💙ඇති ඇති ....දැන්වත් මැඩම් කේක් එක කපනවද...."
එයා මාවත් ඇදන් කේක් එක ලගට ගියා...අනේ ඒක හරි කියුට් ...මම ආසයි....මේ හැමදේටම...මේ හැමදේටම යටින් තියන ආදරේට මම ආසයි...එයා කේක් ඉටිපන්දම් ටික පත්තු කරනකන් මම පැත්තකට වෙලා එයා දිහා බලන් හිටියා...ඒ ඇස් දිලිසෙනවා..ආදරේ පිරිලා...මට මොහොතකට හිතුණා මේක හීනයක්ද කියලත්...මගේ හිත අවුරුදු ගානක් ආපස්සට ඇදිලා ගියා..
මම හෝසොකීට ආදරේ කරන්න ගත්තේ අවුරුදු 11 දි...ඒත්..ඉන්න!!!මම මුලින්ම හෝසොකී ව දැක්කේ අවුරුදු 11දී..එදා මට ඇති වෙච්ච හැගීම ආදරේ වෙන්න බෑ..මොකද එතකොට මම හිටියේ ආදරේ ගැන දන්න වයසක නෙවේ..කොහොම වුනත් ඒ ඇස් දැකපු පලවෙනි දවසෙම මගේ හිතට අමුතු හැඟීමක් දැනුණා..ඒ හැගීම මං හිතන්නේ ආදරේ පලවෙනි step එක වෙන්න ඇති...මම ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ හැගීම step by step up වෙලා අන්තිමට නිමක් කියාගන්න බැරි ආදරයක් වුණා...අවුරුදු 11 කියන්නේ මම 6 වසරේ..මට අද වගේ මතකයි...ඒ දවස්වල මම හෝසොකීගේ ලොකු පෝස්ටර්ස් බිත්තියේ ගහන් ඉන්නේ..ඉතින් හැමදාම රෑට ඒ දවසේ වෙච්ච හැමදේම මම එයාට කියනවා..ඒ විතරක් නෙවේ..මට ලැබෙන්නේ මොනවද,මම කන්නේ මොනවද ,මම සල්ලිවලට ගන්නේ මොනවද ඒ හැමදෙයක්ම මම හෝසොකීටත් ගන්නවා.. හිතන්න මට චොක්ලට් එකක් ලැබුණා කියලා..මම තාත්තිට කියලා තව චොක්ලට් එකක් අරන් ඒක වෙනම කබඩ් එක්ක දාලා තියනවා හෝසොකීට කියලා..සෙල්ලම් බඩු,පොත් ,ජුවලරි මේ හැමදේම එහෙමයි...ඒවා තාමත් මගේ කාමරේ ඇති...මට නිකම් ඒ දවස්වල හෝසොකී නත්තල් සීයා වගේ😂මම මගේ හිතට එන හැමදේම චූටිම කාලේ කීවේ නත්තල් සීයට...හෝසොකී ව දැක්ක දවසේ ඉදන් එයාට...මට තේරුනේ නෑ එයා මං ලග නෑ කියලා..7,8වසරට එනකම් එහෙම දැනුමක් තිබ්බේ නෑ..මම හිතන්නේ එයා මං ලග ඉන්නවා කියලා...ඉස්සර මම මගේ හැම උපන්දිනයක්ම දෙපාරක් සමරනවා .. පලවෙනියට හෝසොකී එක්ක..දෙවනියට ගෙදර අය,යාලුවෝ එක්ක...ඒක කරන්නේ මේමයි.. කොරියාවට රෑ 12 වෙන්නේ අපේ වෙලාවෙන් රෑ 8.30ට...ඉතින් මම තාත්තිට කියලා කේක් එකක් ගෙන්නගෙන කාමරේට වෙලා තනියම හෝසොකීගේ live එකක් දාගෙන එයා එක්ක කේක් එක කපනවා 8.30ට..ඒ කියන්නේ කොරියන් වෙලාවෙන් 12ට...ඊට පස්සේ තමා අපේ වෙලාවෙන් 12 ට ආයෙ කේක් කපන්නේ මම..මම ඉතින් කේක් එක කපලා live එකේ පේන හෝසොකීට කවන්න try කරනවා පොඩි කාලේ...ඒත් වයසින් ලොකු වෙනකොට...මට තේරුනා මම ඉන්නේ හීන ලෝකෙක කියලා.. හෝසොකී ඇත්තටම මගේ ලග නෑ කියලා...මම එයාට ආදරේ කරනවා කියලා..ඒත් එයා මාව දන්නෙවත් නෑ කියලා...මට එයාව තදින්ම ඕනි වුණා..ඒ ආදරේ ඕනි වුණා..මම හිතින් මවාගත්ත ලෝකයක් තිබ්බා එයා එක්ක...මම දෙවියන්ගෙන් එයාව ඉල්ලන්න ගත්තා..පිස්සියක් වගේ...ඒ එක්කම මම දැනන් හිටියා ඒක කවදාවත් වෙන්නැති දෙයක් කියලා...ඒත් මට ඒක පිළිගන්න තරම් හිතේ හයියක් තිබ්බේ නෑ...මම හැම උපන්දිනේකටම ප්‍රාර්ථනා කලේ එයාව...අද...ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා..මම ඉස්සර හිතින් මවාගෙන එයා එක්ක කේක් කැපුව කෙල්ල;අද ඇත්තටම එයා මගේ ලග!!!මාත් එක්ක කේක් කපනවා!!!එයා මගේ වෙලා!!!හැම ආත්මෙකටම මගේම වෙලා!!!!විශ්වාස කරන්න පුලුවන්ද !!!!!!එයාගේ ඇස්වල අද මගේ රූපෙ ඇදිලා...හිත මං වෙනුවෙන් වෙන් වෙලා...මගේ ඒකපාර්ශ්වීය ආදරේ ඇත්ත වෙලා...ආදරේට මේ තරම් දේවල් කරන්න පුලුවන්ද....!!
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...