එයා හිනා වුනා...හරිම දඟකාර විදියට....අනේ මන්දා මට මොකක්ද වගේ...මම එයාගේ මූණෙන් ඇස් අයින් කරගෙන එයාට පිටුපාලා එතන තිබ්බ පොකුණේ ඉන්න මාලු දිහා බලන්න ගත්තේ මට මොකක්දෝ ලැජ්ජාවක් හිතට දැනුණ නිසා....අනේ මන්දා මමම නේද දැන් ටිකක් කලින් එයාට daddy ගගා කතා කලේ...ඒ මමම නේද මේ හේතුවක් නොදැන ලැජ්ජාවෙන් අහක බලාගත්තේ???අනේ මන්දා තාම මට මාව තේරෙන්නේ නෑ....
එයා මගේ ඉන වටේ අත් යවලා මාව backhug කරගෙන මගේ උරහිසින් එයාගේ නිකට තියාගත්තා...එයාගේ කම්මුලක් මගේ ලේ පිරීගෙන එන කම්මුල් ලාවට ගාවන ගමන් එයා කතා කලේ හරි දඟකාර voice එකකින්...
💙ම්ම්...ඔව්...මෙතන තමා😉මම ඔයාව මගේම කරගන්න මගේම තැන....😚
මගෙන් අහන්න එපා ඇයි දැන් අර මම හොද නෑ මම bad කෙල්ලෙක් කියලා කියාගත්ත කෙල්ල කෝ කියලා...මට ලැජ්ජාවක් දැනෙනවා දැන් ....අනේ මන්දා...මගේ මූණට ආපු මනමාල හිනාව එයා දැක්කානම් .....වෙලාවට දැක්කේ නැත්තේ.....
💙මොකෝ සද්ද නැත්තේ...ම්ම්ම්????
එයා ඇහුවේ මගේ මූණට එබෙන ගමන්...මම අහක බලාගත්තේ ලැජ්ජාවට..
💙මට නිකම් මතකයි කවුරු හරි දඟ කෙල්ලෙක් මට daddy කියලා කතා කලා වගේ දැන් ටිකකට කලින්😏
හරිනේ අමාරුව....අයියූ මම මෙතන ගුලක් හාරන් හැන්ගෙනවා ඔන්න😫එයා මාව එයාගේ පැත්තට හරවගෙන මගේ ඉන වටේ අත් යවලා එයාට තව ලං කරගත්තේ මම ලැජ්ජාවට යටි තොලත් හපාගෙන බිම බලාගද්දී....එයා මගේ නිකටින් අල්ලලා මූණ උඩට උස්සලා ටික වෙලාවක් ඒ ඇස්වලින් මගේ ඇස් අතරේ එහේ මෙහේ ගියේ හරියට මොකක්දෝ කතාවක් කියන්න හදනවා වගේ....එයා මගේ එහෙ මෙහේ දුවන කොණ්ඩ කෑලි එකතු කරලා කන පිටිපස්සේ රැඳෙව්වේ හරි ආදරෙන්....එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට...නිදහසට...මම දන්නවා...ඒ සතුට වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන්.....ටික වෙලාවක් මගේ දිහා බලන් ඉදලා එයා හිමීට මගේ තොල්වලට බර වුණේ හරිම soft විදියට...දීර්ඝ සිපගැනීමකට පස්සේ එයා මගේ තොල්වලින් ඈත් වුනේ පුදුම ලෝබකමකින් මට තේරුනේ ඈත් වුන ගමන්ම ආයෙත් මාව ඇදලා අරන් එයා දිගින් දිගටම මාව කිස් කරන්න ගත්ත නිසා....අපිට බාධා කරන්න වෙනදා වගේ කවුරුත් නෑ කියන හිතේ නිදහසත් එක්ක මමත් එයාට ඇති වෙනකම් මගේ තොල්වල රැදෙන්න ඉඩ දුන්නා....
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fiksi Penggemar"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...