Part 98

21 3 16
                                    

හිරූගේ අප්‍රාණික වීමෙන් jhope සෑහෙන්න වැටුනා ඒ වෙලාවේ...එයා කොච්චර කතා කලත් හිරූ නිශ්චලයි...කදුලු පුරෝගෙන jhope හිරූට කෑගහලා කතා කලත් වැඩක් වුනේ නෑ....ඒත් වාහනේ drive කරන ගෑනු කෙනා නම් බලාපොරොත්තු අතාරින්න ලෑස්ති නෑ...එයා පුලුවන් තරම් වේගෙන් වාහනේ අරන් ගියා..වේගෙ වැඩියි කියලා වාහනේ නතර කරන්න මැදට පැනපු පොලිසියේ අය ගැන බලාගන්න වාහනේ පිටිපස්සෙන් ආව ඒ ගෑනු කෙනාගේ ගෝලයෝ වගබලා ගත්තා...කොහොමහරි ඉක්මනටම hospital එකට එන්න එයාලට පුලුවන් වුනා...ආවත් මොකක්ද කරන්න ඕනි කියලා සිහියක් කල්පනාවක් jhopeට නෑ...එයා ඉන්නේ පිස්සු හැදිලා වගේ...අර ගෑනු කෙනා එයාගේ අතින් කෙල්ලව අරගන්න හැදුවත් ඒකට jhope ඉඩ දුන්නේ නෑ..hospital එකේ අය කෙල්ලව තියටර් එකට අරන් යන්න ට්රොලියක් අරන් ආවත් jhope කෙල්ලව ඒකෙන් තිබ්බෙත් නෑ...එයාම අප්‍රාණික කෙල්ලව හරහට වඩාගෙන ඇතුලට ගියා...ඒ අතරේ අර ගෑනු කෙනායි එයාගේ ගෝලයොයි එතන දෙකක් කරන්න ගත්තා....එතන ඉන්න අය එක්ක කෙල්ලව ඔපරේෂන් තියටර් room  එකෙන් තිබ්බත් dr කෙනෙක් පේන්න ඉදියේ නෑ...තමන්ගේ කබායෙන් තුවක්කුවක් අතට ගත්ත අර ගෑනු කෙනා එතන හිටිය නර්ස් කෙනෙක්ට ඒක එල්ල කලේ කලබලෙන්...කේන්තියෙන්...

🧛‍♀️කෝ මේක භාර doctor??කියනවා..ඉක්මනට🤬

👩‍🔬එ...යා...ක..කන්න...ගි...ගිහින්....අනේ...මට වෙ..ඩි...ති...ය...න්න...එපා...

නර්ස් ඇස් දෙක පියාගෙන ගැහි ගැහි උත්තර දුන්නා... අර ගෑනු කෙනා හැරුනේ එයාගේ ගෝලයෝ දිහාට...

🧛‍♀️යනවා...දැන්ම ඌව අරන් එනවා..🤬

ගෝලයෝ ටික විනාඩි දෙකක් ඇතුලත doctor කෙනෙක්ගේ කොලර් එකෙන් ඇදගෙන එක්ක ආවා...doctor හොදටම බය වෙලා..

🗣අපි යනකොට මූ නර්ස් කෙනෙක් එක්ක මගුල් නටනවා😑

අර ගෑනු කෙනාගේ ගෝලයෝ කිව්වේ doctorට පයින් එකක් ගහන ගමන්..ගෑනු කෙනා doctor ලගට ගිහින් තුවක්කුව doctorගේ පපුවට ලං කලා..

🧛‍♀️ඈ මිනිහෝ??ඔහොමද රාජකාරි කරන්නේ🤬පර බල්ලා තෝ...

ගැනු කෙනා කිසි හිතක් පපුවක් ලැජ්ජාවක් නැතුව doctorගේ යටිකයට පයින් පාරක් දුන්නේ නර්ස්ලා අහක බලාගද්ද්..

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now