ඔන්න එහෙනම් ඒ දවසත් උදාවුනා..දෙව්ලි වගේම මාත් නිවාසෙ හිටිය හැමෝමත් බාලාපොරොත්තු උන දවස..හැම තැනක්ම සතුටින් හිනා හඩවල් වලින් පිරිලා ගිහින් ඒවගේම හැම තැනක් රතු කොල පාටින් බබලන්න වුනා. මුලු නිවහනම අලුතින් බේක් කරපු කුකීස් වලින් , කේක් වලින් වලින් වගේම අනේක විදි රස කැවිලි සුවදවල් වලින් පිරී ඉතිරී ගිහින් තිබ්බා..සාහිල් එයාගෙ අලුතින්ම හදපු කුකීස් වර්ගය උදේ කැම මේසය මත හිටිය ළමයින් එක්ක බෙදා ගත්තෙ හරිම සතුටකින් නිතේශ් නත්තල් සීයගෙන් ලැබුන තෑගි තාමත් එයාලගෙ විවර කරගන්න බැරිව වද වෙන ලමයින්ට ඒ තෑගි ටික ඕපන් කරලා දෙන්මින් හිටියා.. කවදාවත් නොදැකපු සෙල්ලම් බඩු වලින්ද අනේක ජාතියෙ කෑම වලින්ද ඒ වගේම ලැබුන අලුත් ඇදුම් නිසාද මුලු නිවාසෙ හිටිය හැම කෙනාගෙම හිත් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනෙ සතුටකින්... දවසක් මේ තරම් ලස්සනද??? එතකොට මේකද ලෝකෙ ඉන්න මිනිස්සු එකතු වෙලා සමරන දවසක හැගීම ඉස්සර නම් මේ වගේ දවසක් ගැන මට හිතුනෙම ඒවා කලබල කාරියි පාරවල් වල සෙනග වැඩියි අනවශ්ය විදියට ශබ්දයි කියලා විතරයි ඒත් මන් හිතන්නෙ දෙව්ලි කිව්වා හරි මට දේවල් මග ඇරිලා.. මන් හිතන් හිටියට වඩා දේවල් සෑහෙන වෙනස් සතුට උත්සව කාලයකින් දැනුනේ සතුට ආදරය. මට මන් මේ වගේ දවස්වල කාමරයක් අස්සෙ හිර වෙලා හිටිය එක ගැන පසුතැවීමක් දැනුනා අපරාදෙ මටත් අඩුම ගානේ මේ වගේ දේවල් අත් විදලම බලන්න තිබ්බා.. මට ගොඩක් දේවල් මග ඇරිලා