(මුලින්ම කියන්න ඕනි...එදා noursing home එකේ පිපිරීමට කලින් වුන දේවල්..ඒ කියන්නේ ගොන්හෝ ආවා,හිරූගේ අක්කා ආවා..මේ දේවල් කවුරුත් දන්නෙ නෑ...මොකද එයාලා කොච්චර හෙව්වත් එයාලට විස්තර හොයාගන්න cctv record එකක්වත් තිබ්බේ නෑ කියලා මම කලින් කිව්වා මතක ඇති...ඒ කියන්නේ jhopeලා දන්න එකම දේ තමා..හිරූ noursing home එකට ගියා.ඒක පිපිරුණා.. මැරුනා...ඒ ඇරෙන්න ගොන්හෝලාගේ කතා කවුරුත් දන්නෑ...))
.....
Jhope හිටියේ entertainment එකේ මේකප් room එකට වෙලා අනික් අය එනකම් බලාගෙන...ඒත් එයාලා නැති නිසා එයා මේකප් room එකේ බැල්කනි එකට ගියා....ඈත අහස දිහා බලන් ඉද්දී Jhope ගේ හිත හිරූගේ මතකවලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ....තනියම ඉන්න හැම වෙලේම jhopeට හිරූව ඕනවටත් වඩා මතක් වෙනවා....ඒ හිනා සද්දේ ඇහෙනවා...කෙල්ලගේ ඡායාව හැමතැනම පේනවා..සුවද දැනෙනවා...ජීවිතේ තමන්ට මොන දේ අහිමි වුනත් වටිනාම දේ අහිමි කරයි කියලා jhope හීනෙන්වත් හිතුවේ නෑ...ඒත් ඒක වුනා.....Jhope phone එක අරන් කෙල්ලගේ photos බලන්න ගත්තා...එයා ඒක නිතරම කරන දෙයක්...එයාගේ phone එක පිරිලා තියෙන්නේ කෙල්ලගේ photosවලින් විතරයි...photos දකින හැම පාරම හදවත පිච්චිලා යන තරම් දුකක් වගේම තනිකමක් jhopeට දැනුනා...
Jhope pov
මගේ ජීවිතේ ලස්සනම කාලේ මම ගෙව්වේ ඔයා එක්ක මැණික 🥺සතුටක් නැතිව බොරුවට හිනාවක් මවාගෙන හිටපු මට ඇත්තටම හිනාව ගේන්න ඔයාට පුලුවන් වුනා...අතරමං වෙලා හිටිය මගේ ජීවිතේට ඔයා ආදරේ පුරවගෙන ඇවිත් මගේ ජීවිතේ ලස්සන කලා....මං වෙනුවෙන් විතරක්ම වෑන් වුන ඔය වගේ ආදරේ පිරුන හදවතක් ආයෙ මට කවදාවත් හම්බෙන්නෑ මැණික....ඔය හිනාව.....ඔය හිනාව මගේ හිනාවට වඩා එලියයි මැණික... 🥺මට ආයෙත් ඔය හිනාව දකින්න ඕනි...මට ඕනි ඔයාව...මට කියන්න දේවල් ගොඩක් තියනවා...මේ අවුරුදු දෙක මං ගත කලේ කොච්චර අමාරුවෙන්ද...තව කොච්චර කල් මම ඔයා නැතුව ඉන්නද...මේ පාලුව දරාගන්න බෑ මැණික....මම කොහොමද විශ්වාස කරන්නේ ඔයා මැරුනා කියලා...මම දන්නවා...minji කියන්නේ ඔයා නෙවේ...එදා මට වැරදුනා...ඒත්....ඔයා කොහෙ හරි ඉන්නවා කියලයි මට හිතෙන්නේ...ඔයා මැරුනේ නෑ නේද මැණික..ඔයාට එහෙම මැරෙන්න බෑ...ඔයාට මාව තනි කරලා යන්න බෑ...මැණික...දැන්වත් මගේ ලගට එන්න මැණික...🥺මම දන්නවා ඔයා ඉන්නවා කියලා....ඉස්සර ඔයා මට එවනවා වගේම දැන් මට මල් bouquet එක්ක positive vibe card හම්බෙනවා....ඒවා එවන්නේ ඔයා නේද...කියන්න මැණික...ඒ අකුරු ඔයාගේ අකුරුවලට වඩා වෙනස් තමා...ඒත් ඒවායින් එන්නේ පුරුදු සුවදමයි..ඔයාගේ ආදරේ සුවද.🥺
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...