නිතේෂ් මායි පුලුවන් උපරිම කෙටි වෙලාවකින් වලව්වට වෙතට ආවා.. ආපු සැනින්ම මන් මුලින්ම ගියේ දෙව්ලිගෙ කාමරයට ඒත් එයා එතැන හිටියේ නෑ සේවකයන්ගෙන් ඇහුවත් නොදැක්කා කියලා පිලිතුරක් ඔවුන් හැම කෙනාගෙන්ම හම්බෙද්දි මමයි නිතේෂ්යි එයාව මුලු වලව්ව සිසාරාම හෙව්වා.. මට බයයි ආයේ එදා සිද්ධ වෙච්ච දේම එයාට වෙයි කියලා මට දැනෙන්න ගත්තා..බය කියන දේ වෙනදට වඩා වැඩි වැඩියෙන් දැනුනා.. මට ආයෙමත් එයාව ඒ විදියට බලන්න ඕන නැ ..එදා මට දැනුන අසරණකම වේදනව මට මගේ හදවතට ආපහු ඕනෙ නෑ ..හිත කලබල වෙද්දිම මට දැනුනා මගෙ කම්මුල් ඉබේටම උණුසුම් කදුලු වලින් තෙත් වෙනවා කියලා. ඇතුගල කිව්වා හරි හැගීම් කියන දේ මාව දුර්වලයෙක් කරලා දාලා ඒත් හැබැයි දේව්ට අනුව එයා ගැන හිතේ පිරිලා ඉතිරිලා ගිය හැගීම් මට නොදැනුවත්ම ආශිර්වාදයක් උනා.කම්මුල් දිගේ බේරන කදුලු කාටවත් පේන්න නැති වෙන්න පිහිදගත්තත් ඇතුලතින් හඩන මනුස්සයගේ වැලපිල්ල මන් කොහොම නවත්තන්නද..
දෙව්ලි වලව්වෙ කොහෙවත් පේන්නවත් නැත්තම් එයා ඉන්න ඕනෙ එකම තැන තමයි එයාගෙ ආර්ට් කාමරේ.. ඒත් එදා රණ්ඩුවෙන් පස්සෙ දෙව්ලි එතනට නොආවත් මේ දවස්වල මන් වලව්වෙන් පිට හොස්පිට්ල් එකක නතර වෙලා හිටපු නිසා එයා එතනට ගිහින් ඇති .. පයට ආපු කොහෙන්දෝ ශක්තියක් අරන් නිතේශ්යි මායි ආර්ට් කාමරේ දිහාවට ගිහින් අන්තිමට ඒකෙ දොර ගාවින් නැවතුනා. හදවත මිලිතප්පරේකට ගැහෙන්න පුලුවන් උපරිම වේගෙකින් දඩක් දඩක් ගාලා ගැහුනා. දොර ගුලට අත තියලා ඒක අරින්න හැදුවත් එක්කම කාමරය ඇතුලින් භාජන එකිනකට ගැටෙන සද්දයක් ආවා.."දෙව්ලි..එදා පාර මොකක්ද වෙන්න යන්නේ" තවත් බලා හිදින්න බැරි තැන මම දොරට අත තියලා විවර කරන්න හැදුවත් ඒක ඇතුලතින් අගුලු දාලා තිබ්බා.