Part 23

30 5 6
                                    

" ඒ තොප්පි භූතයා......"

"ඇහ් ඇහ් ඇහ්..හම්මෝ.."පුදුම වෙච්ච පාර අකූට කටේ තිබ්බ චොක්ලට් එක හිර වෙලා කැස්සකුත් ආවා..හිරූ ටික වෙලාවක් නිශ්ශබ්දව අකූගේ කැස්ස ඉවර වෙනකම් බලන් හිටියා..

"මොකක්...උබ ඔය ඇත්තමද කියන්නේ කියපං...." විනාඩි කීපයක රෙස්ට් එකකින් පස්සේ අකූ ඇහුවේ ඇස් දෙක ලොකු කරගෙන

"ඔව් අකූ...මට මතකයි...ඒ එයා තමා..මට කලන්තෙ දාලා වැටෙනවාත් එක්කම එයා මගේ ලගට ආවා මට මතකයි...ඒ තොප්පිය...ඒ ඇගිලි..ඒ ස්පර්ශය මට මතකයි...එයා මාව ඔඩොක්කුවට ගන්නවා මතකයි...ඔව් මට මතකයි එයා sakya කියලා කතා කලු මතකයි..."හිරූ කියවන් ගියේ පිස්සුවෙන් වගේ..

"පොඩ්ඩක් හිටහන්...sakya..?"

"ඔව් ඇයි?"

"Sakya....?"

"ඇයි යකු sakya කියන්නේ මගේ නමේ මුල් කෑල්ලනේ....උබට ඒකත් මතක නැද්ද ..."

"ආහ් ඔව්නේ ...අපිනේ හිරූ කියන්නේ..අමතක වුණා..එක නමක් පාවිච්චි කරපංකෝ ..."

"උබේ වයර් මාරු වෙලාද?"

"වයර් මාරු වෙනවා තමා යකෝ මේවා අහලා...එතකොට උබට ෂුවර් ඒ තොප්පි භූතයා කියලා?"

"ඔව්..."

"අබුද්දස්ස කාලේ...ඇත්තට ඌ කවුද බං...වෙලාවකට උබව කන්න හදනවා..වෙලාවකට උබව බේරගන්නවා... ඒ මදිවට මූණ පෙන්නන්නෙත් නෑ.."

"අනේ මන්දා ..."

"......."

"අකූ...."හිරූ ආයෙත් අක්ෂරාගේ අත තදින් අල්ලගත්තා...

"මට එයාව හම්බවෙන්න යන්න ඕනි..."හිරූ කිව්වේ කෙලින්ම අකූගේ ඇස් දෙක දිහා බලාගෙන

"කාවද?"

" තොප්පි භූතයාව"

"මොකක්?මොන මලහත්තිලව්වක් කියනවද උබ...ඇයි දැන් ඌ හම්බවෙන්න යන්නේ?"

"එයා නිසයි මම අද මෙහෙම පණ පිටින් ඉන්නේ...එයා ඒ වෙලේ මාව hospital admit කලේ නැත්නම් මෙලහට මම මැරිලා..."

"හ්ම්...හරි...ඒක හරි කියමුකෝ...ඉතින්..?"

"මට එයාට ස්තූති කරන්න ඕනි..."හිරූ එහෙම කියනකොට අකූට කේන්ති ගියා.

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now