Part 41

30 4 1
                                    

මායි හෝසොකීයි හිතුවේ අක්ෂරා hybe එකට ආව එකට යුන්ගි ඔප්පාගේ මොකක්ම හරි සම්බන්ධයක් ඇති කියලා....ඒත් අපි දෙන්නාටම වැරදිලා කියලා තේරෙන්න අපිට වැඩි දවසක් ගියේ නෑ...හනෙ අම්මේ අක්ෂරා ඇවිත් තාම සතියයි..මගේ කන්දෙක නෑ වගේ...යුන්ගි ඔප්පා ඇරෙන්න අපේ ඔප්පලා 6 දෙනාගෙත් ඒමයි...යුන්ගි ඔප්පාගේ personal fashion designer විදියට අකූ වැඩ පටන් ගත්ත දවසේ ඉදන්ම ඒ දෙන්නගේ වැඩේ රණ්ඩු වෙන එක...දෙන්නටම තරහ යනවා...ඉවසීමක්  ගෑවිලාවත් නෑ...අපිට ඒ රණ්ඩු බේරන්නත් බෑ..පිස්සු වගේ...යුන්ගි ඔප්පා අකූ එක්ක මොකක් හරි පරණ ඇරියස් එකක් පිරිමහනවා වගේ හැසිරෙන්නේ...එයාට අකූව පේන්න බෑ..තඹ සතේකට අකූව ගණන් ගන්නෙත් නෑ...කොයි වෙලේත් බනින්න බලාගෙන ඉන්නේ...ඒකටම හරියන්න මේකිත් ඉතින් රණ්ඩු කෙක්ක වගේ එල්ලී එල්ලී යනවා...අකූ  design කරන එක ඇදුමකටවත් යුන්ගි ඔප්පා ආස නෑ..මොනාම හරි අඩුවක් කියලා ඒ ඇදුම් reject කරන්නවා...එයාගේ personal fashion designer අකූ වුනාට මොකද එයා තාම අදින්නේ හෝසොකීගේ fashion designer දෙන ඒවා...අනේ මන්දා මොනවා වෙලාද කියලා...අකූ ඇදුමක් ගේනවා..යුන්ගි ඔප්පා මොකක් හරි අඩුවක් කියනවා...colour match නෑ.. design කැතයි...ඊට පස්සේ ඉතින් දෙන්නම වලි...ඇත්තමයි මේ විකාරෙ නිසා අපි නම් හොදටම හෙම්බත් වෙලා හිටියේ...හැබැයි යුන්ගි ඔප්පා අකූගේ ඇදුම් reject කරනවා කියලා දැනන් ඉන්නේ අපේ group දෙකේ අය විතරයි...

ඔප්පලා ට Seoulවල concert එකක් තියනවා next week...ඒකට එයාට practise වෙනවා මේ ටිකේ...full busy...හෝසොකීටත් ඉතින් ඒ වැඩ නිසා මාව බලන්න එන්නවත් විදියක් තිබ්බේ නෑ...මට අද එච්චර ලොකු වැඩක් තිබ්බේ නැති නිසා මම studio එකට ගිහින් අලුත් සින්දුවකට melody එකක් දාන්න ගත්තා...මම එහෙම ඉද්දි එකපාරට දොර කඩාගෙන එතනට කඩන් පැන්නේ අකූ...අනේ මන්දා මේකි😑මැනේජර් දැක්කා නම් දෙන්නටම අහගන්න වෙන්නේ...

💜මොකද යකු දොර කඩන්නද යන්නේ..😑

💛හිරූ...help එකක්...

💜මොකක්ද...ඇයි ඔය බය වෙලා...

💛කට්ටිය අරෙහෙ dance room එකේ practise වෙනවා...

💜කවුද...

💛jhopeලා...

💜ඉතින්...

💛මම මේ....යුන්ගි ඔප්පාට..

💜ඕ...

💛next week concert එකේ dress එක හැදුවා...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now