Part 10

40 7 13
                                    

අපේ training period එකේ පලවෙනි සතිය ඉවර වුණේ kpop idol කෙනෙක් වෙන එක කොයි තරම් අමාරුද කියලා අපිට ප්‍රායෝගිකවම පෙන්නන ගමන්...ඇත්තටම, හීන දැක්කට මේක කොයි තරම් අමාරු වැඩක්ද කියලා දවස් දෙකක් යන්නත් කලින් මට තේරුණා...හැමදාම පාන්දර 4 ඉදන් dancing practise..අපිට අපේ ඇගේ බර ගැන හිතන්න වෙන නිසා කන්න වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්..සමහර දවසට කන්නෙම නැති තරම්..සතියක් අන්තිමට අපේ බර මනින නිසා හොර බොරු බෑ...උදේ කෑමෙන් පස්සේ ආයේ dancing practise.. ඊට පස්සේ singing rapping...හැබැයි ගොඩක් වෙලාවට singing rapping කරවන්නේ රෑට...හැමදාම වගේ අපි නිදාගද්දී පාන්දර 1වත් වෙනවා...සමහර දවසට නාද්දී රෑ 12 යි...අපිට දවසටම නිදාගන්න වෙලාව ඇරුණා ම වෙන break එකකට තියෙන්නේ පැය 3යි..ඒ වෙලාව තමා අපිට අපේ දෙයක් කරගන්න තියන එකම වෙලාව ..ඇවිදින්න යන්න..ඉගෙන ගන්න..Part time job කරන්න වගේ හැමදේටම ඔය වෙලාව විතරයි...training period එකේ නීති ගොඩක් තදයි..හදිස්සියේ හරි ඒවා කැඩුවොත් අපිට වෙන්නේ ගෙදර යන්න..කොච්චර අමාරු වුණත් මම වගේම අනිත් අයත් මේක අත්හරින්න ලෑස්ති නෑ...අපි කට්ට කාගෙන වැඩ ටික කලේ කවදහරි idol කෙනෙක් වෙන හීනෙට යන්න ඕන නිසා...

Training period එකේ පලවෙනි සතිය ඉවර වෙනකොට අපිට දැනගන්න ලැබුණා මගේ ඔප්පලා 7දෙනා ඇවිත් කියලා...අනේව් මට බලන්න යන්න ඕනි...ඒත් අපිට ඒකට අවසර නෑ...ඒක දැනගත්තාම මට පොලව පලාගෙන යන්න හිතුණා..යකු මෙච්චර අමාරුවෙන් bighit එකට ඇවිල්ලත් මගේ ඔප්පලා 7දෙනාව බලන්නේ නැතුව ඉන්න?අනේ මට බෑ...මම යනවා ඕන එකක් වුණාවේ...මම chance එකක් එනකම් දවස් දෙකක් බලන් හිටියා...ආරංචි විදියට ඔප්පලා මේ ටිකේ අලුත් සින්දුවක් හදනවලු ...කොහොමහරි අපිට ලැබෙන break එක දවසේ කාටවත් නොදැනෙන්න ඔප්පලා ඉන්න පැත්තට පැනගන්න මට පුලුවන්..ටිකක් සෝදිසි කලාම මට දැනගන්න ලැබුණා ඔප්පලා දැන් ඉන්නේ dance practise room එකේ කියලා...මම ඉක්මනට එතනට ගියා...ම්ම්ම් room එකේ door එක නම් open...මම ඔලුව දාලා බැලුවේ හාට් එක එකසිය ගානට ගැහෙද්දී...අනේව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්......
...
....
......
........
..............
.................

..
....
......
........
..............
..........

ඉන්නවා අනේව් ඉන්නවා...කට්ටිය ඉන්නවා...අනේව්....මගේ හුස්ම වැටෙන්නෙත් නැද්ද කොහෙද...අනේ...ජීවිත කාලෙම පෙරුම් පිරුවා ඇස් දෙකට දකින්න...මට ඇඩෙනවා හෝ ගාලා සතුටට...මං හිතන්නේ කට්ටිය dance practise කරලා break එකක් අරන් වගේ...මං මුලින්ම දැක්කේ suga oppaව...මුල්ලකට වෙලා ඇස් දෙක පියාගෙන එයා හිටියේ...අනේව් suga ඔප්පාගේ සුදු...කිරි බෝලෙ වගේ...ඊලගට මං දැක්කේ පොඩි තුන්කට්ටුව.. මගේ චූටි ඔප්පලා තුන්දෙනා.. අනේ මෙච්චර ලස්සනක්...ආව් jiminaගේ chim chim හිනාව...අනේ sweet...ලස්සනයි...ආව්ෂ් v ඔප්පාගේ  smile එක...handsome ....අම්නේ කුකීගේ ටැටූ ටික... jimin ඔප්පයි V ඔප්පයි දෙන්නා වලියක්...දෙන්නත් එක්ක අතේ තියන වතුර බෝතල්වලින් වතුර ගහගන්නවා...හැබැයි හිනා වෙවී...අනේ ඇත්තට මේ හුරතලේ...පැත්තක ඉදන් කුකී ඔප්පා අත් දෙකත් බැදගෙන රවාගෙන බලන් ඉන්නවා...ආහ්...teakookනේ🤭අනේ අපි නම් දන්නෑ ඕවා ඔන්න🤭ආ ආ මේ මොකද...වතුර බෝතලයක් අතට ගත්ත කුකී ඔප්පා හැලුවා නේද ජිමිනාගේ ඔලුවට ...අයියෝ පව් අපේ 🐣 පැටියා...V ඔප්පාට හිනා..ඒ පාර jimin ඔප්පා බොරු තරහක් මවාගෙන කුකී ඔප්පා පස්සේ එලවනවා...ටිකකින් තුන්දෙනාම හිනා වෙනවා...අනේ අනේ මෙයාලා නම්...ඒ අස්සේ අපේ WWH තුන්දෙනාට බනිනවා ඉතින්...අපෝ මගේ කනත් ඉවරයි😂 ඒත් කෝ මගේ ඔප්පා...මගේ හාට් එක ගැහෙන අස්සේ මම room එක පුරාම ඇහැ දාලා බැලුවා...අනේ එයා නෑ...ම්ම්ම්ම්..අර කවුද room එකේ wall එකට හේත්තුවක් දාගෙන බිම වැඩි වෙලා phone එක ඔබ ඔබ ඉන්නේ ...high school uniform එකකුත් ඇදගෙන?ආහ්...ඒ යූමී නේද ...ඔව් ඔව් ඒ යූමී..ඒත්...ඒත් එයා මොකද මෙතන කරන්නේ?....මම ඒක හිත හිත ඉද්දි මගේ පිටිපස්සෙන් සැර කටහඬක් ඇහුණා...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now