.
.
.
ඒ වෙන කවුරුත් නෙවෙයි....
අර මාවත් පෙරලගෙන ඉස්සෙල්ලා මේ room එකෙන් එලියට ගිය තොප්පියක් දාගත්ත අමුතු භූතයා... එක අතකින් room එකේ දොරත් ඇරගෙන අනිත් අත...ආහ් ඒ අත තියෙන විදියෙන් මට හිතාගන්න පුලුවන් මේ භූතයාගේ අතේ තිබිලා තමා මගේ phone එක වැටෙන්න ඇත්තේ....ඒත් මොකද මේ භූතයා ගල් වෙලා?හෙල්ලෙන්නෙවත් නෑ..හැබැයි එයාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ එකම එක රූපයක් දිහාට...වෙන කවුරුවත් නෙවෙයි..මේ භූතයා බලන් ඉන්නේ මං දිහා.තොප්පිය දාලා නිසා එයාගේ ඇස් මට පේන්නේ නැති වුණත් බලන් ඉන්න කෝණයෙන් මට තේරුණා තොප්පියට යටින් තියන ඒ ඇස් යොමු වෙලා තියෙන්නේ මගේ දිහාට කියලා..අනේ දෙවියනේ භූතයෝ එලවන මන්තරයක්වත් දන්නෑනේ..Mediaවල සාම්ප්‍රදායික සංස්කෘතික අංග කියලා දෙද්දී අහන් හිටියනම් මට අද මේම වෙන්නෑ දෙයියනේ.. ඒනම් ඒකෙ බලි තොවිල් කොටසේ තිබ්බ මන්තරයක් හරි මතක තියෙයි..දැන් ඉතින් හැරී පෝටර්ගේ පිහිට තමා යදින්න වෙන්නේ..
දැන් මම ඉන්නේ ගල් ගැහිලා මං දිහා බලන් ඉන්න පිළිම ගොඩක් මැද වගේ feeling එකක් දැනෙනවා..
"ෆීලින් ඕසම් විත් ගංවතුර මෝසම් වගෙ..."
ටික වෙලාවක් මං දිහා බලන් හිටිය භූතයාගේ මූණේ හිනාවක් ඇදුණා..ඒත් එක්කම එයා එකපාරටම කතා කරන්න පටන් ගත්තා...
"එහෙනම් ඒ ඔයා..."
හම්මෝ ඒක මාර ගැඹුරු voice එකක්..සත්සමුදුර වගේ ගැඹුරුයි..දැන් නම් මට සීතලයි...
ඉන්න action එක වෙනස් කරලා කෙලින් හිටගත්ත භූතයා ටිකක් වෙලා ආපහු මං දිහා බලන් ඉදලා අඩියක් ඉස්සරහට තිබ්බා..ඒ භූතයා හිටියේ දොර ගාවනේ..මම හිටියේ හරියටම room එක මැද..අපි දෙන්නා අතර තිබ්බේ පොඩි දුරක්..හපොයි හපොයි මෙන්න මේ භූතයා හිමින් හිමින් මගේ පැත්තට එනවා.."අන්තිමට එහෙනම් මං ඔයාව හොයාගත්තා"
මං ලගට එන ගමන් එයා මුමුණන්නේ තොල්වල රැදිච්ච අමුතු හිනාවක් එක්ක..මොනවද මේ භූතයා කියවන්නේ?මට නම් තේරෙන්නේ නෑ..
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...මේ හිනාව...මේ තොල්..මේ ඇවිදින විදිහ..මේ අත්වල ඇගිලි...මට මේවා හොදට පුරුදුයි...එකපාරටම මාව ගල් ගැහිලා ගියා..
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...