Part 71

20 3 4
                                    

ඇත්තටම මේ වෙලාවේ කතා කරන්නේ හිරූගේ තාත්තා නෙවේ...එයාගේ හිතේ තියන දරු කැක්කුම...හිරූගේ තාත්තා දන්නවා කවදහරි හිරූට තාත්තාගේ තුරුලෙන් මිදිලා හෝසොක් ලගට යන්න වෙනව කියලා...ඒත් ඉතින් ..තමන්ගේ දුවට අසීමිතව ආදරේ කරන තාත්තා කෙනෙක්ගේ හිතේ පොඩි ඉරිසියාවක් ඇති වෙන එක සාමාන්‍යයි දුව තව පිරිමියෙකුට ආදරේ කරනවා කියලා දැනෙද්දී...හිරූව ගොන්හෝගෙන් බේරගන්න ලංකාවට එක්ක යන්න ආව තාත්තා දැන් ආදරේ ගැන කතා කරන්නේ මේ ඉරිසියාව නිසා...

💜තාත්තී....😭😭අනේ මේ මොනවද කියවන්නේ?😭😭මම එහෙම දෙයක් නෙවේනේ කිව්වේ....තාත්තී....ඔයත් මගේ ජීවිතේ...ඒවගේම දැන් හෝසොකීත් මගේ ජීවිතේ...ඒකෙන් කියවෙන්නේ නෑ මම මගේ රත්තරං තාත්තිට අඩුවෙන් ආදරෙයි කියලා...ඔය දෙන්නටම මගේ පණ වගේ ආදරෙයි... ඒ ආදරේ මිනුම් දඬුවලින් මැනලා බලන්න බෑ තාත්තී...දැන් මගේ ජීවිතේ අංක එක ඔය දෙන්නම...මම මෙච්චර කාලයක් තාත්ති ලග හිටියා...ඉස්සරහටත් ඉන්නවා...මගේ තාත්තිගෙන් මම ඈත් වෙන්නේ නෑ..ඒත් තාත්තී....ඔයාමයි කිව්වේ  කවදහරි මට මගේ soulmateව හම්බුණාට පස්සේ...මම ආදරේ කරන්න පටන් ගත්තම ඒ ආදරේ මගේ ජීවිතේ කරගන්න කියලා...එයා එක්ක ජීවිතේ ඇතුලේ ජීවත් වෙන්න කියලා...ඉතින්..මම ඒ ජීවිතේ ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නකොටම  මාව ඒ ජීවිතෙන් ඈත් කරන්නද ඔයා හදන්නේ තාත්තී....😭😭ඔයා මාව ලංකාවට එක්ක යනවා කියන්නේ මම හෝසොකීගෙන් ඈත් වෙනවා කියන එකයි... මාව හෝසොකීගෙන් තත්පරයකටවත් ඈත් කරන්න එපා තාත්තී...මම පපුව පැලිලා මැරෙයි...දන්නවද...හෝසොකීගේ ආදරේ මට තාත්තිගේ ආදරේ තරම්ම දැනෙනවා...එයාගේ උණුහුම මාව ජීවත් කරවනවා...හරියට ඉස්සර තාත්තාගේ උණුසුමෙන් මට ජීවිතේ දුන්නා වගේ...එයාගේ ආදරේ පිරුණ දිලිසෙන ඇස් මට ජීවිතේ කියලා දෙනවා තාත්තී..මට ජීවත් වෙන්න ආසාව ඇති කරන්නේ ඒ හිනාව...ඒ හුස්ම තමා මම ගන්න හැම හුස්මකටම හයියක් දෙන්නේ...ඒ හැමදේකින්ම මාව ඈත් කරවලා මට මාවම නැති කරන්න එපා තාත්තී...

Jhope අදයි හිරූගේ ආදරේ තියන ශක්තිය කොච්චරක් ද කියන එක හරියටම තේරුනේ..එයා හිරූ ගාවට ගිහින් එයාව නැගිට්ටවලා එයාව බැක් හග් කරගත්තේ පුදුමාකාර ආදරයකින් වගේම ගෞරවයකින්...එයාගේ ඇස්වලින් කදුලු වැක්කෙරෙනවා....හිරූගේ තාත්තා ටික වෙලාවක් ඒ දෙන්නා දිහා බලන් හිටියා...හිතට ආව වේදනාව එක්ක එයාට නැගිටලා ඉන්න වාරු නෑ වගෙයි දැනෙන්නේ...එයා කදුලු පිරුණ ඇස්වලින් හිරූට කතා කරා....

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now