![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
සාකච්ඡාව අවසානයේ අපි හිටපු රැස්වීම් ශාලාවෙන් පිටතට ආපු මට මුලින්ම දකින්න හම්බුනේ සාහිල්වයි නිතේෂ්වයිසාහිල්, නිතේෂ් කියන්නේ මට දැනට හම්බුන මට ඉන්න විශ්වාසවන්තම සේවකයෝ දෙන්නා. අවුරුදු දහයක වගේ කාලෙදියි මට එයාලව මුලින්ම මුන ගැහුනේ ඒ වගේම මට අවුරුදු දහසයක් වෙන කාලෙදි මට වඩා අවුරුදු දෙක තුනක වැඩිමල් වෙච්ච එයාලව මගෙ පර්සනල් බොඩිගාර්ඩ්ලා විදියට තෝරගන්න චාන්ස් එකක් හම්බුනා.අපි එකට ට්රේන් කලා, ඒවගේම එකට හම්බුන හැම මිෂන් එකකටම ගියා කටුක දුෂ්කර කාලවලදි මුකුත් නොකියාම එයාලා මාව අත්නෑරම හිටියා . ඒ දෙන්නා කිසිම බැදීමක් නැති මගේ ජීවිතේට පුංචි උදව්වක් උනා.මට බැදීම් වලින් පැටලෙන්න උවමනා නෑ ඒත් ඒ දෙන්නව හමුවුණ එකට මගේ හදවතේ කොනක මොකක්දෝ ප්රකාශ කරන්න නොහැකි අන්දමේ හැගීමක් තිබුණා.
"බොස්...ලොකු මහත්තයා අපිටත් මෙහෙ නවතින්න කිව්වා. ඒත් මට ඒ ඇයි කියලා හිතාගන්න බෑ" නිතේෂ් එහෙම කියන ගමන් රැස්වීම් ශාලාවෙ කෙළවරේ තිබුණ කොරිඩෝවකින් පහල තට්ටුවට යන පඩිපෙළක් දිගේ ඇවිදගෙන යමින් කිව්වා.
"සමහර විට බොස් හිතනවා වගේ ඇතුගල මහත්තයාට උවමනාවක් නැතිව ඇති ආයෙමත් බොස්ව හිර කරලා තියාගන්න" සාහිල් නිතේෂ්ගේ කතාවට හවුල් වෙමින් ඇතුගල වලව්වේ වටේට එයාගේ උකුසු ඇස් යැව්වා..
"අපි වධකාගාරයකින් එළියට ආවා තමයි.ඒත් අපි ආයෙත් ඇවිත් හිර වුනේ තවත් හිර කූඩුවක.. මේක ගෙයක් නෙමේ නිතේශ් මේක හිර ගෙයක්" මන් ඒ වලව්ව පුරාවට තැන තැන තියලා තිබූ සුදු පාට පිලිම දෙස බලමින් කිව්වා.
කලින් අපේ නවතැන වෙලා තිබුන තැනත් වෙලාවකට මේ තරමටම නැතත් සුඛෝපභෝගී තැනක් උනා.පාලුවට ගිහින් තුබුන තට්ටු තුනක මහල් නිවාසයක් උන එතැන ඇතුගලගෙ ආරක්ෂකයන්ගේ පුහුනු වීම් පොල වෙලා තිබුනා.මන් මගේ ජීවිතේ වැඩිම කාලයක් ගත කලේ එතන ..පිටතට ඒ ගෙදර සුදු පැහැයෙන් දිදුලපු සිත් නිවන අන්දමේ තැනක් උනත් ඇතුලතින් ඇත්තටම එය අපායක් උනා. එහි ඇතුලු වෙන කෙනෙකුට ආපහු ඒකෙන් පිටවෙන්න ලැබුනේ එක්කෝ මිය ගිය ප්රාණියෙක් විදියට නැත්තම් හදවතින් මිය ගියපු කෙනෙක් හැටියට කිසිම හැගීමක් දැනීමක් නැති මිය නොගියත් මිය ගිය කෙනෙක් විදියට.එයින් මිදිලා මොහොතකට හරි ජීවත්වෙන්න පුලුවන් එක ගැන වෙලාවකට සතුටු වෙන්න හැකි උනත් ඒ වධකාගාරය මැවූ කෙනාගෙම අපායට ඇවිත් හිරවෙන්න සිද්ධ වෙච්ච එක ....ඇත්තටම මට මේකෙන් ගැලවීමක්ම නැති වෙයිද.
![](https://img.wattpad.com/cover/352627798-288-k81474.jpg)