හිතුවෙ නෑ... ඒ ඇයි.. මන් සෑහෙන කාලයක් තිස්සේ මගේ දෙමාපියෝ ගැන හොයන්න හැදුවත් එයාලා ගැන කිසිම විදියක විස්තරයක් හොයාගන්න නෑ ... ඒක හරියට එහෙම කට්ටියක් හිටියා උනත් කවුරු හරි එයාලව මේ ලෝකෙන් අරන්ම දාලා වගෙ.. මට හොදටම විශ්වාසයි අම්මගෙ ඇක්සිඩන්ට් එක පිටිපස්සේ ඇතුගල ඉන්නවා කියලා ඒත් ඒක තහවුරු කර ගන්න ප්‍රමාණවත් සාක්ෂියක්වත් තොරතුරක්වත් තාමත් මට අවුරුදු ගනනාවක්ම හෙව්වත් හොයාගන්න ලැබුණේ නෑ...
"බොස්......" මට වඩා සෑහෙන වැඩි පෙනුමකින් යුක්ත පිරිමින් කිහිප දෙනෙක් පැමින ආචාරශීලීව මා ඇමතුවා..