♟️🖤(5)විප්‍රකාර ආශිර්වාදය💙🦋

49 5 0
                                    

දෙව්ලිගේ කාමරේ දොර අරින්න ගැලපෙන යතුරක් සේවිකාව දීපු යතුරු කැරැල්ලෙ නැති නිසාම පොඩි කාලෙ වධකාරයේ අපිට දීපූ ට්‍රේනින් නිසාවෙන්ම යතුරක් නැති උනත් යතුරු කටුවක් එහෙමත් නැතිනම් කුඩා කම්බියක් මාර්ගෙන් හරි ඕන අගුලක් ඇරගන්න අපිට පුළුවන්කම තිබ්බා ඒ නිසා වා...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

දෙව්ලිගේ කාමරේ දොර අරින්න ගැලපෙන යතුරක් සේවිකාව දීපු යතුරු කැරැල්ලෙ නැති නිසාම පොඩි කාලෙ වධකාරයේ අපිට දීපූ ට්‍රේනින් නිසාවෙන්ම යතුරක් නැති උනත් යතුරු කටුවක් එහෙමත් නැතිනම් කුඩා කම්බියක් මාර්ගෙන් හරි ඕන අගුලක් ඇරගන්න අපිට පුළුවන්කම තිබ්බා ඒ නිසා වාසනාවන්ත විදියට මට මේ දොරත් ඇරගන්න ඒ තරම් අමාරු වුණේ නෑ...සුදු පැහැ ලී දොරහි තිබූ දොරගුල හඩක් නංවලා ක්‍රීස් හඩකින් විවර වුණා...
              ගැහැණු ළමයෙක්ගෙ පිලිවල කියන දේ බොහෝම වටින දෙයක් කියලා තමයි අපෙ අත්තා මුත්තගෙ කාලෙ ඉදන් කියලා දීලා තියෙන්නේ..ඒත් මොකක්ද මේ .........මේ කාමරේ දැකපු ගමන් හිතෙන්නේ යක්කු හැම දාම පාර්ටි දාන තැනක් වගේ කියලා.. තාවකාලික ලා රෝස පැහැ තිර රෙද්දකින් ඒ කාමරයේ ජනෙල් පමණක් නෙමේ බිත්ති පවා ආවරණය කරලා තිබ්බා.. මන් දොර අසලම තිබ්බ තිර රෙද්ද මදක් ඉහලට අදිද්දි හිතපු නැති ආකාරයට කවුරුන් හෝ කලබලයෙන් පටලවලා ගියපු තිර රෙද්ද ඔබේටම වගේ පේලියෙන් පේලියට බිමට කඩා වැටුනේ ඒ තිර රෙදවලින් සගවමින් ආවරනය කර තිබූ බිත්ති මගේ දෑසට නිරාවරණය කරමිනි..

කෝ මන් බලාපොරොත්තු වුන දෙව්ලිගෙ පුංචි වදකාරගේ..අඩුම ගානේ මගෙ හිතේ කොනක ඇදුන ෆයිල් ගොඩක් ,පොත් ගොඩක් එක්ක වට වෙච්ච ස්ටඩී රූම් එකකුත් වෙන්න තිබ්බා මෙතන... මගේ ඔක්කොම හිතලු නිශ්ඵලයි ඒක පුංචි වදකාගාරයක් නෙමේ ඒ වෙනුවට එතන තිබ්බෙ මන් හීනෙකින්වත් හිතපු නැති ආර්ට් රූම් එකක්...
               ඇත්තටම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්‍ර කාමරයක්. මොකද ඒ  කාමරේ කැන්වස් මත විතරක් නෙමේ බිත්ති පුරාවට නානප්‍රකාර සිතුවම් ඇදලා තිබ්බා. වෙනස් ඒක පුදුමාකාර වෙනසක් .ඒ අසාමාන්‍ය සිතුවම් දැක්කාම මට මගේ හිතේ පහල වෙච්ච අදහස පැහැදිලි කරන්න පුලුවන් ප්‍රමාණවත් වචන මන් ගාව නෑ.. ඒ පින්තූර ඒ චිත්‍ර දිහා බලද්දි දැනෙන හැගීමම පවා මහ අමුතුම ආකාරයේ වෙනස්ම දෙයක් උනා.මන් මගෙ ජීවිතේ කවදාවත් ඒ වගේ චිත්‍ර විදෙස් කලාගාරෙකදී ඇරෙන්න දැකලා තිබුනේ නෑ.ඒ සිත්තම් වර්ණ ගන්වලා තිබ්බෙත් අමුතුම පාට වලින් ඒ පාටවලත් මොකක්දෝ මහ අමුත්තක් තිබ්බා මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ දෙව්ලිගෙ චිත්‍ර වගේම ඒවත් මහ අමුතුයි...ඒත් ඒවලට ඕනම කෙනෙක්ව ඒවා කෙරෙහි නම්මව ගන්න ආකර්ෂණයක් තිබ්බා..ඔයාට පුලුවන් ඒවා දිහා දවසෙන් භාගයක් හරි බලන් ඉන්න.
           දෙව්ලිගෙ සිතුවම් ඇදි කාමරය තරමක විශාල කාමරයක් උනා...උඩට දිවෙන කුඩා තරප්පු පේළියකුයි නානප්‍රකාර සිතුවම් ඇදි බිත්තියි විශාල කවාකාර කිසිසේත් විවර කිරීමට නොහැකි පරිදි ඇතුලතින් ඇණ ගසා තිබූ ජනෙල් දෙකකුයි තැන තැන තිබුන තවත් සිතුවම් කොළයි කුඩා මේසකුයි පුටුවකුයි පොත් රාක්ක කිහිපයකුයි ගුවන්විදුලියකුයි ආ.....ගෙම්බෙක්ගෙ හැඩය ගත්ත නවීන ප්ල්ශ් පුටුවකුයි ,කෙළවරේ තිබුන කුකුලෙක්ගෙ හැඩේ ගත්ත ඔරලෝසුවකුයි හැරෙන්න ඒ කාමරේ තවත් වැදගත් කිසිම දෙයක් තිබුනෙ නෑ..

🖤♟️8 Letters 💙🦋Donde viven las historias. Descúbrelo ahora