Part 100

20 3 5
                                    

මම ඇස් පියාගත්තා...මගේ වටේට ඉන්න මිනිස්සුන්ගේ "say yes" කියන කටහඬවල් එක්ක මම සෑහෙන අතීතයකට ගියා...මම ලංකාවේ ඉද්දී හෝසොකීට ආදරේ කරපු හැටි...කවදාවත් ලැබුනේ නැතත් කමක් නෑ කියලා හිතාගෙන හෝසොකීට ඒකපාර්ශ්විකව ආදරේ කරපු කාලේ..මම කොරියාවට ආව දවස්...හෝසොකීගේ තොප්පි භූත රගපෑම...ඒක එලිවුන දවස..එයා මට ආදරෙයි කියපු දවස..අපි දෙන්නාගේ first kiss එක...අපි ආදරෙන් හිටපු දවස්..කතා කරපු දේවල්..අපි ගියපු තැන්...ලංකාවට ගිය දවස්...මම එයාගෙම වුන ඒ ආදරණීය රැය...එයාගේ ආදරේ පිරුන ඇස්..ඒ උණුහුම.. මේ හැමදේම මට චිත්‍රපටියක් වගේ මැවිලා පේන්න ගත්තා..එයා මගේ ලග හිටපු හැම මොහොතක්ම කොච්චර නම් ආදරණීයයිද...එයාගේ තුරුලේ ඉද්දී දැනුන ආරක්ෂාව උණුහම සැනසීම...ඒ දේවල් එයාගෙන් ඇර වෙන කාගෙන්වත් ලැබෙන්නෑ...එයා මගේ ජීවිතේ...ජීවිතේ පුදුමාකාර දෙයක්...මට තේරෙන්නේ නෑ..මම ඒකපාර්ශ්විකව ආදරේ කරපු කෙනා ඇත්තටම මට ලැබුණා..මම එයාගෙම වුනා..ඒත් අද...එයා මගේ ආදරේ ඉල්ලද්දී..මම??මම ගොලු වෙලා..ඇයි මේ???

අහපු ගමන් ඔව් කියලා උත්තර දෙන්න පුලුවන් මේ ප්‍රශ්නේ ඉස්සරහ මම මේ මොහොතේ ගොලු වෙලා...ඒ එයාට ආදරේ නැති නිසා නෙවේ...මගේ ලෙඩේ නිසා..ඊටත් වඩා.. මට එයාට දරුවෙක් දෙන්න බැරි නිසා...මට එයාගේ ජීවිතේ අපායක් කරන්න බෑ...මට එයාට ලං වෙන්න තරම් වාසනාවක් නෑ....මම No කියන්න ඕනි...yes කියන එකෙන් වෙන්නේ හෝසොකීගේ ජීවිතේ විනාස වෙන එක විතරයි....ඒත්...මම කොහොමද No කියන්නේ..???මම එයාට ආදරෙයි...මට එයාව ඕනි...ජීවිත කාලෙම එයා ලග ඉන්න ඕනි..නෑ...නෑ හිරූ නෑ...හැඟීම්වලට වහල් වෙන්න එපා..හෝසොකීගේ අනාගතේ ගැන හිතලා no කියන්න...ඔව්..no කියන්න...

ඒත්...

මම no කිව්වොත් එයා මොනවා කරයිද...මට හිතාගන්න බෑ...අනික මම කොහොමද no කියන්නේ..මෙච්චර සෙනගක් ඉස්සරහ එයා මගෙන් මේක ඇහුවේ මං yes කියයි කියලා ලොකු විශ්වාසෙකින්...මම no කිව්වොත්...එයාට වෙන ලැජ්ජාව...එයාගේ හිතට දැනෙන දුක...🥺එක අතකට..මම no කියලා එයාගෙන් ඈත් වෙන එකෙන් වෙන්නෙත් එයාගේ ජීවිතේ අපායක් වෙන එක නේද??මට වගේම එයාටත් මං නැතුව ඉන්න බෑ...ඒත්....ආහ්හ්හ්හහ...මට තේරෙන්නේ නෑ දෙයියනේ...මට එයාව ඕනි...මට yes කියන්න ඕනි...ඒත්...මට...අනේ මට තේරෙන්නේ නෑ....මාව වෙව්ලනවා..මගේ ඇස්වලින් දිගටම කදුලු ගලනවා..මම මොකක්ද කරන්නේ???

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now