"ප්රගීත්....මේ දොර අරිනවා...ඉක්මණට..." මන් ඔහු නැවතී සිටිය යහලුවෙක්ගේ හොටෙල් කාමරේ දොරට තඩි බාන්නට වුනා වෙලාව පාන්දර දෙකයි ගානක්.. ප්රගීත් කවුරුත් ගාර්ඩ්ලා එක්ක ඇවිත් නොතිබ්බ නිසා අපිව නවත්තන්න කවුරුත් හිටියෙත් නෑ.. එලියෙ වෙන්නෙ මොනවද කියලවත් නොදැන තාම ප්රගීත් හොදට පොරවගෙන නිදි ඇති
"මිත්රවරුණි කිමද මේ උදේ පාන්දරින්ම... ඒක නෙමේ ඔයාලා මොකද මෙතන කරන්නෙ" ඔහු පැය කාලකට විතර පස්සෙ ඇවිදින් දොර ඇරියා.
"වෙන්න තියන දේවල් එලියෙ වෙද්දි ඔයා නිදිද ප්රගීත්..." අඩ නින්දේ දොරහි එල්ලී සිටි ප්රගීත්ව මෑත් කොට මන් අනවසරයෙන්ම කාමරයට කඩා වැදුනා..
"ඇයි මොකක්ද සිද්ධ වෙන්නෙ..."
"ඔයා මෙතන සැපට නිදන් ඉන්න අතරෙ එලියෙ වෙන්න ඕන දේවල් සේරම වෙලා ප්රගීත්.. දෙව්ලියි චාර්ලියි ආයෙමත් ඇතුගල එක්ක පැටලිලා ඒ වගේම මේ වෙද්දි ඇතුගලට හිටිය අනිත් මහ ලොකු සේවකයත් ඉවරයි... අනික ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ දෙව්ලි ඇමතිවයි ඉතුරු අයවයි හම්බෙන්න ගියා කියලා අඩුම ගානේ ඔයා මට කිව්වෙ නෑ දෙව්ලි අද අපි හැමෝමව පුදුම කරලා අද කම්පැනි එකට කඩන් පාත් වෙයි කියලා"
"ඔයා කියන්නෙ මොනවා ගැනද නිරාන් මට ඇත්තටම ඒ ගැන අදහසක් නෑ..."
"නිතේෂ් ඒක එයාට පෙන්නන්න" මගේ නියෝගය අසමින් නිතේශ් තම ටැබ් එකේ ගැලරිය ඕපන් කරලා ඊයෙ මහ රෑක සුදු සමනලයෙ ඉලක්ක පෙන්නුම් කලා ඒ හිටියෙ ජේලර් අපිව වධකාගරයෙ හිර කරන් හිටිය මනුස්සයා...
"මෙයා.... ඇතුගලගේ සේවකයෙක් කියලා දන්නවා ඒත් හොදටම ශුවර්ද මේකට දෙව්ලි සම්බන්ධයි කියලා සමහර විට මේක චාර්ලිගෙ වැඩක් වෙන්නත් පුලුවන්"