*වර්තමානය*නිසල රාත්රිය අවසන් වෙලා අන්තිමේදී උදෑසන උදාවුනා... සෝෆාවට බරවෙලා නින්දත් නොනින්දත් අතර ගැටුන මම අවදි උනේ දෙව්ලිගේ පලායෑමේ උත්සහය ආයෙමත් මගේ සවනත වැකෙද්දි..එයා ආයෙමත් මෙතනින් පැනලා යන්න දොරේ පාර්ස්වර්ඩ් එක ගැහුවා ගහන්න පුලුවන් උපරිම වතාවක් ආයෙ ආයෙමත් දන්න හැම දෙයක්ම උත්සහ කලා ඊටපස්සේ කෝපයෙන් බෙරිහන් දුන්නා තවත් වෙලාවක ඇඩුවා..ඒ කිසිවක් ඇහෙන්නෙ නෑ වගේ මන් සොෆාවට ගුලි උනේ ආයෙමත් කොච්චර අහන් ඉන්න වදකාරී හැගීමක් මගේ හිතට ගෙනාවත් එයා මන් වටේ ඉන්න එක ගැන මගෙ හිතට සතුටක් දැනුන නිසා..
"නිරාන් ඔය දකින හීනෙන් නැහිටලා මට මගේ ගෙදර යන්න දෙන්න අර දොර ඇරලා දෙන්න" හිතුවෙවත් නැති විදියට දෙව්ලි සෝෆාවෙ ඉදගෙන මනෝ ලෝකෙක ගැටෙමින් හිටිය මගේ මූණට වතුර කෝප්පයක් මූනට හැලුවා
"ශිට් දෙව්ලි....."මන් කැගහගෙන එහෙම නැගිටිද්දි හිනා පොදක්වත් මූනෙ නැතිව මට රවාගෙන එයා මන් දිහා බලන් හිටියා..
"ඔයා ඔය විදියට මන් දිහා බලන් හිටියත් මොන දේ කරත් මන් ඔයාට ආයෙමත් ඒ ඇතුගල ඉන්න දිහාවට යන්න දෙන්නෙ නෑ"
"ඇයි බැරි.."ඈ අතේ තිබ්බ වතුර වීදුරුව පොලවෙ ගැහුවේ ඒක කුඩු වෙලා විදුරු කටු මුලු කාමරය පුරාවටම විසිරිලා යන්නට හැරලා..
"මන් දන්නෑ මට ඔයාට යන්න දෙන්න බෑ"මන් එහෙම කියලා සොෆාවෙන් නැගිටලා යන්න ගියේ ඇය කියන දේවල් ගනන් ගන්නෙ නැති බව පෙන්වන ගමන්
"මට යන්න ඕනේ..මගේ දේවල් තීරනය කරන්නෙ මම මිසක් ඔයා නෙවේ ..තවදුරටත් ඔයා මාව මෙතන හිරකරගෙන තියාගෙන හිටියොත් ඔයාටමයි වැඩ වරදින්නේ" දෙව්ලි මගෙ පස්සෙන් ඇවිදන් පවසුවා