🖤♟️(12)යුමිකෝ හමාඩා💙🦋

28 4 0
                                    

තාත්තී මට පුළුවන් ක්ලාස් එකේ වැඩ තනියෙම බලාගන්න ඔයාගෙ දුවව විශ්වාස කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තාත්තී මට පුළුවන් ක්ලාස් එකේ වැඩ තනියෙම බලාගන්න ඔයාගෙ දුවව විශ්වාස කරන්න...හරිද " දෙව්ලී එහෙම කියලා ඇතුගලගේ වම් දෑතට ,හාදුවක් දී මීටින් රූම් එකෙන් පැන දිව්වේ මීටර් සීය දුවන්නට විධානය ලැබුන ක්‍රීඩකයෙක් තරගයට දුවනවා වගේ..

"විශ්වාසද එයාව බලාගන්න පුළුවන් කියලා.. ඔයා හිතනවා වගේ නිරාන් එයා හරිම මුරණ්ඩුයි...."

"හ්ම්..එයා පොඩි ළමයෙක් විතරයි එයා කියලා මොනවා කරන්නද?? අපිට වෙන මුකුත් කතා කරන්න තියෙනවද?.."

"ඔව්..තව දෙයක් ..එදා ඔයා හොයාගත්ත ඔත්තුකාරයා අපේ කට්ටියට තාමත් හොයාගන්න බැරි උනා එයාව හොයාගන්න මට ඔයාගෙ උදව් ඕනේ.."

"මන් ඒ ගැන බලන්නම්.."

" එතකොට තව දෙයක්...චාර්ලි ඔයා එයාව අල්ලන්න ඕනේ..ඕන තරම් මිනිස්සු ගන්න ඕන තරම් ආයුධ ගන්න මට චාර්ලිව ඉවරයක් කරලා දාන්න ඕනේ" එහෙම කියපු ඇතුගල ඔහු සතුව තිබුන කී කාර්ඩ් එකක් මගෙ දෙසට දිගු කලා

"මෙතන තියනවා ආයුධ ගබඩාවෙ කී කාර්ඩ් එක..අවශ්‍ය දෙයක් එතනින් ගන්න දැන් ඉදලා ඔයාට අවසර තියනවා එතකොට මේකෙන් ගාර්ඩ්ලගේ මේන් බිල්ඩින් එකට යන්න පුළුවන්.. කැමති මනුස්සයෙක් ගන්න කිසිම කෙනෙක් ඔයාගෙ අණට විරුද්ධ වෙන එකක් නෑ...තවත් හිසරදයක් වෙන්න කලින් කොහොම හරි චාර්ලිව ඉවරයක් කරන්න"

හැමදෙයක්ම  හොදට තේරුනා වගේ ඔලුව වනපු මම මීටින් රූම් එකෙන් එලියට ආවා.. හැමදාම මෙහෙමයි ඇතුගලට ඉවරයක් කරන්න බැරි වැඩක් තිබුනොත් ඒක පැටවුනේම මට.. එයාගේ කුනු අදින්න උනේ මට ..පිටිපස්සෙන් ඉදලා හැමදෙයක්ම කරලා දීලා හැමදාම එයාව සතුටු කරන්න මට සිද්ධ උනා..

🖤♟️8 Letters 💙🦋Where stories live. Discover now