Part 89

89 3 22
                                    

වොෂ් එකක් දාගෙන අපි දෙන්නා coffee බිබී ටික වෙලාවක් කියෝ කියෝ හිටියා....දෙන්නටම බඩගින්නක් ආව නිසා අපි දෙන්නා kitchen එකට ආවෙ කන්න මොනා හරි හදාගන්න...වැඩ්ඩා වගේ මම උයන්නම් කියලා ගැම්මට පටන් ගෙන අන්තිමට මම නතර වුනේ අතත් පුච්චගෙන😂එයා මාව උස්සලා අරගෙන එතන පැන්ට්‍රි එකෙන් ඉන්දවෙව්වේ එයා උයලා දෙනකම් එතනින් බහින්න එපා කියන ගමන් 😂මටත් මොකෝ ඉතින්...මම ඉතින් මගේ සුදු මහත්තයා උයන දිහා එතන ඉදන් කකුල් පද්ද පද්ද බලන් හිටියා...මම ඇදන් හිටියේ අර චූටි ඩෙනිම් එකකුයි බැගී ටී එකකුයි...ඇඟට පහසු නිසා...මම ඉතින් එයා ඉන්දවපු තැන ඉදන් කියෝනවා ...එයා හිනා වෙවී ඒවා අහගෙන උයනවා...එයා උයනකොටත හරි පිලිවෙලට වැඩ කරනවා...එයා උයන විදිය බලන් ඉන්න එක ජොලි...අපි දෙන්නට කතා කරන්න නම් කොච්චරක් කියලා දේවල් තියනවද...මාස තුනක් අපි දෙන්නා හම්බවුණේ නෑනේ....

Jhope pov

පණ්ඩිතයා වගේ උයන්න ඕනි කියාගෙන ඇවිත් මේ කෙල්ල අතත් පුච්චගත්තා..මම ඉතින් ඒකටත් බෙහෙත් දාලා මෙයාව පැන්ට්‍රි   එකෙන් ඉන්දවලා මමම උයන්න ගත්තා...මේ කෙල්ල ඉතින් කච කච ගගා මාස තුනක දේවල් ඔක්කොම මට කියනවා😂මට හිනාත් එක්ක...මටත් ඉතින් කියන්න දේවල් ගොඩයි...කෝම හරි අපි දෙන්නා සෑහෙන වෙලාවක් කියව කියව ඉන්න ඇති....එයාගේ කටහඩින් හිනාවෙන් මේ මුලු ගෙදරම පිරිලා...ඒ පිරුණු බව මගේ හිතට ගේන්නේ ලොකු සතුටක්...මට හැමදාම ඕනි එයා එක්ක මෙහෙම ඉන්න...

ඔහොම කියවලා කියවලා අන්තිමට එයා නතර වුනා...සද්දයක් නැති හින්දා මම හැරිලා බලද්දී මෙයා බෝල ඇස්වලින් මං දිහා බලන් ඉන්නවා ..ඒ ඇස් කෙලින්ම යොමු වෙලා තියෙන්නේ මගේ තොල් දිහාට...ඒ බැල්ම...හරි කියුට් ....ඒත්...එයාගේ චූටි ඩෙනිම නිසා නිරාවරණය වුන කකුල්...කලව...ඒවා මැව්වේ මූණෙ තියන කියුට් පෙනුමට එහා ගිය සරාගී බවක්...මම මගේ හැගීම් ඇවිස්සෙන එක පරිසමට පාලනය කරගන්න try කලා...

💜හෝසොකී.... 

💙ම්ම්...???මොකෝ මේ..

💜එන්නකෝ මෙතනට....

එයා අත් දෙක මගේ පැත්තට දික් කරලා තොල් උල් කරන් ලස්සන ඇස් දෙකෙන් කිව්වේ මාව අවුස්සන ගමන්...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now