Part 83

28 3 23
                                    

මට උදේ ඇහැරෙනකොට වෙලාව 7 ට විතර ඇති...බුදු අම්මේ මාරම සීතලයි...මම ෂීට් එක අස්සේ ගුලි වෙලා ටික වෙලාවක් හිටියා..අම්මෝ ඉන්න බෑ....සීතලයි...හෝසොකී දොයි ද දන්නෑ...වෙනදා නම් මේ වෙද්දී එයා නැගිටලා practise...බඩගිනිත් ඇති...නිදාගෙන බෑ...එයාට බඩගිනි ඇති දැන්...මොනාහරි හදන්න ඕනි..මම නැගිටලා එයාගේ room එකට ගියා...අනේ එයා හොදට පොරවගෙන දොයි....බලන් ඉන්න ආස හිතෙන හුරතල් පෙනුමක් එයා නිදාගෙන ඉද්දි තියෙන්නේ...මම ලගට ගිහින් ඇද ලග දණගහගෙන එයා දිහා බලන් හිටියා....කම්මුල් රෝස වෙලා සීතලට වෙන්න ඇති....මූණේ තියෙන්නේ හරිම සන්සුන් බවක්..කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ අනේ...මම එයාගේ කම්මුලකින් පුන්චි කිස් එකක් තිබ්බා...එයාට හොදටම නින්ද ගිහින්...කොච්චර කාලෙකට පස්සෙ ද එයා මෙහෙම ටිකක් හොදට නිදාගන්නේ....මට හරි සතුටුයි මෙහෙම හරි නිදහසක් එයාට දෙන්න ලැබුණ එකට...මම එයාට කිස් එකක් දීලා එයාව ඇහෙරෙන්නේ නැති වෙන්න හිමින් අඩිය තියලා කාමරෙන් එලියට ආවා.....මම ඉස්සරහ දොර ඇරියාම අම්මේ මාව ගල් වෙන්න ආවා සීතලට..🥶තාම එලියේ සීතල....පේන්නෙත් නෑ..මීදුම නිසා..මම ගිනි උදුන පත්තු කරලා ටිකක් වෙලා ගින්දර තැප්පා... ඒකෙන් නම් හරි සනීපයක් දැනුණේ....හෝසොකී ව ඇහැරවනවද තේ එකක් දෙන්න...ම්ම්ම්...බඩගිනියිද දන්නෑ...ඒත්...ඒ නිදන් ඉන්න විදියට ඇහැරවන්නත් ලෝබයි...තව ටිකක් නිදාගත්තාවේ...එයා ඇහැරුනාමම තේ හදනවා....ම්ම්ම්ම්...එයාට මොනාද හදලා දෙන්නේ උදේට....අනේ මන්දා...එයා ආසයි කිව්වට කන්න පුලුවන් වෙයිද එයාට මේ හුරු නැති කෑම....

👴චූටි බේබි....උදේම නැගිටලා...

💜oh...😲

මම බය වුනා එකපාරට දාවිත් සීයා මතු වුනාම...සුදුත් ඇදගෙන තව පොඩ්ඩෙන් මම ලෙප්ට්නේ බය වෙලාම..

💜දාවිත් සීයා...කොයි වෙලේ ද ආවේ ...දැක්කෙත් නෑනේ...

👴කොහෙ දකින්නද බර කල්පනාවකනේ හිටියේ බේබි..

💜හී හී සීයලා දැන්ද නැගිට්ටේ..

👴අපෝ අපි ඉතින් උදේම නැගිටිනවනේ...බේබි දොර අරිනවා දැක්කා...ඉතින් අපේ එක්කෙනා කිව්වා බේබිගෙන් අහන් එන්න කියලා උදේට මොනාද හදලා ඕනි කියලා...එයා හදලා දෙයි කැමති දෙයක්...බේබි ඉතින් ආසයිනේ අපේ එක්කෙනාගේ කෑම කන්න..

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now