VIP 2

2.4K 187 6
                                    

Ep2
අඩි දහයක් උස විස්සක් පලල ලොකූ තිරයක වීඩියෝවක් ප්ලේවෙනව. උතුරු අර්ධගෝලෙ ග්ලැසියර් දියවෙලා යන වේගය වැඩිවෙනව කියල ගවේශකයෙක් බර වචන වලින් පැහැදිලි කරනව.
මම අහගෙන හිටියෙ ලොකු උවමනාවකින් නෙවෙයි.
කම්මැලි කමට ෆෝන් එක එබුවත් ෆෝන් සිග්නල් ඔක්කොම බ්ලොක් කරලා.
මැරිච්ච මලමිනීයක් දිහා බලනව වගේ මම ෆෝන් එක දිහා බලන් හිටිය.
ඒතරමට මම ෆෝන් එකට ඇබ්බැහි වෙලා වැඩක් තිබුනත් නැතත් ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙන්නම ඕනෙ නැත්තම් මගෙ හුස්ම වැටෙන්නෙ නෑ වගෙ අපහසුවක් හිතට දැනෙනව.
""ඉන්ටර්නෙට් බ්ලොක් කරල නේ"" ලුසියාන වලින් ආපු කලු කෙල්ල එයාගෙ රත්තරන් පාට දිග නියපොත්තක් හපන ගමන් රහසින් ඇහුවෙ මගෙ මූනටම ලන්වෙලා
""ශිට්....මොන ලබ්බක්ද මන්දා...ජනාදිපති ඉන්න තැන්වලත් මේ තරම් සිකියුරිටි එකක් දාන්නෙ නෑනෙ"
මම ෆෝන් එක මේසෙ උඩට හෙමින් විසිකරන ගමන් කියුව
""ජානාධිපති වගේද එන්ගලන්තෙ ඔටුන්න හිමි කුමාරය බහිනකොට...මෙතැන ඉන්න කවුරුත් එයාගෙ පරන යටත් විජිතවල වැසියො"" වෙස්ට් වර්ජිනියා වලින් ආපු තඩියා කෙවින් පුරු පුරු ගෑව
""විකාර විසි එක්වෙනි සියවසේ ඉදලත් ඔය් වගේ බාලකතා කියවනවද" මිසිපිපි වලින් ආව පැතලි මූනක් තිබුන ඩියේගො කිටුවා. මිනිහගෙ දෙමවුපියො චිලී වලින් ආපු අය නිසා මිනිහට තිබුනෙත් දකුනු ඇමරිකන් පෙනුම්ක් මයි
""අපි කතා කර කර ඉන්න අතරෙ ශාලාව පිටු පස්සෙන් පියානෝ ට්‍රන්පට් සිම්බල් ගහන සද්දයක් ඇහුනා. වෙල්වට් කාපට් එක උඩින් පෝල් කුමාරය ඇවිදගෙන එනව.
පත්තරවල ටීවීවල ලොකු කටවුට්ස් වල නිතර නිතර ඒ මූන් පේන්න තියෙන නිසා මට ආගතුක බවක් දැනුනෙ නෑ.
කොහොනත් මම රජ පවුලෙ ෆැන් කෙනෙක්වත් ඔටුන්නට ගරු කරන කෙනෙක්වත් නෙමෙයි.
මට හිතුනෙ දියුනු ලෝකෙක වැඩවසම් ක්‍රමයෙ සලකුනු පවත්වාගෙන් යන්න විශාල වියදම්ක් කරන එක මෝඩ වැඩඛ් විදියටයි.
මම එහෙම හිතුවත් ඇමරිකාවෙ කැනඩාවෙත් ඉන්නව තවම එන්ගලන්ත රජ පවුලට ගරු කරන විශාළ පිරිසක්.
ඇමරිකන් සමාජය උඩින් පේන්නෙ හරිම නවීනයි සමානාත්මතාවය උපරිමයි කිසිම කෙනෙක්ට වෙනස් විදියට සලකන්නෙ නෑ කියකයි
ඒත් උඩින් පේන අයිසින් එකට යටින් සුදු ආධිපත්‍ය (වයිට් සුප්‍රමසි) තාම ඒ විදියටම තියෙනව
විශේෂයෙන් එන්ගලන්තය ප්‍රන්ශය අයර්ලන්තය ඇතුලු යුරෝපෙන් සන්ක්‍රමනය උන අය පරම්පරාගනනාවකට පස්සෙත් පරන සන්ස්කෘතියම පවත්වගෙන යන්න උත්සහකරනව.
ශාලාවෙ ඉන්න හැමදෙනාම බෙල්ල දික්කර කර වෙල්වට් පලස දිහා බලනව
ලෝකෙ ඉන්න ජනප්‍රියම පුද්ගලයො ඉන්නෙ රජපවුලෙ
එයාල අම්මගෙ කුසේ පිලිසිදගත්ත දවසෙ ඉදල සතිපතා ඒ අය ගැන විස්තර හැම පත්තරේකම ටීවී චැනල් එකකම යනව්
අපි කැමති උනත් අකැමැති උනත් සතියකට සැරයක් හරි එයාලගෙ මූන බලන්න වෙනව
කුමාරය මුලින්ම හැරුන දවස බඩගාපු දවස පූන් එකක් ඇරපු දවස කෙල්ලෙක් එක්ක හිනා උන දවස මේ හැම මගුලම ජනමාධ්‍යවලින් උස්සලා පෙනවනව
ඒ නිසා පෝල් කුමාරය අපි හැමෝම හොදට දැකල තියෙනව
ඉන්ටර්නෙට් එකේ ජනමාධ්‍ය වල පෙනවනවට වඩා පෝල් කුමාරය කෙට්ටුයි කියල හැබැහින් දැකපු ගමන් මට හිතුනා
මෙතනට සහභාගි උන හැම දෙනාම කැශුවල් සූට් ඇදල හිටියට පෝල් කුමාරය ආවෙ බොත්තම් හතරක් දාපු කෝට් එකක් ඇගපුරාම පටලවාගෙන
මිනිහනම් ගොන්වුට්ටක්....😡😡
කිඩිම මිත්‍රශීලී හිනාවක් නෑ මූනෙ
මැඩම් ටුසෙට් කවුතුකාගාරෙ තියෙන ඉටි පිලිමෙකට පන ඇවිත් ඇවිදිනව වගේ
උසනම් අඩි හයක් විතර ඇති. ඒත් මට වඩා අගල් 2වත් මිනිහ මිටි ඇති
කොන්ඩෙ දිලිසෙනව රත්තරන් ජෙල් එකක් ගාල වගෙ. ඒතරම්ම බොල්ලොන්ඩ් කොන්ඩයක් මම දැකලම නෑ
ලෝකෙ හොදම කොන්ඩ මෝස්තරශිල්පියෙක් කොන්ඩෙ කපන්න ඇති, නලලෙ කොනක ඉෆ්හල ඔලුව මැද්දට වෙන්න පිහියෙන් රූලක් තියල කැපුව වගේ පේන්න කොන්ඩෙ දෙකට බෙදල
මිනිහ තාම දහ අටවන සියවසයෙ ගල් වෙච්ච ප්‍රානියෙක් වගෙ
ඇදුම් මෝස්තර හැසිරීම ඔක්කොම හරිම පරන තාලෙ අවුට් ඔෆ් ෆැෂන්
ඇවිදිනව කියල නොපෙනෙන්න කකුල් වැඩිය නවන්නෙ නැතුව වේදිකාවට පාවෙලා ගියේ මාච් එකක සෙබලෙක් ආචාරපෙලපාලියෙ ඉස්සරහින් යනව වගේ
මමයි මගේ ටේබල් එකේ හිටපු ගොඩක් දෙනයි අකැමැති උනාට පෝල් කුමාරයට වහවැටුන විශාල පිරිසක් ඉන්නව වගේ පුටුවලින් නැගිටල අත්පුඩි ගහන පිරිසෙන් පෙනුනා
කැනඩා නිවුසීලන්ඩ් ඔස්ට්‍රේලියන් කාරයො උඩ පැන්නත් කමක් නෑ පෝල් එයාලගෙ නාම මාත්‍රික රජ්ජුරුවො නිසා
මට හිතාගන්න බැරි ඉන්දියන් කාරයො ඇයි මේතරම් උඩ පනින්නෙ පෝල් දැක්කම
ඒ මිනිස්සුන්ට එයාලගෙ යටත් විජිත මානසිකත්වය අවුරුදු ගානක් ගිහිල්ලත් නැතිකරගන්න බැරිවෙලා වගේ
මගේ ටේබල් එකේ හිටපු කලු කොල්ලො කෙල්ලො සෙට් එක එයාලගෙ රතු බරි තොල් නොපිට හරවල ඇද කරපු එකෙන් පෙනුනෙ මම වගේම උනුත් පෝල් කුනාරගෙ පැමිනීම ගැන ඒතරම් පැහැදීමක් නෑවගේ
පෝල් කුමාරය මල මිනීයක් වගේ සුදුපාටයි පොතකින් කඩාගත්තු හිස් පිටුවක් වගේ කිසිම හැගීමක් මූනෙ නෑ
කට හඩනම් හරිම බරසාරයි ...ඒක එයාගෙ ඔරිජිනල් වොයිස් එක නෙමෙයිද කොහෙද...මිනිහව පොඩිකාලෙ ඉදල ට්‍රේන් කරල ඇති ඔය විදියට කතා කරන්න
කතාවෙන් ගන්න පුලුවන් දෙයක් නම් තිබුබෙ නෑ
ක්ෂේශ්පියර් ගෙ පොත්වල තියෙන ගැබුරු ඉන්ග්‍රීසියෙන් කතාකලේ
""පිස්සු නට් එකක්...ඇයි මේතරම් සීරියස් වෙලා ෆෝමල් ඉන්ග්ලිශ් කතා කරන්නෙ...දැන් ටිකකට කලින් කතා කල ප්‍රොෆෙසර් සර්නුක් බලන්නකො...නොබෙල් ප්‍රයිස් එකකුත් තියෙනව...ඒත් කතාකලේ හරින සරලව...මොනතරම් ගැබුරු දේවල් කියල දුන්නද....ඒකට මෙයා කියන කිසි දේක මෙලෝ හරයක් ඇත්තෙ නෑ බර වචන විතරයි"" ඇලබාම් වලින් ආපු මහත ග්‍රේස් කියුවෙ එයාගෙ ඇෆ්‍රිකන් කලු කොන්ඩෙ මහත කන් අස්සෙ රදවගන්න ගමන්.
පෝල් කියන්නෙ එයාගෙ ආච්චි ඒ කියන්නෙ රැජිනලු මේ උත්සවේට එන්න හිටියෙ ඒත් ඒ ආච්චිට හන්සයො වගයක් ඉන්න උයනක් විවෘතකරන්න වෙලාලු ඩෙන්මාක් ර්ජපවුලට අයිති ඉඩමක ඒ නිසාලු පෝල් කුමාරය මේ උත්සවේට එවුවෙ.
ඒක නිකන් මේ උත්සවේම අවතක්සේරු කරා වගේ වැඩක් නේ. හන්සයො ඉන්න පොකුනක්  විද්‍යත්මක සැසියකට වඩා වැදගත්
""මා බාල කාලයේ වරක් ලන්ඩනයේ සුප්‍රසිද්ධ සත්වෝද්‍යනය නැරබීමට ගියා. එහිදී දුටු දෙයින් මාගේ හදවත කඩා වැටුනා. ඒ උශ්නාධික ග්‍රීශ්ම සෘතුවේදී ස්වේත වර්ණ ධ්‍රැව වලසුන්ගේ රෝම කූප හැලීගොස් උන් දඩාවතේ ඇවිදින සුනඛ පෝතකන් සේ දිස් වූවා. මවගේ ක්ශීරය උරාබොන කුඩා පැටවුන්න් ඉතා කෙසගව විඩාබරවයි සිටියේ""
"මොන හත්තිලවුවක්ද ඕයි මේ කියන්නෙ....මේ ඕපදූපයක් වගේ කතාවක් නෙ ෆෝමල් ඉන්ග්ලිශ් වලින් බර කර කර කියන්නෙ
සත්තුවත්තෙ හිමවලස්සුන්ගෙ ලොන් හැලිලා කියුවනම් ඉවරයි...විකාර"
මයික් එයාගෙ සෙකන්ඩ් හෑන්ඩ් වොච් එකේ වෙලාව පස්සට කරකවන ගමන් කියුව
මිනිහ තරහ ගියාම නිකන් කාලෙ නාස්ති කරද්දි අතොරලෝසුවෙ වෙලාව පිටිපස්සට කරකවනව තරහ නැතිකරගන්න.
මිනිහ කටු කරකවන වේගෙන් පේන්නෙ මිනිහට නහුතෙටම මල පැනලා.
තවත් මොන මොනවද පොල් කුමාරය කියවගෙන යද්දි මම මොලේ ස්විච් එක ඕෆ් කරල ඇස් දෙක පියාගෙන හිටියා.
දිග වෙලාවකට පස්සෙ පෝල්ගෙ දේශනේ ඉවර උනා මට පුටු උඩම නින්දගිහින්
කුකුලෙක් වගේ බෙල්ල කඩා නොවැටි ඉදගෙන නිදාගන්න පුලුවන් උන එක හොදයි
නැත්තම් වටේ අයට නෝට් වෙනව මම හොදටම නිදිබව
ඊලගට වැඩ මුලුවෙ තිබුනෙ ගෲප් ඇක්ටිවිටි එකක් අපි දෙන්න ගානෙ කන්ඩායම් වලට බෙදල මාතෘකාවක් දීල ඒ ගැන අපේ අදහස් කියන්න ඕනෙ
අපි එක එක්කෙනාට අදාල පාට්නර් ගෙ නම කොන්ෆරන්ස් ඇප් එකට ගිහින් අපේ නම ටයිප් කරල සර්ච් කරන්න ඕනි
මම මගේ නම ගැහුවම
මගේ සහයකය විදියට ෆෝන් එක පෙන්වන්නෙ
පෝල් කැම්ලොට් ක්‍රිස්ටියන් ශේඩ්
මොකා...මම ආයෙ සැරයක් ඇප් එක රීෆ්‍රෙශ් කරා
වෙනසක් නෑ දිග නම ආයෙ පෙන්වනව
මට පැනල දුවන්න ඕනි උනා
මගේ ගෲප් එකට වැටිලා තියෙන්නෙ පෝල් කුමාරය
මම වට පිට බලලා නැගිටල මාරු වෙන්න යද්දි
මාර්ක් (ඇමරිකන් සන්විදායකය) මගෙ පිටට තට්ටු කරනව
""ඒයි තමුසෙට හොද වරයක් ලැබිලා තියෙනව...කුමාරය එක්ක වැඩ කරන්න...අන්න කුමාරය 111කියුබිකල් එකේ ඉන්නව ගිහින් වැඩ පටන් ගන්නව""
මාක් කාරය බවු බවු ගගා කියුව
"මේ මිස්ටර් මාර්ක්....මට බැරිද පාර්ට්නර්ව මාරු කරගන්න""
""පිස්සුද අයිසෙ....තමුසෙ මාරු කරන්න ගියොත් මේ ඔක්කොම ලිස්ට් වෙනස් කරන්න වෙනව...අනික කුමාරය හිතයි තමුසෙ එයාව ප්‍රතික්ශේප කරල එන්ගලන්ත කිරීටයට අපහාස කරා කියල""
""නෑ...මේ ම්ම කියන්නෙ අපිට බැරිද කුමාරයට කියන්න මට බෝවෙන භයානක වසන්ගතයක් තියෙනව ඒ නිසා මාව කුමාරය ලගට එවන්න බෑ කියල""
""ඇයි...තමුසෙ බයද කුමාරය ලගට යන්න""
""නෑ ..නෑ එහෙම එකක් නෑ...ඒත් මම හිතන්නෙ...සාමාන්‍ය කෙනෙක් එක්ක එකට වැඩකරන්න ලේසි වෙයි""
""ඕයි...ලැබුන වාසනාවට පයින් ගහන්න එපා...මෙතැන ඉන්න හැමෝම දුක් වෙනව කුමාරය එක්ක එකට වැඩ කරන්න නොලැබුනා කියන එකට....අපි තමුසෙව මාරුකරන්න කියල ඉ ල්ලුවොත් තරග සන්විදායකයො කැනඩාවෙන් එකෙක් කුමාරය ලගට දාවි...එතකොට මට කුමාරය එක්ක ෆොටෝ එකක් ගන්න තියෙන චාන්ස් එකත් මිස් වෙනව....දැන් තමුසෙ කුමාරය ලගට යද්දි මමත් ගිහින් කුමාරයට් තමුසෙව අදුන්වල දෙනව ..ඒ වෙලාවෙ අපේ කැමරා ටීම් එක අපි දෙන්නව කුමාරය එක්ක ෆොටෝ ගන්නව....ඒව මීඩියා එකට දෙනව...ඇමරිකන්කාරයො කැමති රජපවුල එක්ක එකට ඉන්න ෆොටෝ වලට තමුසෙයි මායි ප්‍රසිද්ද වෙයි ඉන්ස්ටග්‍රෑම් එකෙත්""
"එහෙම නම් ඕනෙ නෑ...මම කියුවෙ ප්‍රසිද්ධවෙන්න ඕනෙ නෑ...අපේ කෙනෙක් එතැනට යවල මම එයාගෙ තැනට යන්නම් කවුරුත් දැනගන්න එකක් නෑ""
""බෑ එහෙම බෑ...ඔය කතා නවත්තල අපි යන් දැනටම පරක්කුයි අපේ කැමරා ටීම් එක අර අතන බලන් ඉන්නව...තමුසෙ කොහොමහරි කුමාරය යාලු කරගන්නව...සමහරවිට කුමාරය තමුසෙට මැනික් ගලක් හරි රජමාලිගවට ඇවිත් රැජින එක්ක රෑකෑමට හරි චාන්ස් එකක් දෙයි""
මට මීට වඩා මුකුත් කියාගන්න අවස්තාවක් නොදීම මාක් මාව කුමාරය ඉන්න ආවරනය කරපු කියුබිකල් එකට ඇදගෙන ගියා.
රත්තරන් පාට පුටුවක කුමාරය රාජකීය නිල් පාට කෝට් බෑය ඔතාගෙන කකුලක් පිට කකුලක් දාගෙන පොතක් කියවමින් හිටිය
කුමාරයගෙ ආරක්ශකයො හයදෙනත් කුමාරය වටේට හෙලවෙන්නෙ නැතුව හිටිය්
කුමාරය ලගට යන නිසා වෙන්න ඇති අපේ කලිසම් අස්සෙ අත දදා අපිව සර්ච් කරල කුමාරය කිට්ටුවට යන්න අවසර දුන්න
උද්දච්ච කුමාරය...නිකමටවත් පොතෙන් මූන උස්සල බැලුවෙ නෑ
""හොදයි....අපි එහෙනම් වැඩ කරන්න පටන් ගනිමු....අනවශ්‍ය අය ඔක්කොම පිටවෙලා යන්න මේක ඇතුලෙ සෙනග පිරිලා වැඩී""
කුමාරය බර කටහඩින් විදානය දුන්න
මාවයි මාක්වයි හැර අපේ කැමරා ටීම් එක කියුබිකල් එකෙන් එලියට තල්ලු කරා කුමාරයගෙ ආරක්ශකයො ටික එකතුවෙලා
""මම හිතන්නෙ ඔයාටත් මෙතැන කරන්න තරම් ලොකු වැඩක් නෑ...ගියොත් හොද නැද්ද""
කුමාරය මාක් දිහා ඔරවල බැලුවා
මාක් කරටගෙ ජම්බෝලෙ වගේ සුදු මූන බෙරි වෙලා ගියා
""තමුන් මෙතැන වාඩි වෙන්න...මම කැමති නෑ උඩ බලන් ඉන්න පාර්ට්නර් කෙනෙක් එක්ක වැඩ කරන්න...දීපු ටොපික් එක ගැන ඔයා දන්න දේවල් කියන්න""
තවනත් පොත දිහාම බලාගෙන කුමාරය කියුවා
මම නිකම්ම කුමාරය ඉස්සරහ තිබුන පුටුවෙ වාඩි උනා
""දේශගුන විපර්‍යසයට විරුද්ධව තරුණයන් බලමුලු ගැන්විය යුත්තේ කෙසේද""
කුමාරය අපිට අදාල මාතෘකාව කියන ගමන් පොත මේසෙ උඩින් තියල මගේ දිහා කෙලින්ම බැලුවා
රෝසපාට තොල් දිලිසෙන දුබුරු ඇස් මගේ කෙලින්ම මම දිහා බලන්
ඒතරම් රෝස පාටට දිලිසෙන තොල් දෙකක් මම කෙල්ලෙක්ගෙවත් දැකලා නෑ
""මගේ මූනෙ පෙරහැරක් යනවද...කට ඇරන් බලන් ඉන්නෙ...නැත්තම් තමුන්ගෙ මානසිකත්වයෙ වියාකූල බවක් තියෙනවද?""
කුමාරය ගොරවපු විදියෙන් මාව ගැස්සිලා ගියා
හේතුවක් නැතුවම මගේ හිතට ලොකු තරහක් ආව
මේ ගෙබ්බගෙ තියෙන ආඩම්බරේ මගේ වයසෙ කොල්ලෙක් නෙ..ඇයි මූට චිල් වෙලා ආතල් එකේ ඉන්න බැරි...උගේ ලොකු කම් කින්සින්ටන් මාලිගාව ඇතුලෙ විතරක් තියාගත්තාවෙ...මම නිදහස් ඇමරිකානුවෙක්...මේකගෙ වහලෙක් නෙවෙයිනෙ
""ඔවූ ඒක අපේ මාතෘකාව මම දන්නව....තමුන් මොනද මේ මේතෘකාවා ගැන හොයාගත්තෙ...මෙච්චර වෙලා ඔලුව උස්සන්නෙ නැතුව කියවපු පොතෙන් මොනවත් කරුනක් හොයාගන්න බැරි උනාද""
කුමාරයගෙ ලොකු කමෙන්ම ඌටම ප්‍රහාරයක් එල්ලකරන්න හිතන් මම කියුව.
"එක්ස් කියුස්මී ...මට හරියටම තමුසෙ කියපු දේ ඇහුනෙ නෑ""
""දෙසැරයක් කියන්න තරම් ඔබ බීරී කියල මම හිතන්නෙ නෑ...අපි වැඩ කරන්න පටන් ගනිමු"
කුමරයගෙ නලිය ඇහිබැම මගහැරල මම අයිපෑඩ් එක අතට අරන් ටයිප් කරන්න පටන් ගත්තා
""ඔබ කාටද කතා කරන්නෙ කියන එක දන්නවද?"
""ඔබේ රටේ කොහොමද කියලනම් මම දන්නෙ නෑ...ඇමරිකාවෙනම් සලකන්නෙ වැඩේ කරන්නෙ කාත් එක්කද කියන එක නෙවෙයි වැඩේ මොනතරම් හොදට කරනවද කියන එක විතරයි...මට ඔබ කවුරු උනත් කමක් නෑ මගෙත් එක්ක මේ වැඩේ හරියට කරගෙන යනවනම්""
කුමාරයගෙ සුදු මැලි මූන ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් එකක් තරමටම රෝසපාට වෙන එකෙන් මට පෙනුනා මිනිහට මල පැනගෙන එන බව
""ඕ...මට අමතක උනා හැම ඇමරිකානුවෙක්ම යුරෝපෙන් ආපු මහත්වරු නොවෙන බව...ඇමරිකාවෙන් බාගයක්ම පිරිල තියෙන්නෙ මෙසිකෝවෙන් ආපු ගොපල්ලන්ගෙනුයි පස්සෙ කාලෙදි හික්මවපු ගෝත්‍රිකයන්ගෙනුයි කලු වහල්ලුන්## ගෙනුයි නේ""
ඔන්න කුමාරය දැන් දැන් මගේ ඉවසීමෙ සීමාව පරික්ශා කරනව...මේවගේ ජාතිවාදී කතා කිසිම විටක ඇමරිකාවෙ අපි ඉවසන්නෙ නෑ.
(ඇත්තටම කියුවොත් ඇමරිකාවෙ තියෙන්නෙ හරින දෙබිඩි පිලිවෙතක් කතා කරද්දි සමානාත්මතාවය තිබුනට වැඩ කරද්දි ඒ තරම්ම සමානාත්මතාවයකුත් නෑ)
""මිස්ටර් පෝල් තමුසෙට ඕනෙ ඇමරිකාවට අපහාසකරන්නද එහෙමත් නැත්තම් මේ වැඩේ ඉවර කරන්නද?....අපහාස කරන්න ඕනෙනම් මම ලග තියෙනව තමුසෙ ලග තියනවට වඩා ස්තරම් වචන සෙට් එකක් "
""ඕ හ්හ්..ඇලෙක්ස් තමුන්ට ඕනෙ තරම් කුනුහරුප කියන්න පුලුවන් ඇති...නිවු මෙක්සිකෝවලින් ආපු කෙනෙක්ගෙන් ඊට වැඩිය දෙයක් මට බලාපොරොත්තු වෙන්න බැ. මට තේරුම් ගන්න බෑ ඇමරිකාවට ඇයි ඔය තරු 50හම් එකට තියාගන්න ඕනි..කඩාවැටෙන තරු ගලවල දැම්මනම් ඇමරිකාව මීටවඩා ලස්සනට බැබලෙනව"
පෝල් ඇදලගත්තෙ ඇමරිකාවෙ ප්‍රසිද ඩිබෙට් එකක්. ඇමරිකන් කොඩියෙ තරු 50න් ප්‍රාන්ත 50පෙන්වනව. සමහරු කියනව දුප්පත්ම ප්‍රාන්ත ඇමරිකාවෙන් අයින් කරානම් රට මීටවඩා දියුනු කරන්න පුලුවන් කියලයි. දුප්පත් ප්‍රාන්තවල දුප්පත් මිනිස්සු නඩත්තු කරන්න පෝසත් ප්‍රාන්ත කැමති නෑ.
අපිව කන්ෆරන්ස් එකේදි වාඩි කරල තිබුනෙ ප්‍රාන්තවල දුප්පත් පෝසත් පොලිවලටයි. මමයි මම වටේ හිටපු කලු කොල්ලො කෙල්ලො සෙට් එකයි ඔක්කොම දිප්පත්ම ප්‍රාන්තවල අය.
මේරිලන්ඩ්, මැසචුසෙට්, නිවු ජර්සි කැලිෆෝනියා වොශින්ටන් වගේ පෝසත් ප්‍රාන්තවලින් වලින් ආපු පෝසත් කොල්ලො කෙල්ලො ඉස්සරහම ටේබල් එකක වාඩිවෙලා හිටියෙ
මේ ටේබල් ඇරේන්ජ්මන්ට් එක මගෙ හිතට ඒ තරම් ඇල්ලුවෙ නෑ. පෝල් දුප්පත් පෝසත් කතාව ඇදලගත්තම මට ඒක තදින්ම හිතට දැනුනා.
ඒ එක්කම කල්පනා උනා පෝල් කොහොමද මම ආපු ප්‍රාන්තෙ දැනගත්තෙ
ඒකට උත්තරේ මගේ බෙල්ල පහලින් එල්ලි එල්ලි තිබුනා
පෝල් දකින්න ඇති මම බෙල්ලෙ එල්ලගෙන ඉන්න ටැග් එක. ඒකෙ මගෙ නමයි ප්‍රාන්තයයි රටයි සටහන් වෙලා තියෙනව.

VIP ( වී අයි පී )Where stories live. Discover now