"ඔයාට ඇත්තටම පිස්සු හැදීගෙන එනවා නේද?"
"හහ් අපෝ ආයෙමත් ඔයාද..."
"ඇයි මට මෙතන ඉන්න තහනම්ද.."මන් ඒ අදුරු උස් බිත්තියට හේත්තුවෙන ගමන් මා පසු කරන් යමින් තාප්පය උඩට බඩගාන්න හදන පුංචි හොර කලවැදි පැටියගෙන් ඇහුවා..රාත්රි අහසෙ තාරකාවන් බබලමින් අහස් කුස හි නටන්න ගත්තත් අහල පහල ප්රදේශ වලින් ඇහෙන බලු තඩියොන්ගෙ හූ තිවිල්ලනම් අද දවස අසුභයි කියලා පෙන්නුවා.. ඊට වැඩියෙන් මේ අබලන් වෙච්ච කොයි වෙලේ හරි කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියන ගොඩනැගිල්ල පිටුපස තිබුන කුණු ඇලහි තියන ගද.කොයි වෙලේ හරි හුස්ම හිර වෙනවා..
"ඔයාට ඕනෙ නම් ඕන තැනක ඉන්න මට මොකද හැබැයි ඉතින් තව දුරටත් මෙතන හිටියොත් ඔයාගෙ ජීවිතේ ගැන නම් මම වග කියන්නෑ....." එයා එහෙම කියලා තාප්පයෙන් බිමට පැන්නලා එහා පස තිබ්බ ලී ගොඩනැගිල්ලට මුවා උනා
"හිමින් අඩිය තියන්න ඔව්වා දිරපු ලී ඔයාවත් එක්ක ඇතුකට බහී.."මගේ කීම තඹ සතයකට මායිම් නොකල දෙව්ලි ක්රීස් ගාමින් තවත් අඩියක ඒ ගොඩණගිල්ලේ තෙත් ලී කොටයක් උඩට තිබ්බා..
මේ මධ්යම රාත්රියේ ඒ ඇතිවෙන කුඩා ශබ්දයක් පවා කෙනෙක්ගෙ අවදානයක් ගන්න හොදටම ප්රමාණවත් "ඔහ් ශිට්...."ඇය ලි යට සාප කරන්න යන බව ඇගේ මුනෙන් තේරුනා..ලීයෙන් නැගුන ශබ්දයට වත්තේ කෙලවර මුර කුටියෙ හිටිය මුරකාරයගෙ විදුලි පන්දම් අපි දිහාවට එල්ල වෙන්නට මත්තෙන් මන් ඈව බිත්තියකට මුවා කලා.
"මාව අල්ලන්න එපා.."ඈ මගේ ග්රහණය හමුවේ දගලන්න ගත්තා
"මන් ජීවිතේටම ඔයා තරම් මුරණ්ඩු කෙනෙක් දැකලා නැහැ..ඇයි ඔයාට එකම එක පාරක්වත් කියන දේ අහන්න බැරි..ඇයි ඔයාට බැරි අඩුම කෝල් එකටවත් ආන්සර් කරන්න .. ඔයාගෙ වැඩ නිසා මන් කොච්චර වද වෙනවද දන්නවද කියලා ඔයාට පොඩිම හරි අදහසක් තියනවද දෙව්ලි ...." මන් මට බොහෝ සමීපයෙන් තිබුන ඒ කලු පාට විශාල ඇස් දෙක දිහා බලන් ඇහුවා