"මේ දැන්ම ඕක ඉවරයක් කරලා දාන්න දෙව්ලි......"චාර්ලිගෙ කට හඩින් දෙව්ලී ගැස්සී ගියාය.. ඇතුගලගේ හිස මත තබා තිබූ රිවෝල්වරය මත ඇගේ කුඩා ඇගිලි අසීරුවෙන් මෙන් එහෙ මෙහේ වූවාය. ඒත් ඇයට ඔහුට වෙඩි තැබීමටවත් නැවතත් ඔහුගේ දෑස් දෙස හරි හමන් ආකරයෙන් බැලීමටවත් නොහැකි විය.
"තවත් මොනවද බලාගන ඉන්නේ..ඔයාට ඕන උනේ මේ දේ නෙවේද..ඉතින් තවත් බලාගෙන ඉන්නෙ මොකක්ද??"
"ඔයාට මාව මරන්න බෑ සුරංගනාවී එහෙම නේද...ආ....ඔයාට පුලුවන්ද?? ඉතින් එහෙනම් මාව මරන්නකෝ..ඒත් ඔයා බයයි එහෙම නේද?? ඔයා තාමත් දුර්වලයි ඔයා හැමදාමත්..."ඇතුගලගෙ සරදම් වියරු හඩ ඒ පැරණි කන්යාරාමයෙන් ගිනිබත් වෙලා ඉතුරු වෙලා තිබ්බ අබලන් ගොඩනැගිල්ලෙ බිත්ති අතර රැව් පිලි රැව් දුන්නා..ඒ ඇස්වල තිබුනෙ බයක්ද උපහාසයක්ද ලැජ්ජාවක්ද මොකකක්ද ඒක හරිහැරි තේරුම් ගන්න පුලුවන්කමක් දෙව්ලිට තිබුනෙ නෑ...
"ඔයා දුර්වල පුංචි ලමයෙක්..ඔයා කලේ හැමදාම මට ලැජ්..." ඇතුගුල හුස්මක් අරන් පුලුවන් උපරිම කෑගහලා කියද්දි දෙව්ලි ඇගේ වදනින් ඔහුව නැවත්තුවා
"ඇයි මාව ඔයාට ලැජ්ජාවක්ද...හහ් ඔයා කවදාවත් දැනගන්න හිටියෙ නෑ දැනගන්න විදියකුත් නෑ මන් ජීවත් උනේ කොහොමද කියලා..එහෙම තියෙද්දිත් මාව ඔයාට ලැජ්ජවක්ද.."
"ලැජ්ජවක්....ඔව්.... ඔයා වගේ කෙල්ලෙක්ව හදාගන්න උනත් ලැජ්ජාවක්..." ඇතුගල මහ හඩින් යලිත් එලෙස පවසා සිනා සෙන විට ඔහු බලපොරොත්තු නොවූ ආකාරයට ඔහුගේ කම්මුල මතට ඇයගෙන් වැරෙන් පහරක් ලැබිණි..
"ඔයා මාව නැති කරලම දැම්මා..මගේ හැමදෙයක්ම මගෙ අසරණ අම්මා මගෙ තාත්තා මගෙ මුලු පවුලම .ඒ මදිවට මගේ මුලු ජීවිත කාලෙ පුරවටම තාත්තා කියන වචනෙ පිටිපස්සෙ හැංගිලා ඉදන් අනේක විධි දුක් දුන්නා..මට ඔයාට මගෙ අම්මට තාත්තට කක දේ වෙනුවෙන් දඩුවම් දෙන්න ඕනේ ඇතුගල මට ඒ වෙනුවෙන් පලි ගන්න ඕනේ" ඈ පලිගනීමට වියරු පිපාසාවෙන් පෙනෙන තැනැත්තියක් ලෙස රතු වූ දෑස් සමග එලෙස පවසමින් ඇතුගල හැද සිටි කොලරය මත දෑත් යවා ඔහුව ගැට ගසා සිටි පුටුවහි පත්ත මතට වැරෙන් තල්ලු කලා..