🖤♟️(30)එබැවින් නවතිමි🦋💙

18 1 0
                                    

"පුතා මන් කියන දේ හොදට සන්සුන් වෙලා අහන්න..." ඇතුගලගේ හැඩි දැඩි අත් මගේ අත් වටා එතුනෙ ඒ කාලයත් සමග වියපත් වෙලා බොද වෙලා ගිය අවපැහැ දෑස් මගේ දෑස් එක්ක ගැටෙද්දි

"මාව අල්ලන්න එපා මන් කැමති නෑ කවුරුත් මාව අල්ලනවට.." මන් ඒ අත් මගෙන් හැකි ඉක්මනට ඈත් කරලා දැම්මා

"මට තවත් ඔයා කියන කිසිම දෙයක් අහන්න ඕන නෑ ඇතුගල.... ඔයා හිතන්නේ මන් මේ දේවල් මුකුත් නොදන්නවයි කියලද.. මන් දන්නවා ඔයා මගෙ අම්මට මොකද කලේ කියලා..ඔයා මගෙ අම්මව මට නැති කලා..ඔයා ඔයාටම දැන් හරි හමන් තාත්තෙක් කියාගන්නවද...ඔයා වගේ කෙනෙක් කොහොමද මගේ තාත්තා උනේ..මොන විදියකට ඔයා මේ දේවල් ඔයා වහන්න හැදුවත් මන් දන්නවා ඔයා තමයි මිනීමරුවා......"මන් අන්තිම වචනේ පුලුවන් තරම් බර කරලා කිව්වේ පුලුවන් උපරිමයෙන් කෑගහලා..

"ඔයාට වැරදිලා නිරාන් ඒ මම නෙමේ.. ඒ ඔයාගෙ සීයා... එයයි මේ හැමදෙයක්ම කලේ මුලින්ම එයා ඔයාගෙ අම්මගෙන් මාව වෙන් කලා ඊටපස්සේ වාධිෂාවත් "

"අහ්.. බොරු මන් ඔයා ඕඩර් එක දීපු කෙනාගෙන්ම ඒ ගැන ඇහුවා.ඒ ඕඩරේ ගෙනාව කියලා එයා කිව්වා..." මන් එහෙම කිව්වත් ඇතුගල කිසිම කලබලයක් පෙන්නුවේ නෑ එයාගෙ මුහුනෙ ප්‍රකාශයන් පොඩ්ඩක්වත් වෙනස් උනේවත් නෑ..

"එයා ඔයාට එහෙම කිව්වද නැත්තම් එයා කලේ අනුමානයක්ද.. නෑ නිරාන්.. මේ හැමදෙයක්ම කලේ සීයා ඔයා හිතනවද දෙපාරක්ම... මගේ හැමදෙයක්ම නැති කරන් මේ තත්වෙට පත් වුණා කියලා ඔහු එයාගේ එදා අනතුරින් අප්‍රානික වෙච්ච පාදයක් පෙන්නුවා..." අනික මන් මාව නැති කරගනීවි කියලා කොහොමද ඔයා හිතුවෙ.." ඇතුගල ලොකර් ට්ක ඇතුලෙන් ගත්ත තවත් ෆයිල් එකක් මට දික් කලා.. ඒකෙ තිබුනෙ ඇතුගලගෙ තාත්තා ඒ කියන්නේ තෙජස් ඇතුගල විධාස් එක්ක ඉන්න ෆොටෝස් එයාලා මොකකට හරි අත්සන් කරනවා ෆයිල් කවරෙ ඇතුලෙ සරත් ඇතුගල නමින් විධාස්ගෙ මැර කල්ලියට සල්ලි යවපු සැහෙන කොල ගොඩක් එතන තිබ්බා..ඒ කියන්නේ විධාස් කිව්ව දේවල් බොරුවක්ද..

"ඒත් ඇයි..මේ හැමදෙයක්ම මෙහෙම වුණේ ඇයි..." මන් ඒ ෆයිල් කවරෙ තිබ්බ හැමදෙයක්ම දිහා බැලුවේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිවයි..

🖤♟️8 Letters 💙🦋Tempat cerita menjadi hidup. Temukan sekarang