"අවධානය දෙන්න ලමයි මට ඔයාලට වැදගත් දේවල් කිහිපයක් කියන්න තියෙනවා...." පංතිභාර ගුරුතුමියගේ ගොරහැඩි වචන සවනත වැකෙද්දි මම බාගෙට නිදිකිරමින් වැතිරිලා හිටිය ඩෙස්ක් එකෙන් මදක් ඉහලට ඉස්සිලා ගුරුතුමියගේ වොයිස් එක ඇහුන දිහාවට ඇස් යොමු කලා..
ටීනා එහෙමත් නැත්තම් අපෙ පන්තිභාර ආදරණීය,අහිංසක ගුරුතුමී...අපොයි අපොයි මට වැරදුනා අහිංසක කියන විශේෂණ පදේ අයින් කරන්න එයාගේ සීනු පරදන්න පුලුවන් වොයිස් එක ඇහුන කෙනෙක් නම් කවදාවත් එයාට අහිංසක නම් කියන එකක් නෑ මට පොඩ්ඩක් වැරදුනා......ටීනා මිස්ට දිගට හරහට ස්කෝලේ දේවල් කෝච්චියක් වගේ කියාගෙන කියාගෙන යන්න ගියා.. ඒවා අහන් ඉද්දි ඉබේටම වගේ මට ආයෙත් නින්ද යාගෙන වගේ එද්දිම...... "එලීනා..මන් මෙතන මෙච්චර වැදගත් දෙයක් කියද්දි ඔයාට නිදිමතයිද.එහෙමත් නැත්තම් දවස තිස්සේ පොඩි අශ්ව පැටියෙක් වගේ ස්කෝලේ පුරා දුවලා මහන්සිද" ටීනා මිස් පල්ලියේ සීනුව පරදලා මුලු ක්ලාස් රූම් එකම දෙදරලා යන්න කෑගහලා අහද්දි මාත් උඩ දිව්යලෝකෙටම ගිහින් ආයේ පහලට වැටුනා.. මගේ එහා පැත්තේ හිටිය මගේ අතිජාත මිත්රයෝ කැලත් හිකි හිකි ගගා හිනාවෙන්න ගද්දි මාත් ටීනා මිස් දිහාට අනේ එහෙම නෑ කියන්නට මෙන් පුටුව උඩ ඇබරෙන ගමන් දෑත් එහාටයි මෙහාටයි හෙලව්වා..
ඇයි ටීනා මිස්ට කවදාවත් මට අශ්ව පැටියෙක් වගේ කියන වචනෙ නොදා අවවාදයක් දෙන්නම බැරි අනික මේක ප්රංශයේ ගිම්හාන කාලෙ අවසන් භාගය තව ටික දවසකින් සීත කාලෙත් උදාවෙයි මේ කාලෙට මිනිස්සුන්ට මහන්සි දැනෙනවා වැඩියි තමා.. අනික මන් කරන රාජකාරි වල හැටියට මට හරි විදියකට නින්දක් ලැබෙනවා කියලද ඒකත් නෑ......"හරි හරි තව දෙයක් තියනවා අද ඉදලා අපේ ක්ලාස් එකට අලුත් ලමයෙක් එකතු වෙනවා.. සාමාන්යයෙන් අපි අලුත් ලමයි වසර අවසානෙට බදව ගන්නෙ නැති උනත්...මෙයා ටිකක් විශේෂයි ..." ටීනා මිස් ඇගේ හඩ බාල කරලා ඕප දූපයක් කියන්න යනවා වගේ ඇගේ එක් පැත්තකට අතක් තබලා බොහොම හිමින්...." එයා තමයි නගරාධිපතිගේ පුතා " යැයි කිව්වේ පන්තියෙ හිටියෙ සෙස්සන්ගේ හායී..හූයී ටිකත් එක්කමයි....