Part 20

27 5 3
                                    

💦💦💦💦

හිරූට ආයෙ සිහිය ආවේ පැය දෙකකට විතර පස්සේ...මුලින් එයා ටිකක් කෙදිරි ගගා හිටියා...ඊට පස්සේ එකපාරටම ඔලුව අල්ලගෙන ඇදෙන් වාඩි වුණේ "ඔප්පා..."කියලා කෑගහන ගමන්...වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව කෙල්ලෝ ටික ගල් වුණා...හිරූ ටිකෙන් ටික අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී දැක්කේ තමන් දිහා කටවල් ඇරගෙන බය වෙලා බලන් ඉන්න කෙල්ලෝ ටික....ඒගොල්ලො ඉන්න විදිය දැක්කාම හිරූත් බය වුණා...ටිකක් වෙලා ඒ දිහා බලන් හිටිය හිරූ ආයෙත් ඇඳෙන් හාන්සි වුණා...කෙල්ලෝ ටික එයාලව ම control කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්....හිමින් හිමින් හිරූගේ bed එක ගාවට කට්ටිය ගියා...හිරූ ඈත බලාගෙන කල්පනා කරනවා...මුලින්ම කතා කලේ යූමි....

"Sakya......?"

හිරූ හෙමින් යූමී දිහා බැලුවා...

"ඔ...ඔ..ඔයාට....දැ...දැන් ..කො...කොහොමද....අඩුයි නේද...."

හිරූ හිමින් ඔලුව වැනුවේ ඔව් කියන සංඥාවෙන්...

"ම්ම්...ඔයාගේ ඔලුව තාම රිදෙනවද හිරූ..."ලියා හිරූගේ ඔලුව අතගාන ගමන් ඇහුවා...හිරූ දෙපැත්තච ඔලුව වැනුවාම කට්ටියට දැනුණේ සහනයක්....ඒ අස්සේ රෙජී room එකෙන් එලියට ගියේ doctorව එක්කන් එන්න...යූමී හිමින් හිරූගේ අත අරගෙන එයාගේ මූණ ලගට ගත්තා...

"මේ බලන්න sakya....මට කියන්න...ඔයාට අපිව මතකයි නේද...."
හිරූ යූමි අල්ලගෙන හිටපු හිරූගේ අතින් යූමිගේ අත තද කරලා අල්ලාගත්තා...

"යූමි..." හිරූ හිමින් එහෙම කිව්වා විතරයි.....

"යේ........🤩😘😘😘😘🤗😚" කෙල්ලෝ ටිකට කෑගැහුනේ සතුට වැඩිකමට.....

"යේ....එයාට මතකයි...එයා කතා කරනවා....හිරූ...කියන්න අපි කවුද..."

"ම්ම්...ලියා.....සකුරා.....ශවී.."

කෙල්ලෝ ටික සතුටින් හග් කරගත්තා...

"අපේ හිරූට දැන් සනීපයි...සනීපයි.....අපි දින්නා.. අපි දින්නා....."සතුටට කට්ටියට ඇඩුණා....එතකොටම කට්ටියට පිටිපස්සෙන් ඇහුණේ අත්පුඩි ගහන සද්දයක් ...

"Well done Ms.Sakya ....well done..."අත්පුඩි ගගහා එතනට ආවේ doctor...එයා ඇවිත් හිරූව check කලා...

"ම්ම්ම්.. ඔන්න...දැන් ඔයාට හොදයි...ඔයාට ඉක්මනට ගෙදර යන්න පුලුවන්...තේරුණාද...ඊට පස්සේ ඔයාට පුලුවන් මුලු ලෝකෙම දන්න idol කෙනෙක් වෙන්න....හරිද....හැබැයි...එක කොන්දේසියක්...ආයෙ කවදාවත් ඉස්සර වගේ හිතුවක්කාර වැඩ කරන්න බෑ හොදද...."doctor කිව්වේ හරි ආදරෙන්...

"Okay doctor...."

Doctor එලියට ගියේ හිරූට සිහිය ආවා කියලා entertainment එකට දැනුම් දෙන්න කියලා කට්ටියට කියන ගමන්...යූමි හිරූ ලගට ඇවිත් එයාගේ අතක් අල්ලාගත්තා...

"Sakya...මම ගිහින් මේ ආරංචිය ඔප්පාටයි , entertainment එකටයි කියලා එන්නම්...මේවගේ සුබ ආරංචි phone එකෙන් කියන්න හොද නෑ...surprise කරන්න ඕනි....." යූමි හිරූගේ නළලට පොඩි කිස් එකක් දීලා එතනින් ගියා නෙවේ පියෑඹුවා....

ඉතුරු කෙල්ලෝ ටිකගේ දැන් job එක තමා කියවන එක...කට්ටිය එක්ක එක එක විහිලු කරකර හිරූව හිනස්සන්න try කරනවා...හිරූ කෙල්ලෝ ටික කියන ඒවා අහගෙන හිටියත් එයාගේ හිත තිබ්බේ වෙන තැනක...ලියාට මේක තේරුණා..

"හිරූ...ඇයි මේ...ඔයාට අමාරුවක් නෑ නේද දැන්..."ලියා එහෙම ඇහුවාම හිරූ ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා..

"එහෙනම්..මොනාද ඔච්චර කල්පනා කරන්නේ?"

හිරූ ලියාගේ අත අල්ලගත්තා...

"ලියා...මට ඇත්ත කියන්න...මට මොකක්ද වුණේ..?" හිරූ එහෙම ඇහුවාම කෙල්ලෝ ටික ගැස්සුණා..

"මොකක්?" ඒ රෙජී ...

"ඒ කියන්නේ ....ඔයාට මතක නැද්ද ඔයාට මොකක්ද වුණේ කියලා?"

හිරූ ටික වෙලාවක් කට්ටිය දිහා බලන් හිටියා....

___________________________
මොකද ලමයි හිතන්නේ..

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now