(වර්තමානය)"ඇයි මට හිතෙන්නේ අද සිද්ධිය වෙන වෙලෙත් බොස් කලින් ඉදලම එතනට සුදු සමනලයා එයි කියලා දැනන් හිටියා කියලා" නිතේෂ් තම විමසිලිවන්ත දෑස් තම නායකයා වෙත හෙලමින් ඇසීය.
"හොදයි මන් හරියටම එයා එතනට ඒවි කියලා දැනගන හිටියේ නෑ ..ඇත්තෙන්ම මට ඒ සම්බන්ධව සැකයක් තිබුනා.. දිගින් දිගටම ඇතුගලට එල්ල වුන ඇටෑක් අතරෙ තිබ්බ විශේෂ දේවල් වගේම එදා පීටර්ගේ බොඩි එකේ තිබ්බ පිලිස්සුම් කැලැල් ඒ කව්ද කියලා එයාම මට ඔප්පු කලා....සුදු සමනලයමයි මගේ සැකය හරි කියලා ඔප්පු කලේ.."
"දැන් මොකද වෙන්නේ.....බොස්ට තාමත් එයාව මරන්නද ඕනේ..නැත්තම් එයාව පාවිච්චියට ගන්නද ඕනේ."
"ඒක මට භාරදෙන්න නිතේෂ්...එයා අලුත් සෙල්ලමක් පටන් අරන් අපිට සිද්ද වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයත් එක්ක මේ සෙල්ලම දිගටම සෙල්ලම කරන්න. ඒත් මතක තියාගන්න මේ වතාවෙ මේකෙදි දිණුම ලබන්න ඕනෙ අපි කියලා "
"ඒත්.......බොස් එයා......ඔයා දන්නවා දැන් හරියටම කව්ද කියලා ..ඔයාට බෑ... ඔයාට කොහෙත්ම බෑ ආයෙමත් අතීතෙ වෙච්ච දේවල් කරන්න "නිතේෂ් කලබල වූ ආකාරයෙන් යමක් පවසන්නට ගියත් නායකයා ඔහුගේ වදනින් ඔහුව නිහඩ කරවීය.
"නිතේෂ්...තමුන් ලිමිට් එක දැනගන්න.
ඔයා මගේ පර්සනල් බොඩිගාර්ඩ් කෙනෙක් නැතිව ඔයා මගේ භාරකාරයවත් මගෙ වෙන කවුරුවක්වත් නෙමේ..මගේ දේවල් වලට අතදාලා මගේ මාර්ගය හරස් කරන්න හිතන්නවත් එපා..ඔයාට ඕනේ එයා වෙනුවෙන් අනුකම්පා කරන්න වෙන්නැති ඒත් මේක අපෙ ප්ලෑන් එක නෙමේ..මගේ ජීවිතේම මන් කැප කලේ මේ පලිගැනීම වෙනුවෙන්.. අනුකම්පාව නිසා කිසි දෙයක් වෙනස් කරන්න දෙන්න බෑ. අනික මේකත් මතක තියාගන්න නිතේශ් ඔයා ඉන්නෙ මාව ආරක්ෂා කරන්න මිසක් වෙන කාවත් ආරක්ෂා කරන්න නෙමේ.. ඒ වගේම අද වෙච්ච දේවල් මගෙන් හංගන්න හැදුවට පනිෂ්මන්ට් එක ඔයා දන්නවා ඇති.දැන් යන්න ගිහින් අර මීට කලින් මෙතන හිටපු බියගුල්ලව ඉවරයක් කරලා දාන්න..ඔයාගෙ ගෝලයා තව දුරටත් මෙතනට ගැලපෙන්නෑ.. ඒ වගේම එහෙමයි කියලා අපේ රහස් එක්ක එයාට මෙතනින් එලියට යන්න දෙන්නත් බෑ..එතකොට තවත් දෙයක් එයා අපේ කෙනෙක් නෙමේ.. අපේ සැබෑ ප්‍රතිවාදියාගෙ ඔත්තුකාරයෙක්..."