"ඔයාට අදහසක් තියනවද...."මා එසේ කියමින් මා අසල හිද සිටි දෙව්ලිගේ දෑතහි හිඩැස් අතරින් මගේ දෑත් යැව්වා..
"ම්ම්......නෑ..."ඇය ඇගේ ඔඩක්කුව මත සිටියේ දෙව්ලිගේ ආර්ට් කාමරේ පුරාවට එල්ලී සිටි ඔරිගාමී හංසයින්ගෙන් එක් අයෙක් ඈගෙ දෑස් මානය රදවා එහි අඩු පාඩු සොයන අතරේ කිව්වා....
"ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද හොද ..මට තරගෙට ඉදිරිපත් වෙන්නනම් හොද අදහසක් ඕනේ.. මට ෆස්ට් ප්ලේස් එක නම් අරගන්න ඕනෙ නෑ ඒත්... අනේ මන්දා ඒත් යුමිකොගෙ අතින් එයාගෙ චිත්‍රයක් අරගන්නම ඕනේ" තවත් සති කිහිපයකින් දෙව්ලිගේ ආර්ට් ක්ලාස් එක ඉවර වෙනවා ඒත් එක්කම මගේ ඩ්‍රයිවර් ජොබ් එකකත් ඉවරයි.. ආර්ට් ක්ලාස් එක අවසනයෙ එයාලා ස්ටුඩන්ට්ලා ඇදපු ආර්ට් එකතු කරන්න ලොකු ප්‍රදර්ශනයක් පවත්වනවලු ඒකට ඉදිරිපත් කරන අවසාන චිත්‍ර අතරින් හොදම චිත්‍රයට දෙව්ලිගේ යුමිකෝගෙන් චිත්‍රයක් හම්බෙනවා කියලත් කියනවා.
"ඔයාගෙ ඕන අදහසක් ලස්සනයි දේව්..අර හදක් එක්ක තිබුන සූරියකාන්ත මල වගේ දෙයක් කොහොමද ...ඔයා ඒක වෙනස් කරලා ඇන්දොත් ඔයාට දින්න පුලුවන් වෙයි.. මන් හිතන්නෑ එහෙම අදහස් කාටවත් තියේවි කියලා.."
"ඒක පරණ අදහසක්..අනික විකාරයක්.." එයා එහෙම කියලා මූණ පුම්බ ගත්තා..
"විකාරයක් නෙමේ දෙව්ලි ඒක පුදුමයි..ඔයා ඒක විකුණනවනම් මන් කැමතියි ඒක අරගන්න.." මන් කිව්වේ ඇත්තටමයි දෙව්ලි ඇදපු චිත්‍ර අතරින් මන් ආසම එක උනේ ඒක.. කැලැල් හංගන් හැංගගෙන දිදුලන්න හදන හදකට ඉරෙන් පහස ලබලා දීප්තියෙන් පිපෙන්න ඕන මලක් හැම හේතු සාධකයක්ම අමතක කරලා අර හද වෙනුවෙන් පිපෙන එක ඇත්තටම ලස්සන අදහසක් නෙමේද මට ඒ චිත්‍රෙ දකින වාරයක් පාසා මතක් වෙන්නේ දෙව්ලිවයි මාවයි.. ඉතින් මට ඒක එයාගෙන් ඉල්ලන්න ඕන උනත් පමණට වඩා දේවල් මන් එයාගෙන් කොහොම නම් ඉල්ලන්නද